විෂය - චිත්‍ර
ගුරුභවතා - භාරත කුමාර රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය - 2020.05.29
වේලාව - ප.ව. 02.00 - ප.ව. 04.00
.................................................................
ආයුබෝවන් දරුවනේ
අද අපි විමසා බලන්න සුදානම් වන්නේ
පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාන පිළිබඳවයි
එහිදී අපි
පොළොන්නරුවේ නිශ්ශංක ලතා මණ්ඩපය
පොළොන්නරුවේ වටදාගෙය
ශිව දේවාල අංක 01
හා ශිව දේවාල අංක 02
පිළිබඳව විමසා බලනවා
නිශ්ශංක ලතා මණ්ඩපය
නිශ්ශංක ලතා මණ්ඩපය
ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී වූ නිර්මාණයක් ලෙස සැලකෙන මේ ගොඩනැගිල්ල කි‍්‍ර. ව. 12වැනි සියවසේ - කි‍්‍ර.ව. 1187 - 1196 අතර කාලයේ නිර්මාණයක් ලෙස සැලකේ. මේ නිර්මාණය පොළොන්නරුවේ රාජ්‍යපදවියට පත් නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද්දකි. ගල් කණු දක්වා ඇති මණ්ඩපය ආයතචතුරශ‍්‍රාකාර හැඩයකින් යුක්තය. අනුරාධපුරයේ ජේතවනාරාමය අසල ඇති නිර්මාණවලට සමාන අයුරින් ගල් ගරාදි වැටකින් වටකර ඇත.
මේ මණ්ඩපය මධ්‍යයෙහි කුඩා බුබ්බුලාකාර දාගැබක් හා එයට පිවිසීම ස`දහා එක් පසක වන දොරටුවකි. දාගැබේ පාදමේ වාඩිවී වන්දනාවේ යෙදෙන මානව රූප කැටයම් සහිතය. මේ ගොඩනැගිල්ලේ දැකිය හැකි සුවිශේෂ ලක්‍ෂණය වන්නේ අලංකාර ලෙස නිර්මාණය කළ කුලූනුය. එක කුලූනක උස අඩි 7කි. මේ කුුලූනු එතෙක් දැකිය හැකි වූ ඍජු බවෙන් වෙනස් ව සොබාදහමේ රිද්මයානුකූල හැඩතල අනුව නිර්මාණය කර තිබේ. නෙළුම් ශාකයේ අංග රිද්මයානුකූල ලෙස භාවිත කර මේ කුලූනු නිර්මාණය කර ඇත.
කුලූනු හිස අඩක් පිපුණු නෙළුමක ස්වරූපයට නිර්මාණය කර ඇත. ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වූ නිර්මාණයක් සේ සැලකෙන මේ ගොඩනැගිල්ල නිශ්හංක මලල රජතුමා ධර්මය ශ‍්‍රවණය කිරීම, දළදා වහන්සේ වන්දනා කිරීම හා පිරිත් ශ‍්‍රවණය වැනි ආගමික කටයුතු ස`දහා ඉදිකළ බව එහි ඇති සෙල් ලිපියක ස`දහන් වේ.
මධ්‍යයෙහි කුඩා බුබ්බුලාකාර දාගැබ
එයට පිවිසීම ස`දහා එක් පසක වන දොරටුව
මීලගට අපි පොළොන්නරු වටදාගෙය පිළිබඳව විමසා බලමු
පොළොන්නරු වටදාගෙය
පොළොන්නරු දළදා මළුවට ඇතුළු වූ විිට වම් පසින් වටදාගෙය හෙවත් වෘත්තාකාර ධාතු මන්දිරය දැකිය හැකිය.
දළදා මළුවේ පිහිටි ගල්පොත නම් සෙල් ලිපියේ ස`දහන් වන පරිදි පොළොන්නරු වටදාගෙය නිශ්ශංකමල්ල රජතුමාගේ නිර්මාණයක් ලෙස සලකන අතර එය පරාක‍්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් ලෙස ද අනුමාන කෙරේ.
වටදාගෙයට පිවිසීමේ දි ඇති පළමු සලපතළ මළුවට පසුව ඇති දෙවැනි සලපතළ මළුව මධ්‍යයෙහි දාගැබකි.
සලපතළ මළු මාලක යන නමින් ද හැ`දින්වේ. මාලක දෙකෙහි ම බිම ගල් අතුරා ඇත.
සිලාපත්‍ථර - සලපතළ යන්නේ තේරුම ගල් ඇතුරූ යන්නයි.
පළමු සලපතළ මළුවට පිවිසීම ස`දහා එක් දොරටුවක් හා දෙවැනි සලපතළ මළුවට පිවිසීම ස`දහා දොරටු සතරක් ද වේ.
මේ සෑම දොරටුවක් ම කොරවක් ගල් ස`දකඩ පහණ මුරගල් හා පියගැට පෙළින් අලංකාර වූ ද්වාර මණ්ඩප සහිතව නිර්මාණය කර ඇත.
මේ විඩියෝවේ පොළොන්නරුව වටදාගෙය පිළිබඳව විස්තරවේ එම කෙටස නරඔන්න
ශිව දේවාලය අංක 1
13වැනි සියවසේ ඉදිවූ හින්දු දේවාලයක් ලෙස සැලකේ. මේ දේවාලය දකුණු ඉන්දිය ගෘහ නිර්මාණ ලක්‍ෂණ පෙන්නුම් කරන බව විද්වත් මතයයි. හින්දු ගෘහ නිර්මාණ ලක්‍ෂණ වන මණ්ඩප, ගර්භගෘහ හා අන්තරාල යනාදියෙන් මෙය සමන්විත වේ. මේ දේවාලයේ ඇති විශේෂත්වය වන්නේ බදාම භාවිත නොකොට නියමිත පරිද්දෙන් කපා කොටස් කරන ලද පාෂාණ ඒකාබද්ධ කර ඇති ආකාරයයි. එම කපා සකස් කර ගත් කලූගල් මගින් බිත්තියේ බාහිර හැඩ මතුකර ඇති අතර එම ගල්බිත්ති මත බොරදම් හා විමාන හැඩ දක්නට ඇත. කුලූනු ස`දහා නෙළුම්මල් හැඩ යොදා ගෙන ඇත. මෙහි ශිඛරය නිර්මාණය කර ඇත්තේ ගඩොලින් බව ශේෂව ඇති සාධක අනුව පෙනී යයි. ශිව දෙවියන් ඇදහීම උදෙසා නිර්මාණය කරන ලද ලෝකඩ මූර්ති රැුසක් මේ දේවාලයෙන් හමු වී ඇත.
ශිවදේවාලය අංක 2
පොළොන්නරුව පුදබිමේ හමුවන අංක 2 ශිවදේවාලය 10වැනි සියවසේ චෝල පාලන සමයේ ඉදිකරන ලද්දක් සේ සැලකේ. පොළොන්නරු යුගයට අයත් ඉපැරණි ම ශිවදේවාලය මෙයයි. මේ දේවාලය වානවන් - මාදේවී - ඊශ්වරම් - උදෙයියාර (ඉසාරමුදියර්) බව එහි ඇති ශිලා ලිපියක සදහන් වේ. මෙය මෙකල සොලී රාජ්‍යයේ අග රජු වූ මහාරාජරාජගේ මෙහෙසිය සිහිවීම පිණිස ගොඩනංවන ලද්දකි. හැඩගන්වන ලද පාදමක් මත ගොඩනගා ඇති
මේ දේවාලයේ පිටස්තර බිත්ති අන්තර් සම්බන්ධතා සහිත ස්ථම්භවලින් අලංකාර කර ඇත. මේ ස්ථම්භවලට ඉහළින් පිරමීඩාකාර පියස්සකි. එම පියස්ස මහල් (කොටස්) තුනකින් සමන්විත විමානයකින් හා එය වසා සිටින අටපට්ටම් ශිඛරයකින් සමන්විත වේ. මේ දේවාලය ඉදිකිරීමේ දී බදාම අවම වශයෙන් භාවිත කර නියමිත පරිද්දෙන් කපා කොටස් කරන ලද පාෂාණ එකට එක්වන සේ සවිකර ඇත. දකුණු ඉන්දීය චෝල ගෘහ නිර්මාණ ලක්‍ෂණ හො`දින් නිරූපණය වන මෙහි අභ්‍යන්තර මණ්ඩප, අන්තරාලය හා ගර්භ ගෘහය යනාදි කොටස් වේ.
ගර්භ ගෘහය තුළ ශෛලමය ශිව ලිංගයක් තැන්පත් කර ඇත. මේ ශිව දේවාලයේ පුරාවිද්‍යා කැණීම්වල දී නටරාජ හා පාර්වති රූප ඇතුළු හින්දු ප‍්‍රතිමා රැසක් ද හමු වී ඇත.
මේ සටහන හොඳින් අධ්‍යනය කොට කෙටි ප‍්‍රශ්න 20ක් පිළිතුරු සහිතව සාදන්න.
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏