Monday 11 May 2020

සංගීත


විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  කෝඩ්ස් සංකල්පය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.11
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම,

අද අපි දෙවන වාරයට නියමිත කෝඩ්ස් සංකල්පය පාඩම අධ්‍යයනය කරමු.මෙම පාඩම බටහිර සංගීතය කොටසේ සටහන් කර ගන්න.


කෝඩ්ස් සංකල්පය

කෝඩ්ස් සංකල්පය බටහිර සංගීත සංකල්පයක් ලෙස හැදින්විය හැක.බටහිර සංගීත පද්ධතිය තුළ කෝඩ්ස් සංකල්පය බහුලව භාවිත වුව ද ශ්‍රී ලාංකේය ව්‍යවහාරික සංගීතය තුළ කෝඩ්ස් භාවිතය බහුලව දැක ගත හැක.කෝඩ්ස් යනු ස්වර සංකලනයක් ලෙස සරලව දැක්විය හැක
එකිනෙකට ගැලපෙන්නා වූ ස්වර කීපයක් එකවර හැඩවීමෙන් උපදවාගනු ලබන ස්වර සංකලනය "කෝඩ්ස්" නමින් හදුන්වයි.මෙම ස්වර සංකලනය කිසියම් රටාවකට අනුව නිර්මාණ වී ඇති අතර එහි ගණිතමය නිතියක් ද ඇති බව පරිශීලනය කිරීමේ දී දැකිය හැක.ඒ නියතියට අනුව ඒ ඒ ස්වර සංකලන වලට යෙදෙන නාමයන් ද වෙනස් වේ. එනම්,



බටහිර සංගීත ක්‍රමයේ ඇති සියලුම කෝඩ්ස් සෑදෙන්නේ ඉහත දක්වා ඇති ස්වර 12 න් ස්වර 3 ක් හෝ 4 ක් එකවර හැඩවීමෙනි.කෝඩ් එකක් නිර්මාණය වීම සදහා අවම වශයෙන් ස්වර 3ක්වත් අවශ්‍ය වේ. බටහිර සංගීත පද්ධතියට අනුව ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග 2 ක් හදුනා ගත හැක.

1.මේජර් කෝඩ්ස් (Major Chord's)
2.මයිනර් කෝඩ්ස් ( Minor Chord's)


මීට අමතරව එක් ස්වරයකින් තවත් කෝඩ්ස් ගණනාවක් බිහිවන අතර එසේ බිහිවන්නා වූ කෝඩ්ස් ප්‍රබේධ කීපයක් යටතේ හදුනා ගත හැක.

* Seventh 
* Sus
* Augmented 
* Diminish 
* Added 6th

* Added 9th


විද්‍යුත් ස්වර පුවරුවක ගීතයක් වාදනය කිරීමේ දී වම් අතින් ගැලපෙන කෝඩ්ස් ඉතා අලංකාරවත්ව වාදනය කල හැක.ගීතයක මධුරතාවය හා විචිත්‍රත්වය කෝඩ්ස් වාදනය මගින් ලබා දේ.

1. මේජර් කෝඩ්ස් (Major Chord's)


ස්වර පුවරුවක අදාල ස්වරයේ සිට පිළිවෙලින් පස් වන හා අට වන යතුරු තුනට අදාළ ස්වරයන් එකවර හැඩවීමේ දී මේජර් කෝඩ් එකක සංකලනය සිදුවේ.මේජර් කෝඩ් එකක් සෑදීමේ දී පළමුව පහත දැක්වෙන ආකාරයට පෙරදිග ක්‍රමයට හා අපරදිග ක්‍රමයට ස්වර දොළොස අනුපිළිවෙළින් ලියා ගත යුතු වේ.එය පහත පරිදි මෙසේ දැක්විය හැක.



එවිට 1,5,8 යන අංක වලට ලැබෙන්නේ අදාළ ස්වර සංකලනයෙන් මේජර් කෝඩ් එකකි.ප්‍රධාන වශයෙන් මේජර් කෝඩ්ස් 12 කි.



මේජර් සලකුණ ලියා දැක්වීමේ දී අදාළ සලකුණට (ස්වරයට) දකුණු පස ඉහළින් කැපිටල් (M) සලකුණ යෙදී ඇත්නම් එය මේජර් සලකුණයි.සමහර අවස්ථා වල කිසිදු සලකුණක් නොමැතිව කෝඩ්ස් ලියා ඇත්නම් එය මේජර් කෝඩ්ස් ගණයට අයත් වේ.




ප්‍රධාන මේජර් කෝඩ්ස් (12) ස්වර පුවරුවක පිහිටන අයුරු
















2.මයිනර් කෝඩ්ස් (Minor Chord's) 


මයිනර කෝඩ්ස් සාදා ගැනීමේ දී ඉහත ආකාරයටම පෙරදිග හා බටහිර ස්වර 12 පිළිවෙලින් ලියා ගත යුතුය.එය පහත පරිදි මෙසේය.




ස්වර පුවරුවක අදාල ස්වරයේ සිට පිළිවෙලින් 4 හා 8 යන යතුරු 3 ට අදාළ ස්වරයන් එකවර හැඩවීමේ දී මයිනර් කෝඩ් එකක සංකලනය සිදුවේ.ප්‍රධාන වශයෙන් මයිනර් කෝඩ්ස් 12 කි. ඒවා පහත පරිදි මෙසේය.




* මයිනර් කෝඩ්ස් ලියා දැක්වීමේ දී අදාළ ස්වරයට දකුණු පස ඉහළින් සිම්පල් (m) සංකේතය යොදනු ලබයි.ඉහත දක්වනු ලැබූ (1),(4),(8) අංක වලට හිමි යතුරු ස්වර පුවරුවෙන් අංකනය කරගනු ලබන්නේ ස්වර පුවරුවෙහි ඇති කළු යතුරු ද යොදා ගනිමිනි.ප්‍රධාන මයිනර් කෝඩ්ස් 12 ට අදාළ ස්වයන් පහත පරිදි වගු ගත කර දැක්විය හැක.



හොදයි පුතේ එහෙනම් අදට කෝඩ්ස් පාඩම අවසානයි.මෙම පාඩම  සටහන් කර හොදින් අධ්‍යයනය කරන්න.ගැටළු ඇත්නම් මා වෙත යොමු කරන්න.

පසුගිය දිනයේ විභාග ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු මෙසේය.

(1) 2
(2) 1
(3) 3
(4) 4
(5) 3
(6) 4
(7) 3
(8) 2
(9) 1
(10) 4 
(11) 1
(12) 3
(13) 1
(14) 4
(15) 3
(16) 1
(17) 4
(18) 1
(19) 4
(20) 4
(21) 2
(22) 3
(23) 4
(24) 2
(25) 1
(26) B
(27) D
(28) A
(29) C
(30) A
(31) 3
(32) 2
(33) 4
(34) 4
(35) 2
(36) 24 යි.
(37) රාගයක අදාළ ස්වර වේගවත්ව ගායනය වාදනය කිරීම.
(38) රි,ග,ම,ධ,නි ( ග,නි කෝමළ විය යුතුයි.)
(39) නාඩගම් - මද්දලය 
        නූර්ති - තබ්ලාව 
(40)
X            2            0         3

| ධි නා |ධි ධි නා|ති නා| ධි ධි නා|

තෙරුවන් සරණයි 

ආයුබෝවන් 🙏








No comments:

Post a Comment