Friday 29 May 2020

සංගීත


විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  නූර්ති සංගීතයේ රාගධාරී පසුබිම
පන්ති පැවැත්වූ දිනය -  2020.05.29
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම,
හොදයි පුතේ අපි දැන් සංගීත පාඩම ආරම්භ කරමු.

අදට නියමිත පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කර ගන්න.


නූර්ති සංගීතයේ රාගධාරී පසුබිම

නූර්ති නාට්‍ය සංගීතය වූ කලී උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතයෙන් පෝෂණය වූ නාට්‍ය සම්ප්‍රදායකි.ශ්‍රී ලාංකේය රසික හදවත් යුග ගණනාවක් පුරාවටම අමන්දානන්දයට පත් කළ සංගීත සම්ප්‍රදායක් ලෙස නූර්ති ගීත සම්ප්‍රදාය හැදින්විය  හැක. නූර්ති සංගීතය සදහා උත්තර භාරතීය හින්දුස්ථානී රාග තාල බෙහෙවින් පාදක වී ඇති අතර හින්දුස්ථානී සංගීතය සෘජුවම රාග අංග ගී තනු තුළින් රසාලිප්තව නිර්මාණය වීම තුළින් නූර්ති නාට්‍ය ගීත කර්ණ රසායන මධුරතා ගුණයෙන් අනූන විය.

ග්‍රැමෆෝන් තැටි යුගය තුළ මුලින්ම සිංහල  නූර්ති නාට්‍ය ගීත තැටි වලට නැගුණු අතර එම ගීත බෙහෙවින් ජනප්‍රිය වූයේ එවකට නූර්ති නාට්‍ය කලාව ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රමුඛ රසවින්දන මාධ්‍ය බවට පත් වූ බැවිනි.

හින්දුස්ථානී සංගීත පද්ධතියට අයත් ශාස්ත්‍රීය රාග වල අනන්‍ය  ස්ථායී අන්තරා අකෘතිය,මීන්ඩ්,ගමක්,
කන්,මූර්කි යන ගායන වාද්‍ය ශිල්පීය ක්‍රම හා අලංකාරයන් නූර්ති ගී තනු සදහා යොදා ගැනීම විශේෂත්වයකි.උත්තර භාරතීය සංගීත පද්ධතිය ට අයත් සර්පිනා,තබ්ලා වැනි ස්වර හා තාල වාද්‍ය භාණ්ඩ යොදා ගැනීම ද දොහොරා(Adlib) වැනි සුවිශේෂී ගීත කාණ්ඩ යොදා ගැනීමත් රාගධාරී පසුබිම තුළින් විද්‍යාමාන වේ.සිංහල නූර්ති ගී තනු කිහිපයක් විශ්වනාත් ලවුජි,අබ්දුල් සතාර්,ජඨා ශංකර් වැනි හින්දුස්ථානී සංගීතඥයින්  විසින් නිර්මාණය කර ඇති බව විශේෂයෙන් සදහන් කළ හැක.

* හින්දුස්ථානී රාගාශ්‍රිතව නිර්මාණය වී ඇති ප්‍රචලිත නූර්ති නාට්‍ය කීපයක් මෙසේය.



* රාගාශ්‍රිතව නිර්මාණය වී ඇති රාමායණය නූර්තියෙහි ගීත කිහිපයක් මෙසේය.



* රාගාශ්‍රිතව නිර්මාණය වී ඇති නූර්ති නාට්‍ය ගීත වලට අදාළ ගී පද මාලාවන් හා ගීත ස්වර ප්‍රස්ථාරයන් පහත පරිදි මෙසේය.







එහෙනම් පුතේ රාගාශ්‍රිත නුර්ති නාට්‍ය ගීත හොදින් අධ්‍යයනය කරමින්  සටහන්  කර ගන්න.එවා ඇති  ගීත  හොදින් රසාස්වාදය  කර ප්‍රායෝගිකව පුහුණුවන්න.
එහෙනම් පුතේ අදට පාඩම අවසානයි.සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏





1 comment: