Thursday, 11 June 2020

ව්‍යාපාර අධ්‍යන්‍යය හා ගිණුම්කරණය


විෂය         -   ව්‍යාපාර අධ්‍යන්‍යය හා ගිණුම්කරණය
ගුරුභවතා -   එල්.ඒ. ධර්ම ඉන්දික මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.06.11
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


...........................................................
















AudioTrack🔊  
AudioTrack🔊  



AudioTrack🔊  







බුද්ධ ධර්මය


විෂය         -     බුද්ධ ධර්මය
ගුරුභවතා -   කුමාරගම විමලරංසි හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.06.11
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00

.........................................................



තෙරුවන් සරණයි දරුවනේ





























AudioTrack🔊  

13 පාඩම, පිටු අංක 94


බුදු දහම පදනම් කරගත් ජිවන දැක්මක්



දරුවනේ මේ ලිපි කියවන්න


ආය්‍යර්‍ සත්‍යය සතර සංස්කරණය
"චත්තාරි ඉමානි භික්ඛවෙ අරිය සච්චානි කතමානි චත්තාරි? දු:ඛං අරිය සච්චං, දු:ඛ සමුදයං අරිය සච්චං දු:ඛ නිරෝධං අරිය සච්චං" (මහණෙනි ආර්‍ය්‍ය සත්‍යයන් හතරක් ඇත. ඒවා නම්?දු:ඛාර්‍ය්‍ය සත්‍යය,දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය යනාදියයි.)

දුක්ඛ සංස්කරණය
ප්‍රධාන ලිපිය: දුක්ඛ
දුක්ඛ.jpg
" 'දු:ඛ' යන්නෙහි 'දු' යන්නේ නින්දා කටයුතු පිළිකුල් සහගත යන අර්ථය ද 'ඛ' යන්නෙන් හිස්, අසාර යන අර්ථය ද ගෙන දෙයි. මේ අනුව දු:ඛ යන්නේ නින්දා කටයුතු පිළිකුල් හිස් අසාර යන අර්ථ ගෙන දෙයි." මෙම සත්‍යය පිළිබඳව ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ. " ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" (මහණෙනි, මේ වනාහි දු:ඛාර්‍ය්‍ය සත්‍යයයි.ජාතිය දුකයි,ජරාව දුකයි ,ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රිය සම්ප්‍රයෝගය දුකයි, ප්‍රිය විප්‍රයෝගය දුකයි, යමක් කැමති නම් එය නොලැබීම දුකයි, සැකෙවින් උපාදානස්කන්ධයෝ පස් දෙනම දුක් හු වෙති.) මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ. එනම්,

තණ්හා 2.jpg
ජාති
ජරා
ව්‍යාධි
මරණ
අප්‍රිය සම්ප්‍රයෝගය
ප්‍රිය විප්‍රයෝගය
කැමති දේ නොලැබීම
උපාදානස්කන්ධ
පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.

"කතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං?පඤ්චූපදානක්ඛන්ධා තස්ස වචනීයං සෙය්‍යථීදං? රූපූපාදානක්ඛන්‍ධෝ වේදනුපාදානක්ඛන්ධෝ සඤ්ඤානූපාදානක්ඛන්ධෝ සංඛාරානූපාදානක්ඛන්ධෝ විඤ්ඤානූපාදානක්ඛන්ධෝ ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං........"(මහණෙනි ,දු:ඛාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද? මෙසේ ඇසුවහොත් පඤ්ච උපාපදානස්ඛන්ධය යයි පිළිතුරු දිය යුතුය. එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය,සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනාදියයි. මහණෙනි, මෙය දුකඛ ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.) මෙහිදී දුක්ඛ සත්‍යය පස් වැදෑරුම් වේ.



රූප උපාදානස්කන්ධය
වේදනා උපාදානස්කන්ධය
සඤ්ඤා උපාදානස්කන්ධය
සංස්කාර උපාදානස්කන්ධය
විඤ්ඤාණ උපාදානස්කන්ධය
ඇස, කණ, නාසය, ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන විෂය ලෝකය මෙසේ පඤ්චස්කන්ධය වශ‍යෙන් හඳුන්වනු ලැබේ.

සමුදය සංස්කරණය
ප්‍රධාන ලිපිය: සමුදය
'සමුදය' යන්නෙන් ලබා දෙන සරළම අර්ථය හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි. සමුදය යන්න 'සං- උ- අය' යන කොටස් වලින් සැකසී ඇත.'සං'= එක් කිරීම, 'උ' = හට ගැනීම, 'අය' = හේතුව යන ලෙස වේ.මේ අනුව සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. "............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී , සෙය්‍යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."(විභංගප්‍රකරණයේ සච්ච විභංගය) (දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ( පෝනොභවිකා) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට ‍හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම (තත්‍ර තත්‍රාභි නන්දිනී) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.

.කාම තණ්හා
.භවතණ්හා
විභවතණ්හා
නිරෝධ සංස්කරණය
ප්‍රධාන ලිපිය: නිරෝධ
නිර්වාණය යනු සියලු බෞද්ධයන් විසින් දැකීමට බලාපොරොත්තුවන, සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම(ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය.

මාර්ග (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා) සංස්කරණය
ප්‍රධාන ලිපිය: ආර්ය අෂ්ඨාංගික මාර්ගය
සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
සම්මාවාචා -නිවැරදි වචන
සම්මාකම්මන්තෝ -නිවැරදි කර්‍මාන්තය
සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
සම්මාසති-නිවැරදි සිහිය
සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම
මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ

ආර්ය අෂ්ඨාංගික මාර්ගය

මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු චන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි.ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිධ්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි. එනමුදු ශ්‍රාවකයා නිර්වාණය අවබෝධය සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වන්නේ ශීල,සමාධි,ප්‍රඥා යන කොටස් අනුපිලිවෙලට වේ.

සම්මා දිට්ඨි
සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
8 සම්මා සමාධි
මෙම අංග සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වීම යනු සත්ත්වයා ජීවත් වීමයි. එය අනාගත සංසාරය සකස් වීමයි. බුදු දහමේ පෙන්නුම් කරන ආකාරයට මෙම අංග වෙනස් කිරීමෙන් හෙවත් සම්මා කිරීමෙන් සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් ලැබීම, තමා ගැන අවබෝධ වීම ලෙස හඳුන්වයි. එක් එක් අංගවල ‘‘සම්මා’’ තත්ත්වය ඉහත වගුවෙන් බලා ගත හැකි වේ. මෙම අංග පිළිවෙලින් සම්මා කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම ලෙස හඳුන්වයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා වේ. ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව රුකීමෙන් සම්මා කළ යුතු වේ. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි වැඞීම මගින් සම්මා කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි. ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප, දිට්ඨි අවබෝධයෙන් සම්මා කළ යුතු වේ. ප‍්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි. සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ. විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප‍්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ. විපස්සනා හෝ සමථ භාවනාවක යෙදි ඇති විට වායාමය, සති, සමාධි අංගවලින් වාචා, කම්මන්ත, ආජීව අංග සම්පූර්ණයෙන් නිදහස් වන කාලය (වාචා, කම්මන්, ආජීව අතුරුදහන්වන) කාය විවේකය ලෙස හඳුන්වයි. කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ. විපස්සනා හෝ සමථ භාවනාවක දී පංච නීවර්ණ ධර්ම යටපත් වී තිබෙන කාලය චිත්ත විවේකය ලෙස හඳුන්වයි. චිත්ත විවේකය, සංකප්ප හා දිට්ඨි යන අංග දෙක සම්මා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ. විපස්සනා භාවනාවක දී සම්මා සමාධි ලබා ගැනීමෙන් පසුව සංකප්ප හා දිට්ඨි යන අංග අවබෝධ කර ගැනීමට යොමු වේ. මෙහි දී බෝජ්ජංග ධර්ම දියුණු වන අවස්ථාව උපධි විවේකය ලෙස හඳුන්වයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා මාර්ග පල ලබාගැනීම [1]

එදිනදා ජීවිතයේමධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු චන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි.ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිධ්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි. එනමුදු ශ්‍රාවකයා නිර්වාණය අවබෝධය සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වන්නේ ශීල,සමාධි,ප්‍රඥා යන කොටස් අනුපිලිවෙලට වේ.

සම්මා දිට්ඨි
සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
8 සම්මා සමාධි

ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීම සංස්කරණය

මෙම අංග සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වීම යනු සත්ත්වයා ජීවත් වීමයි. එය අනාගත සංසාරය සකස් වීමයි. බුදු දහමේ පෙන්නුම් කරන ආකාරයට මෙම අංග වෙනස් කිරීමෙන් හෙවත් සම්මා කිරීමෙන් සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් ලැබීම, තමා ගැන අවබෝධ වීම ලෙස හඳුන්වයි. එක් එක් අංගවල ‘‘සම්මා’’ තත්ත්වය ඉහත වගුවෙන් බලා ගත හැකි වේ. මෙම අංග පිළිවෙලින් සම්මා කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම ලෙස හඳුන්වයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා වේ. ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව රුකීමෙන් සම්මා කළ යුතු වේ. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි වැඞීම මගින් සම්මා කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි. ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප, දිට්ඨි අවබෝධයෙන් සම්මා කළ යුතු වේ. ප‍්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි. සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි. සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ. විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප‍්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ. විපස්සනා හෝ සමථ භාවනාවක යෙදි ඇති විට වායාමය, සති, සමාධි අංගවලින් වාචා, කම්මන්ත, ආජීව අංග සම්පූර්ණයෙන් නිදහස් වන කාලය (වාචා, කම්මන්, ආජීව අතුරුදහන්වන) කාය විවේකය ලෙස හඳුන්වයි. කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ. විපස්සනා හෝ සමථ භාවනාවක දී පංච නීවර්ණ ධර්ම යටපත් වී තිබෙන කාලය චිත්ත විවේකය ලෙස හඳුන්වයි. චිත්ත විවේකය, සංකප්ප හා දිට්ඨි යන අංග දෙක සම්මා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ. විපස්සනා භාවනාවක දී සම්මා සමාධි ලබා ගැනීමෙන් පසුව සංකප්ප හා දිට්ඨි යන අංග අවබෝධ කර ගැනීමට යොමු වේ. මෙහි දී බෝජ්ජංග ධර්ම දියුණු වන අවස්ථාව උපධි විවේකය ලෙස හඳුන්වයි.

පටිච්ච සමුප්පාදය

පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.

අවිද්‍යාව අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව පටිච්ව සමුප්පන්න ධර්මයන් ය. ඒවා නම්,

සංස්කාර - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය[1] සංකාර - පුන්ඥාබි සංකාර සහ අපුන්ඥාබිසංකාර වසයෙන් කොටස් දෙකක්ද ඇතැම් තැනෙක දැකිය හැක.
විඤ්ඤාණ - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ[2]
නාම රූප - නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ සතර මහා භූතයන්ගෙන් සකස් වූ(උපාදාය)[3] රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි
සළායතන - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ[4]; මෙම සය ආධ්‍යාත්මික (අභ්‍යන්තර) ආයතන යි[5]; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; ධම්ම) බාහිර ආයතන [6] නම් වේ.
ඵස්ස (ස්පර්ශය) - ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන
සැප, සොම්නස්, දුක්, දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ
යම් විඳීමක් ඇත්ද, එයම හඳුනා ගනී; එනම් සංඥා උපදී
යමක් හඳූනා ගනී ද ඒ ගැන චේතනා පහළ වේ; අවිද්‍යා සහගත පුද්ගලයා ගේ එම චේතනාවම විපාක දීමට සකස් වේ
බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ
වේදනාව - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි
තණ්හාව - සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්(අයෝනිසෝමනසිකාරයෙන් යුතුව) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග); මෙය ම තණ්හාව වේ. එනම් කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා යනාදිය යි.
උපාදාන - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.
භවය - බැඳී ගිය සිතින් චේතනා පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) විඳවීම (වේදනීයං) පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.
ජාති - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.
ජරා-මරණ - උපත ලද සත්වයා ක්‍රමයෙන් දිරාපත් වෙමින් මරණයට පත්වීම යි; එනම් සියළු දුක් සමූහය යි.
දුක සකස් වීම සංස්කරණය
බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ පටිච්ච සමුප්පන්නව ම දුක සකස් වන බව යි. නැතහොත් හේතු ඵල ධර්මතාවය මත මෙය සිදුවන බවයි. අපවිසින් කරනු ලබන කුසල කර්ම ,අකුසල කර්ම (පුන්ඤ්ඤාබි සංකාර, අපුන්ඤ්ඤාබි සංකාර ) වලට අනුරූපව ඊළඟ භවය සකස්වීම සිදුවේ.

කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං දුක්‌ඛස්‌ස සමුදයො... සෝතඤ්ච පටිච්ච... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිචච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො
පින්වත් මහණෙනි, දුකෙහි හට ගැනීම යනු කුමක් ද? ඇසත් රූපයත් ඇසේ විඤ්ඤාණය යන මේ තිදෙනාගේ එකතුවෙන් උපදින්නේ එස්ස නම්වේ. ඵස්ස හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; මෙය තමයි දුකේ හට ගැනීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ හට ගැනීම.
කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති.

අයං දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො... සෝතඤ්ච පටිච්ව... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිච්ච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො ; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති.
අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො

පින්වත් මහණෙනි, දුකේ නැති වීම යනු කුමක් ද? ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. මෙය තමයි දුකේ නැති වීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ නැති වීම.

— දුක්‌ඛසමුදයසුත්‌තං [7]

පංචඋපාදානස්කන්ධය සැකසීම වශයෙන් සංස්කරණය
ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත ‍නොබිඳුනේ වේ නම් බාහිර ධර්මයෝත් ආපාථට එත් නම් එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේ නම් මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම් වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේද එය රූපෝපදානසකන්‍ධෙයහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේද එය සංඥොපාදානාස්කන්ධයෙහි සංග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වේත්ද ඔහු සංස්කාරොපදානස්කන්ධයෙහි සංග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේද එය විඥානොපාදානස්කන්ධයෙහි සංග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි. මෙසේ වනාහී මේ පසද් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස් වීම වෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරන ලදී. යමෙක් පටිච්ච සමුප්පාදය දකියිද හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකියිද හෙතෙම පටිච්ච සමුප්පාදය දකියි. කියාය. මේ උපාදානාස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහුය. මේ පඤ්‍චොපාදානස්කන්ධයෙහි යම් කැමැත්තක් ආලයක් ස්නේහයක් ගැලී සිටීමක් වේද එය දුක්ඛසමුදය යයි මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගය නැති වීමෙක් ඡන්දරාගය දුරු කිරීමෙක් වේද එය දුක්ඛ නිරෝධය යි කියායි. ඇවැත්නි මහණහු විසින් මේ පමණෙකින් බුද්ධශාසනය බොහෝකොට කරන ලද්දේ වේ යයි.

“යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකො වෙ මනො අපරිහින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුහාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති.යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්චති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරුපදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤූපාදානක්ඛන්ධ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: එවං ‍කිරමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: සො පටිච්චසමු්පාදං පස්සති සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී'ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධො. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අ‍ජ්ඣොසානං සො දුක්ඛසමුදයො, යො ඉමෙසු පඤ්චසු පාදානක්ඛන්ධෙසු ඡන්දරාග විනයො ඡන්දරාප්පහානං සො දුක්ඛනිරොධො'ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොතීති.“[8]

Paticca-Samuppada.JPG
හේතු-ඵල වශයෙන් පටිච්ච සමුප්පාද පැවතීම මෙසේ වටහාගත හැක.

අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
වේදනා පච්චයා තණ්හා - දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
උපාදාන පච්චයා භචෝ - බැඳීම් හේතු කොට භව සකස් වේ
භව පච්චයා ජාති - භව සකස් වීම හේතු කොට ඉපදෙයි
ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී

අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය පිලිබඳ නොදැනීමයි. සසර දුක බව තත්වාකාරයෙන් අවබෝධ කරගන්නතාක් කල් සත්වයා සැප විඳීම අපේක්ෂාවෙන් භවයට ඇලී ගැලී භවයම සකස්කර ගනී.නමුත් මේ සංසාරයේ කිසිම සත්වයෙක් ස්ථිරවූ හෝ සදාකාලික වූ සැප විඳීමක් ලබන්නේ නැත. සැප ලෙස පිළිගන්නා සියලු දේම මොහොත ඇවෑමෙන් නිසරු බවට පත්ව අවසන දුකම උරුම කරදෙන බව පිළිගන්නට හෙතම ප්‍රඥාව අවදිකරගත යුතු වන්නේය. එසේ යමෙක් මේ දුක තත්වාකාරයෙන් අවබෝදකරගත් කල්හි ඔහුගේ අවිද්‍යාව පහවී විදයාව පහල වේ.

පටිච්ව සමුප්පාදය ආර්ය නියාය සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි.

යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී
යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි
— මහාහත්‌ථිපදොපමසුත්‌තං [9]

යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති - යො ධම්‌මං පස්‌සති සො මං පස්සති යැයි බුදුපියාණන් වහන්සේ දේශනා කලේ, යමෙක් පටිච්‌චසමුප්‌පාදය දකියිද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ මං (බුදුන්)දකී. යනුවෙන් දැක්වෙන්නේ යමෙක් පටිච්‌චසමුප්‌පාදය දැකීම තුලින් ධර්මය දැකීමට සමත්වේ නම් හෙතෙම බුදුන් දැක නිවන් දකිනු ඇත යන අදහසයි.  
යොමුව සංස්කරණය
↑ මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං[1]
කිඤ්‌ච, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං වදෙථ? විජානාතීති (විසේසයෙන් දැනගැනීම ) ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ'න්‌ති වුච්‌චති. කිඤ්‌ච විජානාති?
පින්වත් මහණෙනි, විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් නිසා ද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැන ගනි යි ද?
අම්‌බිලම්‌පි විජානාති, තිත්‌තකම්‌පි විජානාති, කටුකම්‌පි විජානාති, මධුරම්‌පි විජානාති, ඛාරිකම්‌පි විජානාති, අඛාරිකම්‌පි විජානාති, ලොණිකම්‌පි විජානාති, අලොණිකම්‌පි විජානාති. විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ' න්‌ති වුච්‌චති
ඇඹුල්බවත් විශේෂයෙන් දැන ගන්නවා, තිත්තබවත්..., කටුකබවත් ..., මිහිරිබවත්..., කර රසයත්..., කර රස නැති බවත්..., ලුණු රසයත්..., ලුණු නො වන රසයත් විශේෂයෙන් දැන ගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ.
සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ඛජ්‌ජනීයවග්‌ගො→ඛජ්‌ජනීයසුත්‌තං[2]
↑ ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. - මජ්‌ඣිම නිකාය-1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය
↑ සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං
↑ සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→අජ්‌ඣත්‌තානිච්‌චසුත්‌තං [3]
↑ සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→බාහිරානිච්‌චසුත්‌තං[4]
↑ සංයුත්‌තනිකායො→සළායතනවග්‌ගො→සළායතනසංයුත්‌තං→යොගක්‌ඛෙමිවග්‌ගො→දුක්‌ඛසමුදයසුත්‌තං [5]; (සිංහල අනුවාදය: මහමෙව්නා සදහම් ප්‍රකාශන [6], 239 පිටුව )
↑ ම. නි. i, (2001), මහාසාරොපම සුත්ත, බු. ජ. ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, පි.462

↑ මජ්‌ඣිමනිකායො→මූලපණ්‌ණාසපාළි→ඔපම්‌මවග්‌ගො→මහාහත්‌ථිපදොපමසුත්‌තං [7]

කර්මය

මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
(සෑම දෙයකටම සිත මුල් වේ)
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
(සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි...)
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පස්සෙන් ලුහුබඳිනවා.)
..................ධම්ම පදය, යමක වග්ගය 1:1[1]

බුදු දහමට අනුව කර්ම යනු සචේතනිකව කරනු ලබන ක්‍රියාවේ. චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි [2] තවද බුදු දහමට අනුව කර්මය යනු පංච නියාම ධර්ම[3] වලින් එකකි. [4] බුදුරජානන් වහන්සේ සීවක පරිබ්‍රාජකයාට දේශනා කල පරිදි සියල්ල සිදුවන්නේ කර්මය නිසාම නොවේ.


වදන
බුදු දහමේ කර්මය සංස්කරණය
අංගුත්තර නිකායේ නිබ්බධිකා සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. “ මහණෙනි, මම වේතනාව කර්මය යැයි කියමි. යමෙකුගේ කැමැත්ත අනුව යමෙක් සිරුරෙන්, වචනයෙන් හෝ සිතෙන් ක්‍රියා සිදු කරයි”.

පුද්ගලයෙකු යම් ක්‍රියාවක් සිදුකරන සෑම අවස්ථාවකම මනස යට අභිප්‍රායක් හටගන්නා අතර එම ක්‍රියාවේ ඵල විපාකය නිර්ණය කරන්නේ එම සිතුවිල්ල මිස සිදු කරන ලද ක්‍රියාවේ බාහිර ස්වරූපය නොවේ. යමෙක් ශ්‍රද්ධාවන්ත හා සිල්වත් ස්වරූපයක් මවාපාමින් තණ්හා, වෛරය හා ක්‍රෝධයෙන් යුතුව යම් ක්‍රියාවක් සිදුකරයි නම් එම ක්‍රියාවේ ඵල විපාක රඳා පවතින්නේ ක්‍රියාවට හේතුවු මුලික අරමුණ මත බැවින් ඔහුට අනාගතයේ දුක් විපාක ලැබිය හැක. බුදුරජාණන් වහන්සේ සැප විපාක ලබාදෙන කුසල කර්ම (යහපත් ක්‍රියා) හා දුක් විපාක ලබාදෙන අකුසල කර්ම (අයහපත් ක්‍රියා) යන දෙවර්ගය පිළිබඳ දේශනා කළ සේක.

එම නිසා කර්ම ලෝකය පිළිබඳ විශ්ව න්‍යායක් පැහැදිලි කිරීමට මෙන්ම ආචාර ධර්මයක් ලෙසද යොදා ගනී. අනාගතය රඳා පවතින්නේ තමන් කරන ක්‍රියා මත බවත්, මේ හේතුවෙන් රහසිගත ක්‍රියා කිසිවක් නොමැති අතර සෑම ක්‍රියාවකින්ම යම් ප්‍රතිඵලයක් ලැබෙන බවත්, බෞද්‍ධයෝ විශ්වාස කරති. බුදුදහමේ එන කර්මයෙන් අවධාරණය කරන්නේ තමන්ට සිදුවන දේ ගැන වෙනත් කෙනෙකුට චෝදනා කළ නොහැකි බවත් එය තමාගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් බවත්ය.

කර්මය තවත් කොටස් වලට බෙදිය හැක. සංසාරික සැපත (උසස් ස්ථානයක උප්පත්තිය ලැබීම වැනි) ලබාදෙන කුසල කර්ම හා නිර්වාණය වෙත යොමු කෙරෙන කුසල කර්ම. එනිසා ලෞකික සැපත ලබාදෙන සංසාරික කුසල කර්ම මෙන්ම විමුක්තිදායක කර්ම, දුක් පීඩා සඳහටම නවත්වන නිසා ඇති උත්තම කර්ම ලෙස පවතී. ‍යමෙක් විමුක්තිය (නිර්වාණය) ලඟා කරගත් විට තවදුරටත් කර්මය හටගැනීම නවතී. මෙම තත්වයේ පවතින සිත පාලියෙන් "කිරිය සිත" නම් වේ. බුදුරජාණන් වහනසේ අවවාද කළේ කුසල කර්ම සිදු කිරීමයි. "අකුසල ක්‍රියාවන්ගෙන් වැළකීම, කුසල ක්‍රියා සිදු කිරීම, සිත දමනය කර ගැනීම සියළු බුදුවරුන්ගේ අනුශාසනාවයි " ධම්මපදය - 183 පාඨය සබ්බ පාපස්ස අකරනං , කුසලස්ස උපසම්පදා , සචිත්ත පරියෝ දපනං , එතන් බුද්ධාන ශාසනං .

කර්මයේ විපාක නොවැළැක්විය හැකි නිසා නැවත ඉපදීම සමඟ කර්මය අනිවාර්යෙන්ම බැදී පවති. නමුත් ‍නැවත උපතකට එකම හේතුව කර්මය නොවේ. මාහායාන සම්ප්‍රදායට අනුව 8 වන අදියරට ඉහළින් මාර්ග ඵල ලබාගත් බෝධිසත්වවරුන් නැවත උත්පත්තිය ලැබීමට තෝරාගන්නේ සංසාරේ තවමත් සිරවී දුක් විදිනා සත්වයන් මුදවා ගැනීමටයි.

බුදුරජාණන් වහන්සේ කර්මය හටගැනීමට අවශ්‍ය දේ දේශනා කළ සේක.

කර්මය සත්‍ය වශයෙන්ම සිදුවිය යුතුයි. එය මුළාවක් නොවේ.
දෙවනුව තමාගේ ක්‍රියාව පිළිබඳ වගකීම දැරිය යුත්තේ තමා විසින්මය. තමන් හරහා ක්‍රියාකරන යහපත් හෝ අයහපත් සත්වයකුගේ හෝ නක්ෂත්‍ර බලපෑමක් නොමැත. තමන් සිහියෙන් සිටින විට තම ක්‍රියාව නිර්ණය කරන්නේ තමන්මය.

ක්‍රියාවට ප්‍රතිඵලයක් තිබේ. ජලය මත ඇඳි ඉරක් මෙන් නොව සිදුකරන සෑම ක්‍රියාවකටම සිතේ ඇතිවු අරමුණ අනුව ලැබෙන සැප හෝ දුක විපාක

පුනුරුප්පත්තිය යන්නෙහි අදහස වන්නේ යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි.

හින්දු දහමට අනුව මරණයේදී පුද්ගලයෙකුගේ ආත්මය ශරීරයෙන් වෙන්ව අලුත් ශරීරයක උපත ලබයි. නමුත් බුදු දහමට අනුව ආත්මයක් නොමැති හෙයින් මෙය වෙනස් ආකාරයකට විග්‍රහ කර ඇත.

බුදු දහමට අනුව සංස්කරණය
පුනර්භවය; පුනුරුප්පත්තියට ආසන්නතම බෞද්ධ සංකල්පයයි. මීට බුදු දහමේ එන ත්‍රි-ලක්‍ෂණයට අනුව ලෝකයේ යථා ස්වරුපය අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වේ. එනම් (ආත්ම) නමින් සදාකාලිකව පවතින දෙයක් නොමැත. එම නිසා සිත යනු ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි පරම්පරාවකි. එය විඥ්ඥාණය නම් වෙයි. විඥ්ඥාණය යනු පංචේන්දියන්ට ග්‍රහණය වන දෙයයි.


බුදු දහමට අනුව පුනර්භවයෙදී ඊලඟ භවයට ගෙන යන්නේ මෙම සිතුවිලි පරම්පරාවේ අවසාන විඥ්ඥාණ අවස්ථාව සහ රැස් කරන ලද කර්මයයි.....

ත්‍රි ලක්ෂණ
වෙන භාෂාවකින් කියවන්න
මුර කරන්න
සංස්කරණය
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.අනිත්‍ය යනු නැසෙනසුලු බවයි.නිතරම වෙනස්වෙනසුලු බවයි(බුදුන්ගේ අනිත්‍ය යනු මෙය නොවේ.අනිත්‍ය යනු මගේ නොවේ යන්නයි..එය මසැසින් දැකිය නොහැකිය ..එය ප්‍රඣාවෙන් පමණක් ම දැකිය යුතුමය).සෑම මොහොතකම සෑම දෙයක්ම වෙනස්වේ.දුක්ඛ යනු දුක් සහිත බවයි.සියලුදේ නැසෙන නිසාම දුක් සහිතයි.ඉපදීම (ජාති),ලෙඩවීම(ජරා),මහළු වීම (ව්‍යාධි),මරණය (මරණ),අප්‍රියයන් හා එක්වීම(අප්‍රිය සම්පයෝග),ප්‍රියයන්ගෙන් වෙන්වීම (ප්‍රිය විප්පයෝග),කැමති දෑ නොලැබීම (ඉච්චිත අලාභ) යනාදිය දුක් සහිතය.දුකට හේතුව තණ්හාවයි.

                                                                                                තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායති භයා
                                                                                                 තණ්හාය විප්පමුත්තස්ස   -  නත්ති සෝකෝ කුතෝ භයං
                                                                                      තේරුම:- තණ්හාව නිසා දුක හටගනී - තණ්හාව නිසා බිය හටගනී 
                                                                                                     තණ්හාව නැතිකළ විට      - දුකක් නැත, බියක් කොහින්ද ?

අනාත්ම යනු හිස් බවයි.සියලු දේ වෙනස් වන නිසාත්,දුක් සහිත නිසාත් එහි ඇත්තේ හිස් බවයි.

නිවන

නිබ්බාන
පරිවර්තන
ඉංග්‍රීසි
Nibbana
පාලි
නිබ්බාන
සංස්කෘත
निर्वाण (නිර්වාණ)
බුරුම
နိဗ္ဗာန် (neibban)
චීන
涅槃
(පින්යින්: nièpán)
ජපන්
涅槃
(rōmaji: nehan)
කොරියානු
열반 (yeolban)
මොංගෝලියානු
γasalang-aca nögcigsen
සිංහල
නිවන
ටිබෙට්
mya-ngan-las-'das-pa
තායි
นิพพาน (nibpan)
වියට්නාම
Niết bàn
බුදු දහම ශබ්ද මාලාව
නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ[තහවුරු කරන්න]. නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක.

පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක.

තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත.

මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන' 'අවබෝධකර ගනී.


නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි අවබෝදයට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම අව්බෝදකරගැනීමට සමත් වන්නේ නැත . බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් අවබෝධ කරලීමට සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්ධත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන් අවබෝධ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා අවබෝධ කොටගෙන අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා අවබෝධ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය.



සසර දුක බව නිවැරදිව අවබෝධ කර ගැනීම .
මේ දුක නැතිකර ගත යුතුය යන දැඩි උවමනාව ඇතිකර ගත යුතුය.
මේ දුක නැතිකර ගත හැක්කේ සදහම් මගට පැමිනිමෙන්ම පමණක්ය යන තද බල විශ්වාසයට පැමිණිය යුතුය
මේ සම්බුද්ධ සාසනය තුලදීම නිවන් අවබෝදකල යුතුය යන විස්වාසය ඇතිකරගත යුතුය.
බුදුපියාණන් වහන්සේ විසින් ඉතා පහත් යැයි සලකු සැපයෙහි ඇලීමත්
දුක් දීමෙන් මොක්ෂයට පැමිණිය හැකිය යන මිත්‍යා විශ්වාසයන් ගෙන් වෙන්විය යුතුය
සියලු දේ කෙරෙහි උපාදානය හෙවත් ඇලීම දුරුකරගැනීම තුලින් මේ භවගමනින් නිදහස් වීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුය.
සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම (ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය. නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.

අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි (කිසිවක් නොමැති හිස් බව නොවේ).
සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.
සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.
චතුකෝටික ශුන්‍යතාවයකි. එනම් ආකාර හතරකින් (ඇත්තේ නැත, නැත්තේ නැත, ඇත්තේ නොවන්නේ නොවේ, නැත්තේ නොවන්නේ නොවේ) ශුන්‍ය තත්වයකි.
අවේදයිත සුඛ ලෙස දැක්වේ. එනම් නොවිඳීමෙන් ලබන සැපය යන්නයි.
මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.
බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.
බොහෝසත්වයන් පැමිණෙන ggggුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.
තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.
මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.

නිර්වානයේ අළුත්‍ පරණ ආදී වශයෙන් බේදයක් නොමැත. (වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)