Monday 11 May 2020

චිත්‍ර



විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.11
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


.................................................................

ආයුබෝවන් දරුවනේ 

අද අපි චිත‍්‍ර ලිඛිත පාඩමක් සඳහා යොමු වෙමු.




ඉහතින් දක්වා ඇත්තේ ඒ පාඩම පිළිබඳවයි.


























හින්දු ආගමික මූර්තියක් වූ නටරාජ මූර්තිය ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ තාණ්ඩව නර්තන විලාශයක් පෙන්නුම් කරයි. 

කොළඹ ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙන මේ නටරාජ රුව හමුවී ඇත්තේ පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලයෙනි.

මෙය කි‍්‍ර.ව. 12 වැනි සියවස්වලට අයත් ලෙස සැලකේ. 

ලෝකඩ මාධ්‍යයෙන් පූර්ණ උන්නතව මූර්තිමත් කර තිබෙන මේ නිර්මාණය ලෝහ වාත්තු කිරීමේ ඉපැරණි ශිල්ප ක‍්‍රමය පෙන්වන විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකේ. 


සමබරතාව රැුකෙන පරිදි මූර්ති සිද්ධාන්ත මත පිහිටා ගිනි කදම්බයක් තුළ වේගවත් නර්තනයක යෙදෙන අයුරු දැක්වීම මේ නිර්මාණයේ විශිෂ්ඨ ශිල්පීය ලක්‍ෂණයකි.

මේ ප‍්‍රතිමාවේ අත්වලින් දක්වන සංකේත හා මුද්‍රා පහත දැක්වේ.

දකුණු පස ඉහළ හස්තයේ උඩැක්කිය /බෙරය ද වම්පස ඉහළ හස්තයේ ගිනි සිළුව ද දකුණු පහළ හස්තයේ අභය මුද්‍රාව ද වම් පස පහළ හස්තයේ පොළවට දිගු කරගෙන සිටින ලෙසින් ගජහස්ත මුද්‍රාව ද දැක්වේ. 

වම්පය ඔසවා ර`ගන ශිව දකුණු පාදයෙන් සිරුරේ බර දරා සිටින අතර එම පාදයෙන් පාගාගෙන සිටින වාමන රූපයෙන් අවිද්‍යාව සංකේතවත් වේ.

කෙස්කළඹ තුළ තිබෙන කි`දුරු රුවින් ගංගානම් ග`ග නිරූපණය කෙරෙන අතර හිස පැළ`දි ඔටුන්නෙහි අඩ ස`දක් ද මිනිස් හිස් කබලක් ද කි`දුරු රූපයක් හා නාග රූපයක් ද දැක්වේ. 

මුළු රූපය ම ගිනි දැල් විහිදෙන ආරුක්කුවක් ඇතුළත පිහිටා ඇති අතර මේ ආරුක්කුව ඇරඹෙන්නේ පද්මාසනයක් මත පිහිටුවා තිබෙන බද්ධ කරනු ලැබූ මකර මුඛවලිනි. 


මේ මූර්තියේ දකුණු කනෙහි පුරුෂ කර්ණාභරණයක් සහ වම් කනෙහි ස්තී‍්‍ර කර්ණාභරණයක් දැක්වෙන අතර ගී‍්‍රවාභරණ ද පැළ`ද ඇත.



අපි බලමු මෙම ප‍්‍රතිමා පිළිබඳ විස්තර ටිකක්




අපි බලමු මීලගට ගණදෙවි ප‍්‍රතිමාව පිළිබඳ විස්තර ටිකක්





පොළොන්නරුවේ අංක 5 දරන හින්දු කොවිලෙන් හමු වූ හින්දු ආගමික මූර්තියකි. 

කි‍්‍ර. ව. 12 වැනි සියවසට අයත් ලෙස සැලකෙන මේ ගණදෙවි රූපය මේ වන විට පොළොන්නරු කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වේ. 

ලෝකඩ මාධ්‍ය හා ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක‍්‍රමය  භාවිත කර ඇත.

ශිව හා පාර්වතීගේ වැඩිමහල් පුත‍්‍රයා ලෙස ගණ දෙවියන් සැලකේ. ඇත් හිසක් හා විශාල උදරයක් සහිත ශරීරයකින් යුතු ගණ දෙවියන්  ඥාණයට අධිපති මෙන්ම බාදක ඉවත්කරන දෙවියෙක් ලෙසද සැලකේ.



























දරුවෝ සියලුමදෙනා මේ පාඩම හොඳින් අධ්‍යනය කරලා සටහන් කරගන්න.






අතිරේක දැනුම සඳහා මේ විඩියෝ නරඹන්න.

පාඩම අවසානයේ දක්වා ඇති කි‍්‍රයාකාරකමෙි යෙදෙන්න.



🙏AYUBOWAN







No comments:

Post a Comment