Monday 27 April 2020

සිංහල





විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.04.27
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00


..........................................................


Audio Track🔊















































Audio Track🔊




Audio Track🔊


Audio Track🔊



තෙරුවන් සරණයි

චිත්‍ර




විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.27
වේලාව -   ප.ව. 03.00 - ප.ව. 04.00

.................................................................

චිත‍්‍ර විෂයය හදාරණ දරුවන් සියලුම දෙනාට සුභ සැන්දෑවක්....

අද අපි ලැස්තිවන්නේ ප‍්‍රායෝගික කියාකාරකමක යෙදෙන්නයි...

සතුටුයි නේද?....... 


එහෙනම් අපි පාඩමට යොමු වෙමු.....






















ඔන්න වැඩේ පටන්ගන්න.
ආයුබෝවන් දරුවනේ. Bharatha sir

සංගීත





විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම        -  බටහිර සම්භාව්‍ය‍ය සංගීතඥයින්
පන්ති පැවැත්වූ දිනය -  2020.04.27
වේලාව -   ප.ව. 01.30 - ප.ව. 03.30


........................................................................

සුභ දහවලක් වේවා දරුවො හැමෝටම
අපි අද 11 වසර දෙවන වාරයට නියමිත හතර වන පාඩම පටන් ගනිමු.



සංධ්වනි නිර්මාණය කරුවන්

1.වුල්ෆ්ගෑන් අමදියස් මෝසර්ට්
2. ලූඩ් විග් වෑන් බීතෝවන්

3.යානී



1.වුල්ෆ්ගෑන් අමදියස් මෝසාර්ට් 

 සංධ්වනි නිර්මාණ කරනයේ ඉතා ප්‍රකට නිර්මාණකරුවෙකු ලෙස වුල්ෆ්ගෑන් අමදියස් මෝසාර්ට් හැදින්විය හැක. මොහු ක්‍රි.ව.1756 ජනවාරි 27 වන දා බටහිර ඕස්‍ට්‍රියාවේ සැල්ස්බර්ග් නුවර දී උපත ලැබීය.වයස අවුරුදු 6 සිටම වාදනයට මනා හැකියාවක් හා දක්ෂතාවක් දැක්වූ මෝසාර්ට්, බීතෝවන් ගේ ගුරුවරයා විය. වයස අවුරුදු 9 දී ප්‍රථම සිම්පනිය ද, වයස අවුරුදු 11 දී ප්‍රථම ඔරටෝරිය ද, වයස අවුරුදු 12 දී ප්‍රථම ඔපෙරාව ද ප්‍රබන්ධ කර ඇත.මෝසාර්ට් නිර්මාණවේදියාගේ විශිෂ්ටතම සංධ්වනි නිර්මාණ කෘති ලෙස,

තවද මෙතුමාගේ නිර්මාණ කෘති අතර

ප්‍රාග්
* ජුපිටර්

* ද මැජික් ෆ්ලූට් යනාදිය දැක්විය හැක .

සුවිශිෂ්ට සංධ්වනි නිර්මාණ කෘති රැසක් ලොවට දායාද කළ මෙතුමා ක්‍රි.ව. 1791 ඕස්‍ට්‍රියාවේ දෙසැම්බර් 5 වන දින වියානා නුවර දී සිය සංගීත දිවියෙන් සමුගත්තේය.



2. ලූඩ් විග් වෑන් බීතෝවන් 

ක්‍රි.ව.1770 දෙසැම්බර් 17 දින් ජර්මනියේ බොන් නුවරදී මෙතුමා උපත ලබා ඇත.බීතෝවන් සංගීත කලා විෂයට දැක්වූ දක්ශතාවන් හා කුසලතාවන් ඔහුගේ නිර්මාණ කෘති තුළින් මනාව විද්‍යාමාන වේ.කුඩා කල සිටම සිය සංගීතය කෙරෙහි සහජ කුසලතා එළි දැක්වූ මොහුගේ ගුරුවරයාවූයේ මෝසාර්ට් සංගීතවේදියාණන්ය.

බීතෝවන්ගේ සංගීතයේ විශේෂත්වය වුයේ පෙර නොවූ විරූ සංගීත ශිල්පාංග,සංගීත වාද්‍ය භාණ්ඩ හා විශාල වාද්‍ය භාණ්ඩ සංඛ්‍යාවක් ඔහුගේ සංධ්වනි නිර්මාණ සදහා යොදා ගැනීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා ප්‍රාණවත් මෙන්ම ගැඹුරු වාද්‍ය සංගීතයක් සිම්පන් ක්‍රමය තුළින් බිහිවී ඇත.බීතෝවන් විසින් ලොව ප්‍රකට සිම්පන් කෘති 9ක් නිර්මාණය කර ඇත.එම සිම්පනි නිර්මාණ කෘති අතරින්



සංධ්වනි සංගීතයේ විශිෂ්ට දායාද ලෙස පිළිගැනේ. ජීවිතයේ අවසාන භාගයේදී බීතෝවන් ශ්‍රව්‍යාබාධිත තත්ත්වයට පත්විය. කොරල් සිම්පනිය නම් අවසාන කෘතිය ඔහු නිර්මාණය කරන ලද්දේ ශ්‍රව්‍යාබාධිත තත්වයේදීය. මෙම සිම්පනිය කටහඬ පමණක් යොදා ගෙන නිර්මාණය කිරීම විශේෂත්වයකි.සිම්පනි ක්‍රමය හැගීම් ප්‍රකාශ කිරීමේ ජීවාත්මයක් ලෙසින් දියුණු කරනු ලැබුවේ බීතෝවන්ය. බටහිර රොමෑන්ටික් (සෞන්දර්යවාදී) සංගීත කලාකරුවකු ලෙස ද අගය කල හැක.බටහිර සම්භාව්‍ය සංධ්වනි නිර්මාකරුවන් අතර අවසාන නිර්මාණවේදියා වූ බීතෝවන් ක්‍රි.ව.1827 මාර්තු 26 සිය සංගීත දිවියෙන් සමුගත්තේය.




නූතන ලෝකයේ සිම්පනි සදහා ප්‍රචලිත නිර්මාණකරුවෙකි. ඉතාලි ජාතික යානී නීර්මිත සමූහ වාදන නිර්මාණ රාශියක් ලෝකයේ ප්‍රචලිත ව පවතී. යානී උපත ලබා ඇත්තේ ක්‍රි.ව.1954 නොවැම්බර් 14 දින ග්‍රීසියේ කැලමාටා හිදීය. වයස අවුරුදු 6 සිටම යානී පියානෝ වාදනය සදහා යොමු වූ අතර විවිධ සංගීත ගුරුවරුන් ඇසුරෙන් සංගීත කලා කෞෂල්‍යය වර්ධනය කර ගනිමින් ජන සංගීතය,ස්වර ප්‍රස්ථාරකරණය හා වාදනය පිළිබඳ හසල දැනුමක් ලබා ඇත. සංගීත අධ්‍යාපනය ලබන අතරතුර හෙතෙම රොක් වාදක කණ්ඩායමක පියානෝ වාදකයකු හා කී බෝධි වාදකයකු ලෙස ද කටයුතු කරමින් සිය දක්ශතා ප්‍රකට කර ඇත.
මොහුගේ සංගීත දිවියෙහි වැදගත් ලක්ෂණයක් වන්නේ ඔවුන් ලොව කුමන රටක සංදර්ශනයක් පැවැත්වුව ද එම රට ට ආවේණික වූ ජන සංගීත නිර්මාණයක් හෝ වාද්‍ය නිර්මාණයක් හෝ එම රටෙහි ජනප්‍රියත්වයට පත් පැරැණි හෝ නව්‍ය නිර්මාණයක් තුළින් රසිකයන් අමන්දානන්දයට පත් කිරීමයි.


යානී විසින් එළි දකවන ලද සංගීත නිර්මාණ කෘති








අදට පාඩම අවසානයි.මෙම සටහන සිද්ධාන්ත කොටසේ නිවැරදිව සටහන් කරගන්න. මෙතෙක් කල පාඩම් හොදින් අධ්‍යයනය කරන්න. ඉදිරි දිනයේ දී විභාග ප්‍රශ්න පත්‍රයකට සූදානම් වන්න.නැවත ඉදිරි දිනකදී හමුවෙමු. තෙරුවන් සරණයි .
ආයුබෝවන් 🙏





නැටුම්





විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පාඩම       -   අංග රචනය
පන්ති පැවැත්වූ දිනය -  2020.04.27
වේලාව -   ප.ව. 04.00 - ප.ව. 06.00





මේක බලන්නකෝ  අංග රචනය කියන වචනය නුහුරු උනාට වැඩේ තේරෙයි හරියටම

Video Track 🔊


මෙන්න මේක තමා අංග රචනය කියන්නෙ මෙකට පොඩි නිර්වචනයක් තියනවා අපි බලමු මොකක්ද කියල






අපි මේ කොටස් 2 සරලව  තේරුම් ගමු
අපි ඉස්සල්ල සරල අංග රචනය කියන්නෙ මොකක්ද බලමු මම දැන් දාන විඩියෝ එකේ තියෙන්නෙ ඔයාල කැමතිම භාෂාවෙන් 😄😄 භාෂාව  වැඩක් නෑ මේක බලල තේරුම් ගන්න

Video Track 🔊


දැන් අපි සරල අංග රචනයේ නිර්වචනය බලමු



ඊලඟට අපි බලමු චරිතාංග අංග රචනය කියන්නෙ මොකක්ද කියල

Video Track 🔊

චරිතාංග අංග රචනයටත් පොඩි නිර්වචනයක් තියනවා


අංග රචනයට ලොකු ඉතිහාසයක් තියනවා බලන්නකෝ මේක




අංග රචනය කියන එකේදී  මුහුණ ප්‍රධාන වෙනව මොකද මනුෂ්‍යක් අදුර ගන්නෙ මුහුණ බලලනෙ



අංග රචනයක් කරන එක ලේසි පහසු වැඩක් නෙමේ ඒකට ලොකු පුහුනුවක් ඕනේ

Video Track 🔊



අංග රචනයක් කරන්න අවශ්‍ය දේවල් බලන්නකෝ



























ඔයාලගෙ අතිරේක කියවීම් පොතෙත් පොඩි සටහනක් තියනව ඒකත් කියයවගන්නකෝ





මේ වැඩ ටිකත් කරන්න

1.අංග රචනය යනු කුමක්ද?
2.අංග රචනයේ කොටස්  හදුන්වන්න?
3.අංග රචනයක් සදහා අවශ්‍ය උපකරණ කිහිපයක් නම් කරන්න?
4.අංග රචනයේ  වැදගත්කම අගයන්න ?

5.වඩිග පටුන නර්තයේදී අංග රචනයෙන් ලැබෙන පිටු වහල අගයන්න?

සුභ සැන්දෑවක් 
අයුබෝවන් 🙏🙏