Friday, 22 May 2020

ව්‍යාපාර අධ්‍යන්‍යය හා ගිණුම්කරණය

විෂය         -   ව්‍යාපාර අධ්‍යන්‍යය හා ගිණුම්කරණය
ගුරුභවතා -   එල්.ඒ. ධර්ම ඉන්දික මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.22
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00

...........................................................

AudioTrack🔊 

AudioTrack🔊

AudioTrack🔊

පුරවැසි අධ්‍යාපනය

විෂය         -   පුරවැසි අධ්‍යාපනය
ගුරුභවතා -   මලිත් අතුකෝරාල
පන්ති පැවැත්වූ දිනය -  2020.05.22
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00

...........................................................

AudioTrack🔊 

AudioTrack🔊

බුද්ධ ධර්මය

විෂය         -     බුද්ධ ධර්මය
ගුරුභවතා -   කුමාරගම විමලරංසි හිමි
පාඩම       -   පුද්ගල විසමතා සහ කර්මය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.22
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00

.........................................................

ආයූබෝවන් දරුවනේ

ඉහත සදහන් කර්මය පිලිබඳ තොරතුරු දෙස අවධානය යොමු කරන්න හොඳට කියවන්න

දරුවනේ මෙ ලිපිය ත් කියවමු හෑගොඩ විපස්සී හිමි විසින් රචිත ලිපියකි .උපුටා ගැගැනීමකී ...

Dharma Paryeshanalaya
Home
ධර්ම පර්යේෂණාලය ගැන
හෑගොඩ ‍ඛේමානන්ද හිමියෝ
ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු
දිනපොත
අමතන්න
Home » වටිනා ධර්ම කරුණු » කර්මය හා පුනර්භවය
කර්මය හා පුනර්භවය
FacebookTwitterShare
බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි.

එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය) ප්‍රාග් බෞද්ධ (බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර) ඉගැන්වීමවල න්‍යාය වන අතර, චරණය වන්නේ අත්තකිලමාතානු යෝගයයි. භාෂාත්මක හේතු මත බැලු බැල්මට බෞද්ධ හා සෙසු ඉගැන්නීමවල හුදු සාම්‍යයක් දක්නට ලැබෙතත් එය සත්‍යයක් නොවේ. මක්නිසාද යත්, බෞද්ධ කර්මවාදය හා පුනර්භව වාදය පටිච්චස්මුප්පාදය (ප්‍රතීත්‍යනනසමුත්පාදය) හෙවත් හේතුඵල වාදය මත පිහිටා දේශනා කොට ඇති බැවිනි.

කෙසේ වුවත් මෙහි පරමාර්ථය උක්ත ප්‍රස්තුතය පිළිබඳව විධිමත් ලෙස විවරණය කිරිම නොව කර්ම හා පුනර්භවය අතර පවත්නා අන්යේ‍න්යි සම්බන්ධය පැහැදිලි කරමින් කර්ම විපාකයන් වශයෙන් මිනිසුන්ගේ ආයුෂ හීනවීමට හේතු සංක්ෂිප්තව පැහැදිලි කිරීමය.

කම්ම යනු බුද්ධ වචනය හෙවත් පාලි පදයයි. එහි සංස්කෘත ව්‍යවහාරය කර්ම යනුයි. එයම මිශ්‍ර සිංහලයේ ද භාවිත කෙරේ. ක්‍රියාව, වැඩ යන්න එම පදයේ සාමාන්‍ය අදහසයි. එසේ වුවත් බෞද්ධ වචන මාලාවේ කර්ම යනු විශේෂ වූත්, පුළුල් වූත්, ගැඹුරුවත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට ව්‍යවහාර කෙරේ. එනම් සත්වයාගේ අගක් මුලක් නොපෙනෙන සංසාරික ප්‍රළවෘත්තියට (පැවැත්මට) මෙන්ම සැප දුක විඳීමට හේතු වන්නා වූ බලවේගය කර්ම යනුයි. එමෙන්ම කර්මය යන මූලධර්මයේ අභිප්‍රාය වන්නේ තමා සකස් කර ගනු ලබන්නේ තමා විසින්ම යන කරුණු පැහැදිලි කිරීමයි. කර්ම විෂය අචින්ත්‍යයමයි. කර්මයක් නැතිව සත්වයාගේ පුනර්භවය සිදු නොවන්නේය. කම්මක්ඛය යනු නිවනට පර්යාය නාමයක් වන බැනින් කර්මක්ෂය කිරීමෙන් මනුසත්වයාගේ පුනර්භවය ද නොවන්නේය. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් නිවන් අවබෝධ කොට ගත් උතුමෝ පුනර්භවය හෙවත් නැවතහට නොගන්නෝය. එම නිසා යම් පුද්ගලයෙකුගේ පුනර්භවයක් තිබේ ද එතැන කර්ම රැස් වන්නේය. යම් තැනක කර්ම රැස්වන්නේ ද එතැන පුනර්භවය හට ගන්නේය.

කම්මා විපාක වත්තන්ති – විපාකො කමම සම්භවො
තස්මා පුනබ්භවො හොති – එවං ලොකො පවත්තති

කර්මය නිසා විපාක පවතී. විපාකය කර්මයෙන් හටගන්නේය. එහෙයින් පුනර්භවය හෙවත් නැවත භවය වේ. මෙලෙස ලෝකයෙහි සත්වයාගේ පැවැත්ම වෙයි, යනුවෙන් විශුද්ධි මර්ගයෙහි අන්තර්ගතයි.

පුනර්භවය (පුනබ්භව) පුනරුප්පත්තිය, පුනර්ජන්ම යන වචන පොදුවේ මතු ඉපදීම සඳහා ව්‍යවහාර කෙරේ. එහෙත් බුදු දහමේ උගන්නවන්නේ පුනර්භවයයි. මක්නිසාද යත්, පුනර්ජන්මය හෝ පුනරැප්පත්තිය යන වචනවලින් අදහස් කරන්නේ භවයෙන් භවය සැරිසරණ නොමියෙන, නිදිරණ ආත්මයක්, ජීවයක්, ප්රාගණයක් ගැනයි. එම නිසා බෞද්ධ ව්‍යවහාරය වන්නේ පුනර්භවය යන්නයි. ත්‍රිපිටකයේ සෑම තැනකම අන්තර්ගත වන්නේ “නැවතවීම” යනාර්ථය ඉදිරිපත් වේ. අභිධම්ම විභාවිනී ටීකාවේ පුනර්භවය සඳහා අර්ථ දෙකක් ඉදිරිපත් කොට තිබේ.

1. මොහොතක් පාසා පුද්ගලයා සහිත ලෝකය ඇති වෙමින් නැති වෙමින් පැවතීම.
2. මරණයෙන් පසු පුද්ගලයා නැවත භවයක ප්රිතිසන්ධිය ලැබීම.

මෙයින් පළමු අර්ථය පිළිබඳ අපගේ වැඩි අවධානයක් නොමැති නිසා බහුතරයක් ධාර්මික ලෙස ජීවත් වෙති. පුනර්භවයක් නොමැති තැන කර්ම රැස් වන්නේ නැත. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං යන ප්ර ථම උදාන දේශනාවෙන් පැහැදිලි වන්නේ ආත්මභාවය නැමැති ගෙය සාදන වඩුවා දක්නා ලද නිසා නැවත උපතක් නොවන බවත්ය. මෙහි තෘෂ්ණාව යනු කර්මයයි. කර්මය යනු කුමක්දැයි පැහැදිලි කරන අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ නිබ්බේධික සූත්රායෙහි “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි”. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙය ඉතා කෙටි දේශනයකි. මෙම දහම් පදය අවබෝධ කර ගැනීමට අභිධර්මය පිළිබඳ අවබෝධයක් අවශ්යෙය. මක්නිසාද යත් චේතනාවම කර්මය නොවන බැවිනි. චේතනා යනු දෙපණස් චෛතසිකයක් පමණයි. හුදෙක චෛතසික පමණක් සිත්හි නූපදී. මෙ පිළිබඳ විග්රෙහයක් කිරීමට මෙහි අවකාශ නැත. කෙසේ වුවත් පඤචස්ඛන්ධ විභාගයේදී චේතනාව සංස්කාරස්ඛන්ධයටත් පටිච්චසමුප්පාද ධර්මයේ ද්වාදශ අංගයේදී සංස්කාර ප්රෛත්ය වශයෙන් ද නාම රූප විභාගයේදී නාම කොටස ද සතර ආහාරයේහි ලා මනොසඤ්චේතන ආහාරයට ද කර්ම ඇතුළත් වේ.

සත්වයෙකු යම් ආත්ම භවයක ඉපිද මරණයට පත්වන විට ඔහුගේ මරණාසන්න චිත්තයට කර්මය – කර්ම නිමිත්ත – ගති නිමිත්ත යන කරුණු තුනෙන් එක් දෙයක් අරමුණු වෙයි. මෙ අනුව අලුත් භවයක සත්වයා උපදින විට අලුත් භවයේ පළමුවන සිත අතීත භවය හා වර්තමාන භවය ප්ර්තීත්යකසමුත්පන්නව සම්බන්ධ කරන්නක් වැනිය. එම නිසා එයට ප්රයතිසන්ධි ච්ත්තය යැයි කියනු ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ පුනර්භවයක් නොමැතිව කර්මයක අවශ්ය තාවක් නොවන බවයි. ඉහතින් කී පරිදි කර්මක්ෂය කිරීම නිර්වාණයයි. (කම්මඛධන්ධයො නිබ්බාණං) කොටින් කිවහොත් පුනර්භවය සඳහා ඉන්ධන වන්නේ කර්මයයි.
මේ ආකාරයෙන් පුනර්භවය වන සත්වයාගේ හීන, ප්‍රණීත (පහත්, උසස්) වීමට හේතු වශයෙන් මජඣිම නිකායේ චුල්ලක්ම්ම විභංග සූත්රායේ, ” කම්මස්සකා මානව සත්තා කම්මයොනි කම්මබත්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතනාය” මානවකය, සත්වයා කර්මය ස්වකීය කොට ඇත. කර්මය දායාද කොට ඇත, කර්මය ඥාති කොට ඇත. සත්වයා පහත් උසස් තත්වයට පත් කරන්නේ කර්මය යැයි සඳහන් වෙයි. මෙහිදී ආයුෂ අඩුවීමට හේතු වශයෙන් වදාළේ ප්රාසණඝාත අකුසලය කිරීමේ හේතුවෙන් මරණින් මතු අපාගත වන බවත් මිනිසත් බවට පත් වූයේ නම් ආයුෂ අඩුවන බවත්ය.

“ප්‍රාණ” යනු ලෝක ව්‍යවහාරය අනුව යම්කිසි සත්වයෙකි. එම සත්වයා මනුෂ්‍යයෙක් හෝ තිරිසනෙක් හෝ විය හැකිය. සම්මුතුය එය වුවත් පරමාර්ථ වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත. එබැවින් මෙහි “ප්‍රාණ” යැයි කියන්නේ නාමරූපව ක්‍රමිකව සිදුවන්නේය. එසේ සිදුවන්නට ඉඩ නොදී ප්‍රාණ ඝාතනය කරන්නේ නම් ඒ ඝාතකයාට ඊට සරිලන විපාක විඳීමට සිදුවෙයි. මෙය වෙනත් අයුරකින් පැවසුව හොත්, මනුෂ්‍යයෙකුට හෝ තිරිසනෙකුට හෝ කර්මය අනුව හිමි වූ ඒ ඒ ආත්මභාවයට සරිලන ආයුෂ ප්‍රමාණය විඳීමට ඉඩ නොදී යමෙකු විසින් ඔහු ඝාතනය කරනු ලබන්නේ ද එහි විපාක වශයෙන් එම ඝාතකයා නැතහොත් පුද්ගලයාගේ මතු ආත්මභාවයකදී ආයුෂ අඩු වන්නේය.

ප්‍රාණඝාතය බහුල වශයෙන් කරන්නා නිරයෙහි උපදියි. තිරිසන්ගතව උපදියි. ප්‍රේතවීෂයෙහි උපදියි. මිනිසත් බව ලැබුවේ නම් ආයුෂ අඩුවෙයි. (යො සබ්බලහුසො පාණතිපාතස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුක් සංත්තනිකෝ හෝති ) යනුවෙන් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අපාය සංවත්තනික සූත්‍ර‍යෙහි සඳහන් වෙයි. කර්මය හා එලය අතර පවත්නා සම්බන්ධතාව අනුව මේ විපාක ඇතිවෙයි. ” යාදීසං චපතෙ බීජං තාදිසං හරතෙ එලං ” වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් මෙය තේරුම් ගත යුතුය. මෙසේ ඇතිවන අනුරූප විපාක අටුවාවේ හඳුන්වා ඇත්තේ ” කම්මසරික්ඛතා ” යනුවෙනි. පන්සිල් අටසිල් ආරක්ෂා කරන්නා නිරන්තරයෙන් දීර්ඝායුෂ විඳින බව ජාතක පාලියේ මහාධර්මපාල ජාතකයෙන් හෙළිවෙයි.

සත්වයාගේ එක් භවයක් අවසානය මරනයෙන් සංකේතවත් වන අතර තවත් භවයක හට ගැනීම උපතින් සංකේතවත් කිරීම සඳහා පුනර්භවය සහිත සංසාර ප්‍රවෘත්තිය අත්‍යවශ්‍ය වන බව කරමක් දුරට හෝ අවබෝධ කළ හැකිය.

කර්මය පුනර්භවය වැනි සංකල්ප තේරුම් ගැනීම දුෂ්කරයි. පුහුදුන් මිනිස්සු විවිධ දැනීම හා සසඳමින් මෙවැනි කරුණු විශ්වාස නොකරති. එම නිසා තමන්ට අවිනිශ්චිත වූ හෝ අවීෂය වූ හෝ කාරණයක් ගැන පිළිපදින ක්‍රමය බුදු දහමෙහි හ්ඳුන්වන්නේ අපණ්ණක පටිපදාව වශයෙනි. මෙම ගැඹුරු ධර්ම පර්යාය පිළිබඳ සුභාෂිතයේ පහත සඳහන් කවිය ඉතා වැදගත් වේ.

ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නො තබා ම සිත
නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

FacebookTwitterShare
March 15, 2015 හෑගොඩ විපස්සි හිමිවටිනා ධර්ම කරුණු, විශේෂාංග
About හෑගොඩ විපස්සි හිමි

«සීවලී පිරිත – ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්බුදු දහමේ ජාතිවාදයක් නැහැ»
Search
Facebook පිටුවට Like කරන්න

පරිවර්තන ලිපි
කල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද?
මනස පාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය
A serious threat created by destructive cults, operating in Sri Lanka
මාර්ගඵල සහතික පිරිනැමීම අද විලාසිතාවක් වෙලා
රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ - හෑගොඩ විපස්සි හිමිනිර්මල බුදුදහම පන්දහසක් කල් ආරක්ෂාවන්නේ ලංකාදීපයේ බවට කියමනක් ... Read More
මත්ද්‍රව්‍ය උවදුර ජාතියටම හානියක්
                        ලිපිය විශාල කියවීමට ... Read More
සූත්‍ර දේශනා Metta Sutta | Ven Hegoda Vipassi Thero
බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! Read More
බෞද්ධ කොඩියේ ඉතිහාසය
බෞද්ධ කොඩිය රාජ්‍ය වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් ... Read More
නිවන් දැකීම හෝ වෙනත් එවන් කාරණාවක් යැයි කියමින් අද බොහෝ පිරිස් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වෙනවා
ගිහි සහ පැවිදි සමාජයන් ගත් කල්හි පැවිදි සමාජයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. එම පැවිදි සමාජය ... Read More
ඔය හාමුදුරුවො රහත් වෙලා නෑ
තමන් නිවන් දැකපු කෙනෙක් බව පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියෝ ඉකුත් සතියේ ඉරිදා ලංකාදීපයට ... Read More
බුදුන් උපන්නේ ලංකාවේ බව කීම මිත්‍යාවකි
මෙම ආරම්භය අනුව මෙම පුද්ගලයා පවසන්නට උත්සහ ගෙන අැත්තේ, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවුයේ ශ්‍රි ලංකාවේ ... Read More
ධර්මය නිවැරදිව දකින්න කළ පව් සමා කළ නොහැක
අශෝක ශිලා ලේඛනවල සඳහන් වෙනව "සමචලියං" කියලා. අංගුත්තර නිකායේ හා අනෙක්‌ සූත්‍රවල සමවර්යාව හා ධර්මචර්යාව ... Read More
කාම ගින්නේ නොදැවී යෞවනයේ ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන්න
මෙවැනි තත්ත්වයක්‌ ඇතිවන්නේ තරුණ පෙම්වතුන් තුළ ඇතිවෙන දැඩි වේගය නිසයි. එය පාලනය කරගත යුතුයි. එය ... Read More
රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි
රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කිරීම සඳහා රජය ඇතුළු සියලු බලධාරීන් ... Read More
ධර්ම පර්යේෂණාලය විහාරස්ථායේ බෝධි රෝපන පින්කම​
ධර්ම පර්යේෂණාලය විහාරස්ථායේ බෝධි රෝපන පින්කමේ විශේෂ අවස්ථා Read More
යටි අරමුණු තබාගෙන අවවාද දුන්නොත් සිදුවන්නේ විනාශයක්
Read More
බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි
චතුර පමුණුවගේ 'බොදු අභියෝග' ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවය චතුර පුංචි මිනිහෙක්‌ වුණත් ජාතියට හා ශාසනයට විශාල මෙහෙවරක්‌ ... Read More
තුන්සිත පහදා ගෙන දෙමු දානය
සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 24, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි බෞද්ධ වචන මාලාවේ ... Read More
භික්ෂුන් වහන්සේලාට සංගීත අධ්‍යක්ෂණය අකැපයි
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය ප්‍රඥාප්තියට අනුව සලකා බලා භික‍ෂුන් වහන්සේලාට සංගීත අධ්‍යක‍ෂණය අකැපැයි බුදුරජාණන් ... Read More
ජනප්‍රිය ලිපි
කාමයේ වරදවා හැසිරීම පව පින අතර ගැටුමකි (2610)
කර්මය හා පුනර්භවය (2145)
දානය (1984)
ආනිසංස බලවත් වු කඨින පිංකම (1937)
දන් දීමේ ආනිසංස හඳුනා ගනිමු (1756)
මනස පාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද? (1741)
රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක් (1724)
මිනිස්‌ සිත හඬවන…නළවන සිහින (1453)
දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ (1446)
මහමෙවුනා බෝධිඥාන සභාව (1276)
ධර්ම පර්යේෂණාලය
ද්වේෂය ඊර්ෂ්‍යාව මසුරුකම සහ මානය ලෙසින් ඉස්‌මතුවන කෙලෙස්
ධර්ම පර්යේෂණාලයේ Playlist
Error type: "Bad Request". Error message: "Bad Request" Domain: "usageLimits". Reason: "keyInvalid".

Did you added your own Google API key? Look at the help.

Check in YouTube if the id PL14FC3745A83CAE9D belongs to a playlist. Check the FAQ of the plugin or send error messages to support.
නවතම නිකුතු
ඥානසාර හිමි උරුමය ගැනයි කතා කරන්නේ
රත්නමාලා ගාථාවල ගුප්ත බලයක් නැත
සංවිධානාත්මක කල්ලි රටට සරණාගතයන් එවනවා
බුදුන් උපන්නේ ලංකාවේ බව කීම මිත්‍යාවකි
ධර්ම පර්යේෂණාලය විහාරස්ථායේ බෝධි රෝපන පින්කම​
පොරොඳම් බැලීම බොරුවක්
සංහිඳියාව ඇති වීමට නම් බෞද්ධ ආර්ථික දර්ශනයක් අවශ්‍යයි
“බොදුමග අවුරන අදමිටු බල” – කෘතිය දොරට වැඩුම
සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද?
 සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද
මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම
ජාතිවාදය සහ ආගම්වාදය යනු කුමක්‌දැයි අර්ථ විවරණය කරන්න
හෑගොඩ විපස්සි හිමි සමඟ විශ්‍රාම රේඩියෝ සාරථි
කඨින පින්කම සැණකෙළියක් නොවේ
රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්
කල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද?
විපක්ෂ නායකකම අර්බුදයට යා හැකියි – හෑ‍ගොඩ විපස්සී හිමි
සම්බන්ධන් විපක්ෂ නායකවීම සහ රටේ අනාගතය
මනස පාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
අලුත් ආණ්ඩුවට පැවරෙන වගකීම
කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය
ධර්ම සංගායනාවක් පවත්වා භික්ෂුවට පක්ෂ දේශපාලනය තහනම් කළ යුතුයි
මත්ද්‍රව්‍ය උවදුර ජාතියටම හානියක්
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අන්‍ය ආගමික පෙළ පොත් වලින් වනසනවා
අපණ්ණක ප්‍රතිපදාව හෙවත් නොවරදින මග
ඉතිහාසයේ කොහේවත් සඳහන් නැති රාවණා මිත්‍යා මතවාද පඹගාලේ ඇමැතිවරුන් පවා අද පැටලිලා
හෙළ අටුවාව පාළියට නැගීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යැයි කීම සිනහවට කරුණක්
නාවල ධර්මදේශනා අංක 17 නිකුත් වේ
දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ
විනයෙන් ගොඩනගන භික්ෂු පෞරුෂය සහජීවනය යනු බෞද්ධ අනන්‍යතාව මකා දැමීම නොවේ
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම

මහමෙවුනා බෝධිඥාන සභාව
A serious threat created by destructive cults, operating in Sri Lanka
සම්මත ජාතික සංකේත වෙනස් කිරීම සුදුසු නැහැ
නෙත් fm Unlimited වැඩසහන 2015-03-17 – හෑගොඩ විපස්සි හිමි
බුදු දහමේ ජාතිවාදයක් නැහැ
කර්මය හා පුනර්භවය
සීවලී පිරිත – ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්
භික්ෂුවක් විදියට පෙනී සිටිමින් ශාසනික සම්ප්‍රදාය විනාශ කරනවා
ජාතිවාදී විෂ ප්‍රචාර තහනම් කළ යුතුයි – Lakbima
ජාතිවාදය පිළිබඳ නිර්වචනයක් ඕනෑ
බෞද්ධයාට ජාතියක්‌ නැත
දහම බබළන්නේ විවෘත වූ තරමටයි
චිත්‍රපට රඟනවා වගේ සැබෑ ජීවිතයේ වැඩ කරන්න බෑ – හෑගොඩ විපස්සි හිමියෝ කියති
ලංකාවේ කිසි දිනෙක රාවණා කෙනෙකු සිටියේ නැත
කිරි වෙහෙරෙන් කිරි වැගිරීමත් ශ්‍රීපාදයෙන් රැස් විහිදීමත් පිළිබඳ කතා ඇත්තද?
වත්මන් සමාජ අර්බුද හමුවේ භික්ෂුවගේ හා බෞද්ධයාගේ කර්යභාරය
මන්ත්‍ර බලයෙන් කෝටිපතියන් වශිකර ගන්න බැරි ඇයි?
භික්ෂුවට දේශපාලනය සුදුසු බව ත්‍රිපිටකයේ සඳහන් නොවේ
යටි අරමුණු තබාගෙන අවවාද දුන්නොත් සිදුවන්නේ විනාශයක්
බුදු දහම පූජා ගොඩකින් වැහිලා
දරුවන්ට අවවාද දෙන ක්‍රම ගැන වැඩිහිටියන් මීට වඩා සිතිය යුතුයි
සිරිධම්ම හිමියන් ප්‍රසිද්ධියෙන් ධනයෙන් බලයෙන් මත්වී කරන ප්‍රකාශ ඉතා නින්දිතයි!
ඉතිහාසය වනසා දමන ව්‍යාපාරය ප්‍රභාකරන්ගේ බෙදිල්ලට වඩා භයානකයි
අද තිබෙන්නේ තනිකරම ආගමික මංකොල්ලයක්
Is Ven. Samantha Bhadra Thera (Pitiduwe Siridhamma Thera) an Arahant?
සංඝ භේදය යනු භික්ෂු දෙනමක් අමනාප කරවීම නොවේ
පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර කරන්නාවූ සම්බුදු දහම විකෘති කරනා අන්දම ප්‍රේක්ෂක ජනතාවට කරන්නාවූ හෙළිදරව්ව.
V Radio “Ravana” program with Ven. Hegoda Vipassi Thero
ඔය හාමුදුරුවො රහත් වෙලා නෑ
රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි
බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි
ඔවුන් සූදානම් වන්නේ නැවතත් රට යුද්ධයට ඇද දැමීමටයි
බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව….
සනත්ගෙ නළු මහණකම ගැන
මැදපෙරදිග යන කතුනට හරිහම්බ කරන මුදල්
පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න පිළිබඳව විග්‍රහයක්
නිවන් දැකීම හෝ වෙනත් එවන් කාරණාවක් යැයි කියමින් අද බොහෝ පිරිස් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වෙනවා
වැරදි කාම සේවනය පවක් සේම ශිෂ්ට කාම සේවනය පිනකි
2013-07-03 නෙත් fm Unlimited වැඩසටහන සමග සාකච්ඡාව
Vesak Day Celebrations at the Sri Lanka Embassy – Jordan
රැකිය යුත්තේ සීලයයි
දන්සල වෛරය වපුරන්නක් නොවිය යුතුයි
නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය තවමත් දුරස්ථයි
ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව පෙළගැසෙන්නැයි ඉල්ලීමක්
සූවාසු දහසක් ධර්මස්කන්ධය විකෘති කළ ග්‍රන්ථ දහසක්
සිංහලයා අඩපණ කිරීම
උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව සංඝාධිකරණයට යනවා
Where was Lord Buddha born?
සර්වාගමික සංකල්පය
එහිපස්සිකෝ වැඩසටහන
හලාල් ගැටලුවට හොඳම විසඳුම
ඉතිහාසය වනසයි
Dehiwala YMBA activities
එදා මකුලාරාමය අද මක්කම
සූත්‍ර දේශනා Metta Sutta | Ven Hegoda Vipassi Thero
සත්ත්‍ය වටහා ගනිමු
ආමිස දානය
රැකීමට පහසු අපහසුම සීලය
රැකීමට පහසු අපහසුම සීලය
මාර පරාජය
නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය
සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු
මූලික අයිතිවාසිකම් හමුවේ ශාසනික සම්ප්‍රදාය බිඳ වැටේද ?

කර්මය හා පුනර්භවය

බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි.

එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය) ප්‍රාග් බෞද්ධ (බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර) ඉගැන්වීමවල න්‍යාය වන අතර, චරණය වන්නේ අත්තකිලමාතානු යෝගයයි. භාෂාත්මක හේතු මත බැලු බැල්මට බෞද්ධ හා සෙසු ඉගැන්නීමවල හුදු සාම්‍යයක් දක්නට ලැබෙතත් එය සත්‍යයක් නොවේ. මක්නිසාද යත්, බෞද්ධ කර්මවාදය හා පුනර්භව වාදය පටිච්චස්මුප්පාදය (ප්‍රතීත්‍යනනසමුත්පාදය) හෙවත් හේතුඵල වාදය මත පිහිටා දේශනා කොට ඇති බැවිනි.

කෙසේ වුවත් මෙහි පරමාර්ථය උක්ත ප්‍රස්තුතය පිළිබඳව විධිමත් ලෙස විවරණය කිරිම නොව කර්ම හා පුනර්භවය අතර පවත්නා අන්යේ‍න්යි සම්බන්ධය පැහැදිලි කරමින් කර්ම විපාකයන් වශයෙන් මිනිසුන්ගේ ආයුෂ හීනවීමට හේතු සංක්ෂිප්තව පැහැදිලි කිරීමය.

කම්ම යනු බුද්ධ වචනය හෙවත් පාලි පදයයි. එහි සංස්කෘත ව්‍යවහාරය කර්ම යනුයි. එයම මිශ්‍ර සිංහලයේ ද භාවිත කෙරේ. ක්‍රියාව, වැඩ යන්න එම පදයේ සාමාන්‍ය අදහසයි. එසේ වුවත් බෞද්ධ වචන මාලාවේ කර්ම යනු විශේෂ වූත්, පුළුල් වූත්, ගැඹුරුවත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට ව්‍යවහාර කෙරේ. එනම් සත්වයාගේ අගක් මුලක් නොපෙනෙන සංසාරික ප්‍රළවෘත්තියට (පැවැත්මට) මෙන්ම සැප දුක විඳීමට හේතු වන්නා වූ බලවේගය කර්ම යනුයි. එමෙන්ම කර්මය යන මූලධර්මයේ අභිප්‍රාය වන්නේ තමා සකස් කර ගනු ලබන්නේ තමා විසින්ම යන කරුණු පැහැදිලි කිරීමයි. කර්ම විෂය අචින්ත්‍යයමයි. කර්මයක් නැතිව සත්වයාගේ පුනර්භවය සිදු නොවන්නේය. කම්මක්ඛය යනු නිවනට පර්යාය නාමයක් වන බැනින් කර්මක්ෂය කිරීමෙන් මනුසත්වයාගේ පුනර්භවය ද නොවන්නේය. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් නිවන් අවබෝධ කොට ගත් උතුමෝ පුනර්භවය හෙවත් නැවතහට නොගන්නෝය. එම නිසා යම් පුද්ගලයෙකුගේ පුනර්භවයක් තිබේ ද එතැන කර්ම රැස් වන්නේය. යම් තැනක කර්ම රැස්වන්නේ ද එතැන පුනර්භවය හට ගන්නේය.

කම්මා විපාක වත්තන්ති – විපාකො කමම සම්භවො
තස්මා පුනබ්භවො හොති – එවං ලොකො පවත්තති

කර්මය නිසා විපාක පවතී. විපාකය කර්මයෙන් හටගන්නේය. එහෙයින් පුනර්භවය හෙවත් නැවත භවය වේ. මෙලෙස ලෝකයෙහි සත්වයාගේ පැවැත්ම වෙයි, යනුවෙන් විශුද්ධි මර්ගයෙහි අන්තර්ගතයි.

පුනර්භවය (පුනබ්භව) පුනරුප්පත්තිය, පුනර්ජන්ම යන වචන පොදුවේ මතු ඉපදීම සඳහා ව්‍යවහාර කෙරේ. එහෙත් බුදු දහමේ උගන්නවන්නේ පුනර්භවයයි. මක්නිසාද යත්, පුනර්ජන්මය හෝ පුනරැප්පත්තිය යන වචනවලින් අදහස් කරන්නේ භවයෙන් භවය සැරිසරණ නොමියෙන, නිදිරණ ආත්මයක්, ජීවයක්, ප්රාගණයක් ගැනයි. එම නිසා බෞද්ධ ව්‍යවහාරය වන්නේ පුනර්භවය යන්නයි. ත්‍රිපිටකයේ සෑම තැනකම අන්තර්ගත වන්නේ “නැවතවීම” යනාර්ථය ඉදිරිපත් වේ. අභිධම්ම විභාවිනී ටීකාවේ පුනර්භවය සඳහා අර්ථ දෙකක් ඉදිරිපත් කොට තිබේ.

1. මොහොතක් පාසා පුද්ගලයා සහිත ලෝකය ඇති වෙමින් නැති වෙමින් පැවතීම.
2. මරණයෙන් පසු පුද්ගලයා නැවත භවයක ප්රිතිසන්ධිය ලැබීම.

මෙයින් පළමු අර්ථය පිළිබඳ අපගේ වැඩි අවධානයක් නොමැති නිසා බහුතරයක් ධාර්මික ලෙස ජීවත් වෙති. පුනර්භවයක් නොමැති තැන කර්ම රැස් වන්නේ නැත. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං යන ප්ර ථම උදාන දේශනාවෙන් පැහැදිලි වන්නේ ආත්මභාවය නැමැති ගෙය සාදන වඩුවා දක්නා ලද නිසා නැවත උපතක් නොවන බවත්ය. මෙහි තෘෂ්ණාව යනු කර්මයයි. කර්මය යනු කුමක්දැයි පැහැදිලි කරන අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ නිබ්බේධික සූත්රායෙහි “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි”. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙය ඉතා කෙටි දේශනයකි. මෙම දහම් පදය අවබෝධ කර ගැනීමට අභිධර්මය පිළිබඳ අවබෝධයක් අවශ්යෙය. මක්නිසාද යත් චේතනාවම කර්මය නොවන බැවිනි. චේතනා යනු දෙපණස් චෛතසිකයක් පමණයි. හුදෙක චෛතසික පමණක් සිත්හි නූපදී. මෙ පිළිබඳ විග්රෙහයක් කිරීමට මෙහි අවකාශ නැත. කෙසේ වුවත් පඤචස්ඛන්ධ විභාගයේදී චේතනාව සංස්කාරස්ඛන්ධයටත් පටිච්චසමුප්පාද ධර්මයේ ද්වාදශ අංගයේදී සංස්කාර ප්රෛත්ය වශයෙන් ද නාම රූප විභාගයේදී නාම කොටස ද සතර ආහාරයේහි ලා මනොසඤ්චේතන ආහාරයට ද කර්ම ඇතුළත් වේ.

සත්වයෙකු යම් ආත්ම භවයක ඉපිද මරණයට පත්වන විට ඔහුගේ මරණාසන්න චිත්තයට කර්මය – කර්ම නිමිත්ත – ගති නිමිත්ත යන කරුණු තුනෙන් එක් දෙයක් අරමුණු වෙයි. මෙ අනුව අලුත් භවයක සත්වයා උපදින විට අලුත් භවයේ පළමුවන සිත අතීත භවය හා වර්තමාන භවය ප්ර්තීත්යකසමුත්පන්නව සම්බන්ධ කරන්නක් වැනිය. එම නිසා එයට ප්රයතිසන්ධි ච්ත්තය යැයි කියනු ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ පුනර්භවයක් නොමැතිව කර්මයක අවශ්ය තාවක් නොවන බවයි. ඉහතින් කී පරිදි කර්මක්ෂය කිරීම නිර්වාණයයි. (කම්මඛධන්ධයො නිබ්බාණං) කොටින් කිවහොත් පුනර්භවය සඳහා ඉන්ධන වන්නේ කර්මයයි.
මේ ආකාරයෙන් පුනර්භවය වන සත්වයාගේ හීන, ප්‍රණීත (පහත්, උසස්) වීමට හේතු වශයෙන් මජඣිම නිකායේ චුල්ලක්ම්ම විභංග සූත්රායේ, ” කම්මස්සකා මානව සත්තා කම්මයොනි කම්මබත්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතනාය” මානවකය, සත්වයා කර්මය ස්වකීය කොට ඇත. කර්මය දායාද කොට ඇත, කර්මය ඥාති කොට ඇත. සත්වයා පහත් උසස් තත්වයට පත් කරන්නේ කර්මය යැයි සඳහන් වෙයි. මෙහිදී ආයුෂ අඩුවීමට හේතු වශයෙන් වදාළේ ප්රාසණඝාත අකුසලය කිරීමේ හේතුවෙන් මරණින් මතු අපාගත වන බවත් මිනිසත් බවට පත් වූයේ නම් ආයුෂ අඩුවන බවත්ය.

“ප්‍රාණ” යනු ලෝක ව්‍යවහාරය අනුව යම්කිසි සත්වයෙකි. එම සත්වයා මනුෂ්‍යයෙක් හෝ තිරිසනෙක් හෝ විය හැකිය. සම්මුතුය එය වුවත් පරමාර්ථ වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත. එබැවින් මෙහි “ප්‍රාණ” යැයි කියන්නේ නාමරූපව ක්‍රමිකව සිදුවන්නේය. එසේ සිදුවන්නට ඉඩ නොදී ප්‍රාණ ඝාතනය කරන්නේ නම් ඒ ඝාතකයාට ඊට සරිලන විපාක විඳීමට සිදුවෙයි. මෙය වෙනත් අයුරකින් පැවසුව හොත්, මනුෂ්‍යයෙකුට හෝ තිරිසනෙකුට හෝ කර්මය අනුව හිමි වූ ඒ ඒ ආත්මභාවයට සරිලන ආයුෂ ප්‍රමාණය විඳීමට ඉඩ නොදී යමෙකු විසින් ඔහු ඝාතනය කරනු ලබන්නේ ද එහි විපාක වශයෙන් එම ඝාතකයා නැතහොත් පුද්ගලයාගේ මතු ආත්මභාවයකදී ආයුෂ අඩු වන්නේය.

ප්‍රාණඝාතය බහුල වශයෙන් කරන්නා නිරයෙහි උපදියි. තිරිසන්ගතව උපදියි. ප්‍රේතවීෂයෙහි උපදියි. මිනිසත් බව ලැබුවේ නම් ආයුෂ අඩුවෙයි. (යො සබ්බලහුසො පාණතිපාතස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුක් සංත්තනිකෝ හෝති ) යනුවෙන් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අපාය සංවත්තනික සූත්‍ර‍යෙහි සඳහන් වෙයි. කර්මය හා එලය අතර පවත්නා සම්බන්ධතාව අනුව මේ විපාක ඇතිවෙයි. ” යාදීසං චපතෙ බීජං තාදිසං හරතෙ එලං ” වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් මෙය තේරුම් ගත යුතුය. මෙසේ ඇතිවන අනුරූප විපාක අටුවාවේ හඳුන්වා ඇත්තේ ” කම්මසරික්ඛතා ” යනුවෙනි. පන්සිල් අටසිල් ආරක්ෂා කරන්නා නිරන්තරයෙන් දීර්ඝායුෂ විඳින බව ජාතක පාලියේ මහාධර්මපාල ජාතකයෙන් හෙළිවෙයි.

සත්වයාගේ එක් භවයක් අවසානය මරනයෙන් සංකේතවත් වන අතර තවත් භවයක හට ගැනීම උපතින් සංකේතවත් කිරීම සඳහා පුනර්භවය සහිත සංසාර ප්‍රවෘත්තිය අත්‍යවශ්‍ය වන බව කරමක් දුරට හෝ අවබෝධ කළ හැකිය.

කර්මය පුනර්භවය වැනි සංකල්ප තේරුම් ගැනීම දුෂ්කරයි. පුහුදුන් මිනිස්සු විවිධ දැනීම හා සසඳමින් මෙවැනි කරුණු විශ්වාස නොකරති. එම නිසා තමන්ට අවිනිශ්චිත වූ හෝ අවීෂය වූ හෝ කාරණයක් ගැන පිළිපදින ක්‍රමය බුදු දහමෙහි හ්ඳුන්වන්නේ අපණ්ණක පටිපදාව වශයෙනි. මෙම ගැඹුරු ධර්ම පර්යාය පිළිබඳ සුභාෂිතයේ පහත සඳහන් කවිය ඉතා වැදගත් වේ.

ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නො තබාව් ම සිත
නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

ඉහත සදහන් තොරතුරු පිලිබඳ අවධානය යොමු කරමින්,හඩ පට වලට සවන් දෙමින් පොත කියවා11 පාඩම ට අදාළ අභ්‍යාස කරන්න

ඊට අමඅමතරව මවිසින් ලබා දෙන කෙටි සටහන් පොතට ගන්න සහ ලබාදීමට නියමිත අභ්‍යාස කරන්න

බුදු සරණයි දරුවනේ