Saturday, 23 May 2020

සංගීත


විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  "හාර්මනි සිද්ධාන්තය"
පන්ති පැවැත්වූ දිනය -  2020.05.23
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම,

දෙවන වාරයට නියමිත පාඩම් මාතෘකා 2 ක් අපි අද අධ්‍යයනය කරමු. ප්‍රථමයෙන් අපි "හාර්මනි සිද්ධාන්තය" පාඩම අධ්‍යයනය කරමු.මෙම සටහන සිද්ධාන්ත කොටස් සටහන් කරගන්න.

"හාර්මනි සිද්ධාන්තය"


බටහිර සංගීත පද්ධතියෙහි භාවිත ගායන වාදන ශිල්පීය ක්‍රමයක් ලෙස "හාර්මනි සිද්ධාන්තය හැදින්විය හැක.හාර්මනි යනු එකිනෙකට ගැලපෙන්නා වූ,සමාන වූ ස්වරයන්ගේ සුසංගත වීමයි.

Chords ගොඩනැගෙන්නේ Harmony සිද්ධාන්තයට අනුව නිසා එහි එකිනෙක ස්වර මිහිරි ව සුසංගත වේ.

Chords  එකකට ස්වර 3 ක් අවශ්‍ය වූවත් Harmony වීමට ස්වර දෙකක් පමණක් වුව ද ප්‍රමාණවත්ය.මෙම සිද්ධාන්තය බටහිර සංගීතයට අදාළ සංකල්පයක් වූවත් නූතන ශ්‍රී ලාංකීය ව්‍යවහාරික සංගීතයේ හා සරල සංගීතයේ දී බෙහෙවින් භාවිත වේ.විශේෂයෙන් වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,ගීත නාට්‍ය ආදියේ ගායන වාදන වල දී යොදා ගැනේ.සඩ්ජ පංචම හා සඩ්ජ මධ්‍යම භාවය ආදී වශයෙන් පෙරදිග සංගීතයේ දී ස්වර සුසංගත වීම ද හාර්මනි සිද්ධාන්තයකි.හාර්මනි සිද්ධාන්තය අනුව ස්වරයන් 3rd Harmony හා 5th Harmony ආදී වශයෙන් සුසංගත වන අයුරු අධ්‍යයනය කරමු.

උදාහරණ අංක 1



උදාහරණ අංක 2







උදාහරණ අංක 3




උදාහරණ අංක 4





ඉහත සදහන් නිදසුන් හොදින් අධ්‍යයනය කරන්න.

හොදයි පුතේ හාර්මනි සිද්ධාන්තය පාඩම මින් අවසානයි.අපි මීළඟ පාඩමට යොමු වෙමු.
අදට නියමිත 2 පාඩම තමයි බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණය.මෙම පාඩම බටහිර සංගීතය කොටස් සටහන් කර ගන්න.



බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණය

බටහිර සංගීත පද්ධතියට අනුව ස්වර ප්‍රස්ථාර කිරීමේදී භාවිත සම්මත රීතීන් පවතී.එහිදී ස්වර ප්‍රස්ථාරකරණයේ දී භාවිත සම්මත සංකේත පද්ධතියක් පවතී.එම සම්මත සංකේත යොදා ගනිමින් බටහිර සංගීතයෙහි ස්වර ප්‍රස්ථාර කිරීම සිදුකරනු ලබයි.අපරදිග ප්‍රස්ථාරකරණයේ දී භාවිත මූලික ක්‍රම ශිල්ප හා සංකේත හදුනා ගනිමින් ස්වර ප්‍රස්ථාර කිරීම පිලිබඳ අධ්‍යයනය කරමු.

එම රේකා 5 සහ එහි අන්තරයන් මත බටහිර ස්වර ප්‍රස්ථාරයන් සටහන් කරනු ලබයි.රේකාවන් "Lines" ලෙස හදුන්වනු ලබන අතර අන්තරයන් "Spaces" ලෙස හදුන්වයි.

උදාහරණ අංක 1








බටහිර සංගීත ස්වර වල    වටිනාකම් හා ස්වර සංකේත හදුනා ගැනීම.





බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරයක් තුළ සප්ත ස්වර පිහිටන අයුරු






Rest Mark (විරාම සකේත)
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී විරාමයක් හගවන සංකේත Rest Mark ලෙස හදුන්වයි.එක් එක් ස්වර සංකේතයන්ට අදාළ විරාමයන් හගවන සංකේත පහත පරිදි මෙසේය.





Time Signature (තාල සංකේත)
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී එක් එක් තාලයන් හගවන නිශ්චිත සංකේතයන් පවතී.එනම් 3/4, 4/4, 5/8, 7/8, 6/8 ආදී වශයෙන් බටහිර සංගීතයේ තාලය හගවන සංකේත Time Signature යනුවෙන් හදුන්වයි.




Key Signature 
බටහිර සංගීත පද්ධතියට අනුව ස්වර ප්‍රස්ථාර කිරීමේදී ප්‍රස්ථාරයක ශුද්ධ,කෝමළ හා තීව්‍ර යන ස්වරයන් සංකේතවත් කිරීමට හා එම ප්‍රස්ථාරය කුමන ස්කේලයකට ( Scale) අයත් දැයි සලකුණු කිරීම Key Signature යනුවෙන් හදුන්වයි.




Accidental Notes 
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී කිසියම් ස්වරයක් ශුද්ධ හෝ කෝමළ ස්වරයක් වූ විට එම ස්වරය ප්‍රස්ථාරයෙහි ස්වර සංකේතය ළගින් සටහන් කිරීම Accidental  Notes යනුවෙන් හදුන්වයි.




Dotted Notes
බටහිර ස්වර ප්‍රස්ථාරකරණයේ දී කිසියම් ස්වරයක වටිනාකමින් හරි අඩක් එම ස්වරයේ වටිනාකමට එකතු වූ විට Dotted Notes නිර්මාණය වේ.බටහිර සංගීතයේදී භාවිත Dotted Notes කිහිපයක් මෙසේය.




Tie or Bind
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී එක සමාන ස්වර 2ක් ප්‍රස්ථාරයක යෙදුණු විට එය වක්‍ර රේකාවක් මගින්  සංකේතවත් කරයි.බටහිර සංගීතයේ දී මෙය Tie or Bind ලෙස හදුන්වයි.




දැන් අපි පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් බටහිර ක්‍රමයට අනුව ප්‍රස්ථාර කරමු.


















හොදයි පුතේ බටහිර සංගීත පාඩම මින් අවසානයි. 
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏







No comments:

Post a Comment