Sunday, 3 May 2020

සංගීත





විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................
සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම. 2 වාරයට නියමිත 5 වන පාඩමට අපි සූදානම් වෙමු.මෙම පාඩම් සටහන ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කරගන්න.

නූර්ති නාට්‍ය කලාව ක්‍රි.ව. 1880 දී කේ.එම්.බලිවාලා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් මෙරටට හදුන්වා දෙන ලදී.නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය ක්‍රි.ව.1750 දී "අලඝනායිදු" දකුණු ඉන්දියානු සංගීතවේදියා විසින් මෙරටට හදුන්වා දෙන ලදී.නූර්ති නාට්‍ය සංගීතය සදහා උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතයේ ආභාසය ලැබී ඇත.නාඩගම් නාට්‍ය සංගීතය සදහා දකුණු ඉන්දීය කර්ණාටක සංගීතයේ ආභාසය ලැබී ඇත.නෘර්ති නාට්‍ය සංගීතයට හින්දුස්ථානී රාග තාල පාදක වී ඇති අතර නාඩගම් නාට්‍ය සංගීතයට කර්ණාටක සංගීතයෙහි රාග හා තාල පාදක වී ඇත.හින්දුස්ථානී සංගීතයෙහි කාෆි,භෛරවී,ආශාවරී,ජෞනපුරි,කමාජ් හා යෙමන් යන රාග හා දාදරා,කෙහෙර්වා, පන්ජාබ්,දීප්චන්දි,කෙම්ටො යන හින්දුස්ථානී තාල මත නෘර්ති ගී නිර්මාණය වී ඇත.දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයෙහි හනුමන්තෝඩි, ධීරශන්කරාභරනම්, කරහරප්‍රිය,හරිකාම්බෝජ,නටභෛරවී යන රාග හා පසම්,තිර්ලානා,වඩිමුඩි,තංගපාට,චාපු යන කර්ණාටක තාල මත නාඩගම් ගී නිර්මාණය වී ඇත.නූර්ති නාට්‍ය අංග සම්පූර්ණ වේදිකාවක් මත රග දැක්වූ අතර නාඩගම් නාට්‍ය රග දක්වන ලද්දේ පොළව මට්ටමේ සිට උස්ව සාදන ලද "කරළිය" නම් ස්ථානයෙහිය.

නූර්ති නාට්‍ය සංගීතයෙහි ප්‍රධාන ස්වර වාද්‍ය භාණ්ඩය ලෙස "හාර්මෝනි‍යම්

(සර්පිනාව) ද ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාව යොදා ගන්නා ලදී.නාඩගම් නාට්‍ය සංගීතයේ දී ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස මද්දලය යොදා ගත් අතර ස්වර වාද්‍ය භාණ්ඩ ලෙස හොරණෑව,සර්පිනාව යොදා ගන්නා ලදී.

නූර්ති නාට්‍ය ගීත වල අනන්‍ය වූ සංගීතාංගයක් ලෙස "දොහොරාව"(Adlib) යෙදෙන අතර නාඩගම් නාට්‍ය ගීත වල අනන්‍ය සංගීතාංගයක් ලෙස "උරුට්ටුව"යෙදෙනු ඇත.දොහොරාව යනු තාලයක්‍ රහිතව ගැයෙන ගීත කණ්ඩයකි.උරුට්ටුව යනු නාඩගම් වලදී ගීතයේ වේගවත්ව ගයනු ලබන ගීත කණඩයකි.

නාඩගම් නාට්‍ය ගීත වල පොතේඉන්නිසය,තෝඩායම,පොතේවිරිදුව හා ගද්‍ය පාඨ ද යන සුවිශේෂී අංග ඇතුලත් වන අතර නූර්ති නාට්‍ය ගීත වල වැඩි වශයෙන් දක්නට ඇත්තේ නාට්‍යයේ තේමාවට අනුව නිර්මාණය වූ ගීතයන් වේ.

නාඩගම් නාට්‍ය බොහොමයක් ක්‍රිස්තියානි ආගමික කතා පුවත් අතර නූර්ති නාට්‍ය බෞද්ධ හා ඓතිහාසික කතා පුවත් හා විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.හින්දුස්ථානී ස්ථායී අන්තරා ගී ආකෘතියක් නූර්ති නාට්‍ය ගීත වල පැහැදිලිව දැක ගත හැකි වන අතර නාඩගම් නාට්‍ය ගීත වල එවැනි ආකෘතිමය ස්වරූපයක් නොමැත.නාඩගම් නාට්‍ය කොටසේ වශයෙන් රාත්‍රී 7ක් පමණ එක දිගට නැරඹිය යුතු අතර නූර්ති නාට්‍ය එකම දින පැය 2 පමණ කාලයක් තුළ රග දක්වනු ලබයි.නූර්ති නාට්‍ය ගීත කර්ණ රසායන මධුරතා ගුණයෙන් යුක්ත වූ අතර නාඩගම නාට්‍ය ගීත එළිමහන් වේදිකාවක මද්දලයේ ධ්වනිය ශුතිය ලෙස ගෙන උස් හඩින් ගායනා කල බැවින් ගීත වල කඨෝර,රළු ස්වභාවයකින් යුක්ත විය.

නාඩගම් නාට්‍ය වල ප්‍රධාන චරිතාංග ලෙස "පොතේගුරු" (සූත්‍රධාරී) ,බහුභූතයා,සෙල්ලම් ළමා යන චරිත දැක්විය හැක.නූර්ති නාට්‍ය වල විවිධ නාට්‍යයන්හි තේමාවට අනුව චරිතාංගයන් යෙදේ.නූර්ති නාට්‍ය සංගීතවේදීන් ලෙස විශ්වනාත් ලව්ජි,අබ්දුල් සතාර්,ජඨා ශංකර් යන අය නූර්ති නාට්‍ය ගීත වලට තනු නිර්මාණය කර ඇත.නාඩගම් නාට්‍ය සංගීතවේදීයෙකු ලෙස " අලඝනායිදු" දැක්විය හැක.සිංහල නූර්ති නාට්‍ය කලාවේ පියා ලෙස "සී.දොන් බස්තියන්" කලාකරුවා ගෞරවයට පාත්‍ර වේ.ඔහු විසින් රචිත ප්‍රථම සිංහල නූර්තිය "රොලීනා" වේ. නාඩගම් නාට්‍ය කලාවේ පියා ලෙස පිලිප්පු සිංඣෝ මහතා ඉතිහාසයට එක්වනු ඇත. ඔහු විසින් රචිත ප්‍රථම සිංහල නාඩගම " ඇහැලේපොළ" නාට්‍ය වේ.

ප්‍රචලිත නූර්ති නාට්‍ය කෘති ලෙස, සිරිසගබෝ,වෙස්සන්තර,ශ්‍රී වික්‍රම රාජසිංහ,දුටුගැමුණු,
හේමමාලි,රාමායණය,
විදුර,පද්මාවතී,ඔතෙලෝ,උත්තරරාම,සකුන්තලා,රොලීනා යනාදී නාට්‍ය කෘති ලෙස දැක්විය හැක .ප්‍රචලිත නාඩගම් නාට්‍ය කෘති ලෙස,ඇහැලේපොළ,

ඉයුජින්,බ්‍රම්පොඩ්,බැලසන්ත,සිංහවල්ලි,රජ තුන් කට්ටුව,සදකිදුරු ආදී නාට්‍ය කෘති දැක්විය හැක.

* නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස පහත වගුව ඇසුරෙන් සංසන්දනාත්මකව ඔබට අධ්‍යයනය කල හැක.



ඉහත දක්වා ඇති පාඩම නිවැරැදි සටහන් කරගනිමින් අධ්‍යයනය කරන්න.




















































සියලුදෙනාටම තෙරුවන් සරණයි.

ආයුබෝවන් 🙏








නැටුම්



විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පාඩම       -   නර්තන කලා‌වේ නුතන ප්‍රවණතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00

.........................................................................













කලින් වීඩියෝ එක ඇහැ කණ ඇරගෙන බලන්න ඇති නේද

අපේ නැටුම් ලෝකෙ නැටුම් සම්ප්‍රදායන් එක්ක ගණුදෙනු   කරන හැටි  බලන්න




ඒවගේම අපේ සංස්කෘතියට  හානි නොවෙන අකාරයෙන් විනයානුකූලව නැටුම වේදිකාවට ගෙන ඇති අයුරු  බලන්නකෝ....








බලන්න බොහොම අපූරුවට ගායනය,වාදනය  ඇතුළුව සියලුම තාක්ෂණික ක්‍රම භාවිතා වෙලා තියන ආකාරය

අපේ සම්ප්‍රදායික දේවල් වලට නව මුහුණුවරක් දීල වේදිකාවට ගෙනත් තියන ආකරයත්  බලන්නකෝ....



ඉහත නිර්මාණය චන්න විජේවර්ධන සර් කරේ අපේ සම්ප්‍රදායික නාග ගුරුළු නැටුම පාදක කරගෙන. මේක නේද විය යුක්තේ

අපේ නැටුම් අදවෙන විට සමහර ආයතනය තුළ මේ තත්ත්වයෙන් පැවතුණත් මුලු රට පුරාම මේ තත්ත්වයට තියනවද කියන එක ප්‍රශ්නයක් . ඒවලි වැඩක් නෑ පඩමට එමුකො.

ඔයගොල්ලන්ට විෂය නිර්දේශයට අදාළ ව තිබෙන    සටහන මම එවන්නම්.මම ඉහත කතා කරපු කරුණුත් මදක්  හිතන්න. විභාගයට අදාළ වෙන්නෙ මම දාන මෙමෙ සටහන.










































ඉහත සටහන පිළිබද සොයන් අධ්‍යනයක යෙදී පොතේ සටහන් කර ගන්න



නැවත හමුවෙමු 

🙏ආයුබෝවන්



සිංහල




විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00

..........................................................


Audio Track🔊






Audio Track🔊









Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊



තෙරුවන් සරණයි

චිත්‍ර



විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
 පාඩම     -     සන්නිදර්ශන නිර්මාණ ශිල්පීන්ගේ                           නිර්මාණ අගයමු
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00

.................................................................



මේ පාඩමේදී අපි චිත‍්‍ර ශිල්පීන් දෙදෙනෙක් ගැන කතා කරනවා.

01. සුමන දිසානයක සහ

02. වෛතීශ්වරම් සිවසුබ‍්‍රමණියම්

අපි මුලින්ම සුමන දිසානායක ශිල්පියාගේ ජීවන තොරතුරු ටිකක් විමසා බලමු

සුමන දිසානායක 1922 ජූලි 23 වන දින දකුණු පළාතේ මාතර කඹුරුපිටියට නුදුරු ගතාර නම් ගමෙහි උපත ලැබීය. කුඩා කාලයේ සිටම දිසානායකයන් චිත්‍ර කලාවට මහත් වූ කැමැත්තක් දක්වා ඇත. පසුව මෙතුමා තම පියා සමඟ දිනපතාම ගමේ විහාරයට යෑමත් සමඟ චිත්‍ර කලාවට ඇති කැමැත්ත තව තවත් වඩාත් වර්ධනය වී ඇත.

එකල ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ ඇම්. සාර්ලිස් හමුවී චිත්‍ර කලාව ඉගෙන ගැනීමට මොහු ගත් උත්සාහය ද අසාර්ථක වීය. පසුව මෙතුමා ශාන්ති නිකේතනයට ඇතුළත් වීමට ගත් උත්සාහයත් අසාර්ථක වූ අතර තම හැකියාවන් ස්වෝත්සාහයෙන්ම දියුණු කර ගැනීමට දිසානායකයෝ වෙහෙස ගත්තෝය. පසුව එවකට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මැදිහත් වීමෙන් ලංකා කාර්මික විද්‍යාලයට බැඳී චිත්‍ර කලාව වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව උදා කරගත්තේය. ක්‍රම ක්‍රමයෙන් තම හැකියාවන් වර්ධනය කර ගත් දිසානායක ශූරීන් යුනෙස්කෝ අධි ශිෂ්‍යත්වයක් මත එංගලන්තයේ “හොන්සි “ චිත්‍ර කලායතනයෙන් චිත්‍ර කලාව වැඩිදුරටත් ඉගෙන ගැනීමේ වාසනාව හිමි කර ගත්තේය.




                                    සුමන දිසානායක ශිල්පියා

සුමන දිසානායක චිත්‍ර ශිල්පියා ලාංකික නිර්මාණාත්මක බෞද්ධ චිත්‍ර කලාවට මහත් පිටුවහලක් ඇති කර දුන් ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙකු බවට පසුකාලීනව පත්විය.


මිහින්තලයේ කණ්ඨක චෛත්‍යයේ ධාතු ගර්භය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේ එම ධාතු ගර්භයට අවශ්‍ය චිත්‍ර හතරක් නිර්මාණය කළේය. හතරැස් කොටුවේ ද අඩි  8 X8 ප්‍රමාණයට ගැලපෙන පරිදි චිත්‍ර ඵලකයක් නිර්මාණය කිරීමේ මහඟු කාර්යය අත්පත් කර ගත්තේද දිසානායක චිත්‍ර ශිල්පියා ය. ආසියාවේ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් මුද්‍රිත ආසියාවේ ජන කතා පොතෙහි චිත්‍ර ඇඳීම සිදු කළේ ද මේ අපූර්ව චිත්‍ර ශිල්පියායි.




1967 දී කැනඩාවේ පැවැත්වූ විශාල බිතුසිතුවම් තරගයකින් ප්‍රථම ස්ථානය ද මෙතුමා ලැබීය. 1985 වර්ෂයේ සිංගප්පූරුවේ බෞද්ධ පර්යේෂණ සංගමය මගින් ප්‍රසිද්ධ කළ මෙතුමා කතාව ලියා චිත්‍ර ඇඳි “THREE PRINCES”නම් ළමා පොතෙහි චිත්‍ර ද ඉතා ඉහළ මට්ටමක පවතියි. බෞද්ධ කතාවක් මුල් කරගෙන ඇඳි මේ පොතෙහි චිත්‍ර සියල්ලම පාහේ ඉතා නිර්මාණාත්මකය. දිසානායක ශූරීන්ට ආවේණික වූ චිත්‍ර කලා ශෛලියකින් මෙම චිත්‍ර ළමා මනසට ගැලපෙන අයුරින් නිර්මාණය වී තිබීම ද ඉතාමත් වටිනා තත්ත්වයකි. 1985 දී බෞද්ධ ජාතක කතාවක් ඇසුරෙන් ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මහත්මියගේ අදහස් මත ලියූ “THREE FRIENDS” නම් ළමා පොතට චිත්‍ර ඇන්දේ ද මේ විශිෂ්ට චිත්‍ර ශිල්පියායි. සුමට වර්ණ හා අව්‍යාජ හැඩතල විවිධ තාක්ෂණ ක්‍රම ද උපයෝගී කර ගනිමින් ජාතක කතාවේ සාරය කුළු ගැන්වෙන අයුරින් නිර්මාණය කළ මේ අපූර්ව චිත්‍ර සමූහය සහිත ළමා පොත රටවල් රැසක භාෂා කිහිපයකට පරිවර්තනය කර ඇත.


ප්‍රකට ලේඛකයෙකු වන කේ. ජයතිලක මහතාගේ රුවන් කුමාරි ළමා පොත කුස ජාතකය මූලික කර ගත්තකි. මෙහිද චිත්‍ර ඉතා අපූර්ව ආකාරයට බෞද්ධ මූල ධර්මයන්ට අනුකූලව ළමා මනසට කා වදින සේ නිර්මාණය කිරීමට දිසානායක ශූරීන් සමත් වී ඇත.

දිසානායක ශූරීන්ගේ ජීවිතයෙහි සැදෑ සමයේ ඇඳි ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ශූරීන්ගේ “ලයිට් ඔප් ඒසියා” ( The Light of Asia – By Sir Edwin Arnold )බෞද්ධ පොතෙහි චිත්‍ර සමූහය දිසානායක චිත්‍ර ශිල්පියාගේ බෞද්ධ චිත්‍ර එකතුවේ විශිෂ්ටතාව හා වටිනාකම තව තවත් වැඩිවන බව අවිවාදයෙන්ම අපට ප්‍රකාශ කළ හැක.

මේ චිත්‍ර මාලාවට පච්ච වර්ණ කොළ පැහැයත්, නිල් සහ අඳුරු නිල් මිශ්‍ර දුඹුරු හා දම් පැහැයත්, දුඹුරු, ගඩොල් පැහැ රත හා කහ වර්ණත් බොහෝ චිත්‍ර වලට යොදා ඇත. මේ චිත්‍රවලට සුදු පැහැය එක් කිරීමෙන් එහි අධ්‍යාත්මික රසය හා හැඟීම් උච්ච බවට පත් කිරීමට ද දිසානායක ශූරීන් සමත් වී ඇත. මානව රූපවල සරල හැඩත් සුදු වර්ණය මුසු වූ වර්ණවල සුමට බවත්, නව්‍ය හැඟීම් රසිකයා තුළ ඇති කිරීමට තරම් මේ චිත්‍ර ශිල්පියා උත්සාහ දරා ඇත.


සුමන දිසානායක නම් වූ මේ අපූර්ව චිත්‍ර ශිල්පියා කැනඩාව, බ්‍රසීලය, ජපානය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල චිත්‍ර ප්‍රදර්ශන ද පවත්වා අන්තර්ජාතික කීර්තියට පත් විය. එයට අමතරව ජර්මනියේ ඩ්‍රස්ඩන් කෞතුකාගාරයේ ද, මොස්කව්හි ඔරියන්ටල් කලා කෞතුකාගාරයේ ද මෙතුමාගේ චිත්‍ර රැසක් ස්ථිර ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

මෙම සටහන හොඳින් කියවලා අත්‍යාශ්‍ය කරුණු පමණක් සටහන් කරගන්න දරුවනේ.






දරුවනේ අපි මීලගට විමසන්නේ වෛතීශ්වරම් සිවසුබ‍්‍රමණියම් ශිල්පියා පිළිබඳවයි






වෛතීශ්වරම් සිවසුබ‍්‍රමණියම් ශිල්පියා පිළිබඳව වැඩි විස්තරයක් සඳහන් වන්නේ නෑ ඔහු දමිල ජාතික ශිල්පියෙක්. අන්තර්ජාලයේ පවා ප‍්‍රමාණවත් පරිදි ඔහුගේ තොරතුර සොයාගැනීමට අපහසුයි.

දරුවන් සියලුම දෙනා මේ සටහන් පැහැදිලිව නිරවුල්ව සටහන් කරගන්න. නැවත නැවත කියවන්න.






ඉහත අභ්‍යාසය කරන්න දරුවනේ. තෙරුවන් සරණයි.