Monday 11 May 2020

නැටුම්


විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.11
වේලාව -   ප.ව. 04.00 - ප.ව. 06.00


.........................................................................





කෝලම් පාඩමට කලින් 10 වසරේදී ඔයගොල්ලො ඉගෙනගත්තු සොකරි පාඩම පිළිබද මතකය ආවර්ජනය කිරීමට අද දින මම බලාපොරොත්තු වෙනවා.නැවත අපි හමුවන දිනයේදී කෝලම් පාඩමට පිවිසෙනවා.



ඔන්න සොකරි කතා පුවත අහගන්නකෝ

Audio Track🔊

ඔන්න දැන් කතා පුවත  පිළිබද  සටහනක්




සොකරි නාටකය පැවැත්වීමේ අරමුණු  මොනවද කියල ඔයාල දන්නවද? පොඩි සටහනක් දෙන්නම්.



මේකත අහල බලන්නකෝ

Audio Track🔊

එහෙනම් පැවැත්වීමේ අරමුණු  ගැන ගැටලුවක් නෑනේ.දැන් බලමු මෙමෙ නටකයේ වාදනය පිළිබද





ඉහත සටහන බලනකොට ඔයාලට පේනව ඇති  ප්‍රදේශීය වශයෙන් වාදන භාන්ඩ වෙනස් වෙන බව එය හොදින් මතක තියා ගන්න

අතීතයදී සොකරි සදහා හොරණෑවද භාවිතයට ගෙන තිබුණත් වර්තමානයේදී හොරණෑ වාදකයෙකු දකින්නට නැත

අපි දැන් බලමු සොකරි වල ගායනය පිළිබද

මේක අහන්නකෝ

Audio Track🔊

Audio Track🔊

මම ගායනා පිළිබද පුංච් සටහනක් දෙන්නම්




දැන් ඔයාලට මහන්සිද එහෙනම් සොකරි නාටකය ඇසුරින් බිහි  වුන වේදිකා නාට්‍යක් තියනව අපි ඒක බලලා ඉමු



රංග වස්ත්‍රාභරණ  හා රංග භාණ්ඩ භාවිතය දැන් අපි කතා කරමු

Audio Track🔊

Audio Track🔊

අපි දැන් බලමු සොකරිගේ හැඩ ගැන්වීම ගැන

Audio Track🔊

පරයා ඔයාලට නෙමේ කිව්වෙ හරිද ඒ මේකෙ එන චරිතයක් 😄😄එයාගෙ හැඩහුරුවත් බලන්නකෝ



දැන් බලමු අපි වෙදරාළ ගැන 🐓🐓

Audio Track🔊

දැන් බලමු සොත්තානා ගැන 👶

Audio Track🔊

සොකරි නාටකයේ චරිත නිරූපණය පිළිබද විචාරය

Audio Track🔊

Audio Track🔊

අපි සොකරිගේ චරිතය ගැන බලමු

Audio Track🔊

අපි දැන් පරයා ගැනත් බලමු

Audio Track🔊

Audio Track🔊

අපි දැන් බලමු වෙදරාළ ගැන

Audio Track🔊

Audio Track🔊

අපි මේ නාටකය රැක ගන්නෙ කොහොමද කියල බලමු




දැන් ඔයාලට මම සොකරි පිළිබද මතක් කරල දුන්නා මම පොඩි  වැඩ ටිකක් දෙන්නම් මතකද බලන්න මේ වැඩ ටික කරන්න.





අපි අනිත් දිනයේදී කෝලම් පාඩමට පිවිසෙනවා.බොහොම අපූරු පාඩමක් එතකම් කෝලම්  නොකර පරිස්සමින් ඉන්න ඕනෙ 😁😁 .


පුතාල ඔක්කොටම සුභ සැන්දෑවක් 

ආයුබෝවන් 🙏










සංගීත


විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  කෝඩ්ස් සංකල්පය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.11
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම,

අද අපි දෙවන වාරයට නියමිත කෝඩ්ස් සංකල්පය පාඩම අධ්‍යයනය කරමු.මෙම පාඩම බටහිර සංගීතය කොටසේ සටහන් කර ගන්න.


කෝඩ්ස් සංකල්පය

කෝඩ්ස් සංකල්පය බටහිර සංගීත සංකල්පයක් ලෙස හැදින්විය හැක.බටහිර සංගීත පද්ධතිය තුළ කෝඩ්ස් සංකල්පය බහුලව භාවිත වුව ද ශ්‍රී ලාංකේය ව්‍යවහාරික සංගීතය තුළ කෝඩ්ස් භාවිතය බහුලව දැක ගත හැක.කෝඩ්ස් යනු ස්වර සංකලනයක් ලෙස සරලව දැක්විය හැක
එකිනෙකට ගැලපෙන්නා වූ ස්වර කීපයක් එකවර හැඩවීමෙන් උපදවාගනු ලබන ස්වර සංකලනය "කෝඩ්ස්" නමින් හදුන්වයි.මෙම ස්වර සංකලනය කිසියම් රටාවකට අනුව නිර්මාණ වී ඇති අතර එහි ගණිතමය නිතියක් ද ඇති බව පරිශීලනය කිරීමේ දී දැකිය හැක.ඒ නියතියට අනුව ඒ ඒ ස්වර සංකලන වලට යෙදෙන නාමයන් ද වෙනස් වේ. එනම්,



බටහිර සංගීත ක්‍රමයේ ඇති සියලුම කෝඩ්ස් සෑදෙන්නේ ඉහත දක්වා ඇති ස්වර 12 න් ස්වර 3 ක් හෝ 4 ක් එකවර හැඩවීමෙනි.කෝඩ් එකක් නිර්මාණය වීම සදහා අවම වශයෙන් ස්වර 3ක්වත් අවශ්‍ය වේ. බටහිර සංගීත පද්ධතියට අනුව ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග 2 ක් හදුනා ගත හැක.

1.මේජර් කෝඩ්ස් (Major Chord's)
2.මයිනර් කෝඩ්ස් ( Minor Chord's)


මීට අමතරව එක් ස්වරයකින් තවත් කෝඩ්ස් ගණනාවක් බිහිවන අතර එසේ බිහිවන්නා වූ කෝඩ්ස් ප්‍රබේධ කීපයක් යටතේ හදුනා ගත හැක.

* Seventh 
* Sus
* Augmented 
* Diminish 
* Added 6th

* Added 9th


විද්‍යුත් ස්වර පුවරුවක ගීතයක් වාදනය කිරීමේ දී වම් අතින් ගැලපෙන කෝඩ්ස් ඉතා අලංකාරවත්ව වාදනය කල හැක.ගීතයක මධුරතාවය හා විචිත්‍රත්වය කෝඩ්ස් වාදනය මගින් ලබා දේ.

1. මේජර් කෝඩ්ස් (Major Chord's)


ස්වර පුවරුවක අදාල ස්වරයේ සිට පිළිවෙලින් පස් වන හා අට වන යතුරු තුනට අදාළ ස්වරයන් එකවර හැඩවීමේ දී මේජර් කෝඩ් එකක සංකලනය සිදුවේ.මේජර් කෝඩ් එකක් සෑදීමේ දී පළමුව පහත දැක්වෙන ආකාරයට පෙරදිග ක්‍රමයට හා අපරදිග ක්‍රමයට ස්වර දොළොස අනුපිළිවෙළින් ලියා ගත යුතු වේ.එය පහත පරිදි මෙසේ දැක්විය හැක.



එවිට 1,5,8 යන අංක වලට ලැබෙන්නේ අදාළ ස්වර සංකලනයෙන් මේජර් කෝඩ් එකකි.ප්‍රධාන වශයෙන් මේජර් කෝඩ්ස් 12 කි.



මේජර් සලකුණ ලියා දැක්වීමේ දී අදාළ සලකුණට (ස්වරයට) දකුණු පස ඉහළින් කැපිටල් (M) සලකුණ යෙදී ඇත්නම් එය මේජර් සලකුණයි.සමහර අවස්ථා වල කිසිදු සලකුණක් නොමැතිව කෝඩ්ස් ලියා ඇත්නම් එය මේජර් කෝඩ්ස් ගණයට අයත් වේ.




ප්‍රධාන මේජර් කෝඩ්ස් (12) ස්වර පුවරුවක පිහිටන අයුරු
















2.මයිනර් කෝඩ්ස් (Minor Chord's) 


මයිනර කෝඩ්ස් සාදා ගැනීමේ දී ඉහත ආකාරයටම පෙරදිග හා බටහිර ස්වර 12 පිළිවෙලින් ලියා ගත යුතුය.එය පහත පරිදි මෙසේය.




ස්වර පුවරුවක අදාල ස්වරයේ සිට පිළිවෙලින් 4 හා 8 යන යතුරු 3 ට අදාළ ස්වරයන් එකවර හැඩවීමේ දී මයිනර් කෝඩ් එකක සංකලනය සිදුවේ.ප්‍රධාන වශයෙන් මයිනර් කෝඩ්ස් 12 කි. ඒවා පහත පරිදි මෙසේය.




* මයිනර් කෝඩ්ස් ලියා දැක්වීමේ දී අදාළ ස්වරයට දකුණු පස ඉහළින් සිම්පල් (m) සංකේතය යොදනු ලබයි.ඉහත දක්වනු ලැබූ (1),(4),(8) අංක වලට හිමි යතුරු ස්වර පුවරුවෙන් අංකනය කරගනු ලබන්නේ ස්වර පුවරුවෙහි ඇති කළු යතුරු ද යොදා ගනිමිනි.ප්‍රධාන මයිනර් කෝඩ්ස් 12 ට අදාළ ස්වයන් පහත පරිදි වගු ගත කර දැක්විය හැක.



හොදයි පුතේ එහෙනම් අදට කෝඩ්ස් පාඩම අවසානයි.මෙම පාඩම  සටහන් කර හොදින් අධ්‍යයනය කරන්න.ගැටළු ඇත්නම් මා වෙත යොමු කරන්න.

පසුගිය දිනයේ විභාග ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු මෙසේය.

(1) 2
(2) 1
(3) 3
(4) 4
(5) 3
(6) 4
(7) 3
(8) 2
(9) 1
(10) 4 
(11) 1
(12) 3
(13) 1
(14) 4
(15) 3
(16) 1
(17) 4
(18) 1
(19) 4
(20) 4
(21) 2
(22) 3
(23) 4
(24) 2
(25) 1
(26) B
(27) D
(28) A
(29) C
(30) A
(31) 3
(32) 2
(33) 4
(34) 4
(35) 2
(36) 24 යි.
(37) රාගයක අදාළ ස්වර වේගවත්ව ගායනය වාදනය කිරීම.
(38) රි,ග,ම,ධ,නි ( ග,නි කෝමළ විය යුතුයි.)
(39) නාඩගම් - මද්දලය 
        නූර්ති - තබ්ලාව 
(40)
X            2            0         3

| ධි නා |ධි ධි නා|ති නා| ධි ධි නා|

තෙරුවන් සරණයි 

ආයුබෝවන් 🙏








චිත්‍ර



විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.11
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


.................................................................

ආයුබෝවන් දරුවනේ 

අද අපි චිත‍්‍ර ලිඛිත පාඩමක් සඳහා යොමු වෙමු.




ඉහතින් දක්වා ඇත්තේ ඒ පාඩම පිළිබඳවයි.


























හින්දු ආගමික මූර්තියක් වූ නටරාජ මූර්තිය ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ තාණ්ඩව නර්තන විලාශයක් පෙන්නුම් කරයි. 

කොළඹ ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙන මේ නටරාජ රුව හමුවී ඇත්තේ පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලයෙනි.

මෙය කි‍්‍ර.ව. 12 වැනි සියවස්වලට අයත් ලෙස සැලකේ. 

ලෝකඩ මාධ්‍යයෙන් පූර්ණ උන්නතව මූර්තිමත් කර තිබෙන මේ නිර්මාණය ලෝහ වාත්තු කිරීමේ ඉපැරණි ශිල්ප ක‍්‍රමය පෙන්වන විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකේ. 


සමබරතාව රැුකෙන පරිදි මූර්ති සිද්ධාන්ත මත පිහිටා ගිනි කදම්බයක් තුළ වේගවත් නර්තනයක යෙදෙන අයුරු දැක්වීම මේ නිර්මාණයේ විශිෂ්ඨ ශිල්පීය ලක්‍ෂණයකි.

මේ ප‍්‍රතිමාවේ අත්වලින් දක්වන සංකේත හා මුද්‍රා පහත දැක්වේ.

දකුණු පස ඉහළ හස්තයේ උඩැක්කිය /බෙරය ද වම්පස ඉහළ හස්තයේ ගිනි සිළුව ද දකුණු පහළ හස්තයේ අභය මුද්‍රාව ද වම් පස පහළ හස්තයේ පොළවට දිගු කරගෙන සිටින ලෙසින් ගජහස්ත මුද්‍රාව ද දැක්වේ. 

වම්පය ඔසවා ර`ගන ශිව දකුණු පාදයෙන් සිරුරේ බර දරා සිටින අතර එම පාදයෙන් පාගාගෙන සිටින වාමන රූපයෙන් අවිද්‍යාව සංකේතවත් වේ.

කෙස්කළඹ තුළ තිබෙන කි`දුරු රුවින් ගංගානම් ග`ග නිරූපණය කෙරෙන අතර හිස පැළ`දි ඔටුන්නෙහි අඩ ස`දක් ද මිනිස් හිස් කබලක් ද කි`දුරු රූපයක් හා නාග රූපයක් ද දැක්වේ. 

මුළු රූපය ම ගිනි දැල් විහිදෙන ආරුක්කුවක් ඇතුළත පිහිටා ඇති අතර මේ ආරුක්කුව ඇරඹෙන්නේ පද්මාසනයක් මත පිහිටුවා තිබෙන බද්ධ කරනු ලැබූ මකර මුඛවලිනි. 


මේ මූර්තියේ දකුණු කනෙහි පුරුෂ කර්ණාභරණයක් සහ වම් කනෙහි ස්තී‍්‍ර කර්ණාභරණයක් දැක්වෙන අතර ගී‍්‍රවාභරණ ද පැළ`ද ඇත.



අපි බලමු මෙම ප‍්‍රතිමා පිළිබඳ විස්තර ටිකක්




අපි බලමු මීලගට ගණදෙවි ප‍්‍රතිමාව පිළිබඳ විස්තර ටිකක්





පොළොන්නරුවේ අංක 5 දරන හින්දු කොවිලෙන් හමු වූ හින්දු ආගමික මූර්තියකි. 

කි‍්‍ර. ව. 12 වැනි සියවසට අයත් ලෙස සැලකෙන මේ ගණදෙවි රූපය මේ වන විට පොළොන්නරු කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වේ. 

ලෝකඩ මාධ්‍ය හා ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක‍්‍රමය  භාවිත කර ඇත.

ශිව හා පාර්වතීගේ වැඩිමහල් පුත‍්‍රයා ලෙස ගණ දෙවියන් සැලකේ. ඇත් හිසක් හා විශාල උදරයක් සහිත ශරීරයකින් යුතු ගණ දෙවියන්  ඥාණයට අධිපති මෙන්ම බාදක ඉවත්කරන දෙවියෙක් ලෙසද සැලකේ.



























දරුවෝ සියලුමදෙනා මේ පාඩම හොඳින් අධ්‍යනය කරලා සටහන් කරගන්න.






අතිරේක දැනුම සඳහා මේ විඩියෝ නරඹන්න.

පාඩම අවසානයේ දක්වා ඇති කි‍්‍රයාකාරකමෙි යෙදෙන්න.



🙏AYUBOWAN