Wednesday, 22 April 2020
විද්‍යාව
විෂය - විද්‍යාව
ගුරුභවතා - නදිත් නිශ්ශංක මහතා
පාඩම - ආහාර ජිරණ පද්ධතිය
පන්ති පැවැත්වූ දිනය - 2020.04.22
වේලාව - පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
........................................................................
ආයුබෝවන් පුතාලාට.මුලින්ම අපි එකතු කර ගන් නැතුව පාඩම් කල යුතුය .එ සදහා දැන ගිය සතියෙ කල පාඩම (පෝස්ටරය) වන ආහාර ජිරණ පද්ධතියේ කොටස් හා කෘත්‍යන් හොදින් පාඩම් කරන්ඩ. එදා පාඩමට සහබාගි නොවුන අය එය ඇද ගන්ඩ.අද අපි ශ්වසන පදධතිය ගැන ඉගෙන ගමු .එ සදහා පෙරවරු 8.30ට බිසිල් බෝඩ් එකක් හො කැලන්ඩරක් රැගෙන ලැස්ති වෙන්ඩ.මෙත් OL වල ලකුනු 2 ක් 3ක් ගත හැකි පාඩමකි.
Audio Track 🔊
දැන් ඉහත රුපය ලස්සනට අදින්න.පෝස්ටරය අදින කොට රුප ,ඊතල,අකුරු , ඉලක්කන් ,එ ආකාරයටම අදින්න.වර්ණවත් කරලා ලස්සන කරන්ඩ
පෝස්ටර මගින් හොදින් මතක තබා ගැනිම පහසු නිසා.හැමොම අදින්න.
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
පෝස්ටරය ඇද.අදාල රුප සටහන් බලමින් මෙම ඹ්ඩියෝ නැවත නැවත අහන්ඩ.
3 ඉලක්කම යටතෙ දෙවනි කරුන ලග ටිපෙස් කර ඇති තැන මුදුය යන්න කියා නිවරදි කර ගන්ඩ
දැන් හොදට කලින් කරපු පෝස්ටර් 2ක පාඩම් කරන්ඩ.අපි 3ට අලුත් පාඩම පටන් ගමු.කැලැන්ඩරයක් අරන් ලැස්ති වෙන්ඩ.අපි OL විභාගයෙන් තවත් ලකුණු 2ක් ගන්නයි යන්නෙ.
මෙම රුපය පැහැදිලව ,විස්තරත් සමග ඇද ගන්ඩ.
රුපය අදින විට ඊතල,අංක ,අකුරැ වර්න එ ආකාරයටම බිසිල් බොඩ් එකක හරි කැලැන්ඩරයක ඇද ගන්ඩ.
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
Audio Track 🔊
හොදයි දැන් හොදින් පොස්ටරය බලාගෙන පාඩම් කරන්ඩ.අදට පාඩම අවසන් කරමු.
ආයුබෝවන්
Tuesday, 21 April 2020
සංගීත
විෂය - සංගීතගුරුභවතා - රංග ගුණවර්ධන මහතා
පාඩම - නව නාට්‍ය ගී
පන්ති පැවැත්වූ දිනය - 2020.04.21
වේලාව - ප.ව. 04.00 - ප.ව. 05.00
.......................................................................................................
පුතේ, දෙවන වාරයට නියමිත පළමු වන පාඩම අපි අවසන් කලා. අද තියෙන්නෙ දෙවන පාඩම .
නව නාට්‍ය ගී
අපි මේ පාඩමට අදාළ සටහන ලියා ගන්නට ලෑස්ති වෙමු.
නව නාට්‍ය ගී යනු වේදිකාවක් මත නාට්‍ය රග දක්වමින් ගයනු ලබන ගී විශේෂයකි.සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නාට්‍යනුසාරයෙන් චරිත නිරූපණය කරමින් නාට්‍ය රග දක්වමින් ගයනු ලබන ගී නව නාට්‍ය ගී ලෙස හදුන්වයි. නව නාට්‍ය කලාවේදී නාට්‍ය සංගීතයට ප්‍රමුඛ ස්ථානය ක් හිමිවේ. නව නාට්‍ය නිර්මාණයක් තුළ සංගීතය ප්‍රධානතම කලා අංගයක් ලෙස හැදින්විය හැක. වේදිකාවක් මත නාට්‍ය රග දැක්වීමේදී චරිතාංගයන්ට අදාළ දෙබස්, සංවාද,සිද්ධි, අවස්ථා හා නාට්‍යෝචිත අවස්ථා නිරූපණය කිරීමේ දී සංගීතයට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.
ශ්‍රී ලාංකීය නව නාට්‍ය සම්ප්‍රදායේ සමාරම්භය සනිටුහන් වන්නේ ක්‍රි.ව 1956 එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය වේදිකා ගත කිරීමත් සමගය. එතැන් පටන් බිහිවූ දේශීය නව නාට්‍ය සම්ප්‍රදාය ලෝක ධර්මී (තාත්වික නාට්‍ය) ,
නාට්‍ය ධර්මී ( ශෛලීගත), අර්ධ ශෛලීසත හා මුද්‍රා නාට්‍ය වශයෙන් බෙදා දැක්විය හැක.
ලෝකධර්මී නාට්‍ය යනු තාත්වික ස්වරූපයෙන් එනම්, දෙබස්,සංවාද,චරිතාංග,වාචික අභිනය ප්‍රමුඛව සතර අභිනයෙන් ද නාට්‍ය රගදැක්වීමයි.
නාට්‍ය ධර්මී යනු නාට්‍යමය රීතීන් හා නාට්‍යමය මූලධර්ම අනුව කිසියම් නාට්‍ය ශෛලියකට අනුව නාට්‍ය රගදැක්වීමයි.
ශෛලීගත නාට්‍ය වල අත්වැල් ගායක කණ්ඩායමක් සිටීම ඊට අනන්‍ය ලක්ෂණයකි.
අර්ධ ශෛලීගත නාට්‍ය යනු තාත්වික නාට්‍ය වල හා ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායෙහි අංග ලක්ෂණයන් මිශ්‍රව නිර්මාණය වූ නාට්‍ය වේ.මුද්‍රා නාට්‍ය යනු මුද්‍රා වලින් පමණක් අදහස් හැගීම් ප්‍රකාශනය කරන නාට්‍ය වේ.මෙහිදී හස්ත, පාද,අංග,ප්‍රත්‍යාංග මුද්‍රා මගින් වාචික අභිනයෙන් තොරව සංගීතය ප්‍රබලව යොදා ගනිමින් රග දක්වනු ලබන නාට්‍ය සම්ප්‍රදායකි.
ශ්‍රී ලාංකීය නව නාට්‍ය සම්ප්‍රදාය තුළ ඉතා ප්‍රචලිත නව නාට්‍ය කෘති කීපයක් නාට්‍ය ප්‍රභේද යටතේ නිදසුන් දැක්විය හැක.
තාත්වික නාට්‍ය
1. කැළණි පාලම
2. තාරාවෝ ඉගිලෙති
3. අංගාරා ගග ගලා බසිති
4. රතු හැට්ටකාරී
5. කුවේනි
6. රාජ කපුරු
* ශෛලීගත නාට්‍ය
1. මනමේ
2.සිංහබාහු
3.හුණුවටයේ
* අර්ධ ශෛලීගත
1. නරිබෑනා
2.බෙර හඩ
3. දෙපානෝ
4.මී පුර වැසියෝ
මුද්‍රා නාට්‍ය (පෙරදිග - ශ්‍රී ලංකාව)
1. කරධිය
2. නලදමයන්ති
මුද්‍රා නාට්‍ය (අපරදිග)
1. මානස විල
2.බැලේ
නිර්දේශිත නාට්‍ය ගීත
(අන්දරේලා නාට්‍ය)
තාරාවෝ ඉගිලෙති නාට්‍ය
රාජ කපුරු නාට්‍ය
අබුද්දස කෝලම
අදට පාඩම අවසන්
හැමෝම මේ සටහන ව්‍යවහාරික සංගීතය කොටසේ අනිවාර්යයෙන්ම ලියා ගන්න. 🙏
නැටුම්

විෂය - නැටුම්
ගුරුභවතා - විරාජ් මධුරංග මහතා
පාඩම - මණිපුරි "නර්තන සම්ප්‍රදාය
පන්ති පැවැත්වූ දිනය - 2020.04.21
වේලාව - ප.ව. 03.00 - ප.ව. 04.00
............................................................................
අයුබෝවන් 🙏දරුවෝ හැමෝටම.............
අද පාඩම...විදේශීය නර්තන සම්ප්‍රදායන් යටතේ තිබෙන
"මණිපුරි "නර්තන සම්ප්‍රදාය...............
ඒ පිළිබඳව ඔබේ විෂය නිර්දේශයට අදාළ අතිරේක කියවීම් පොතෙහි තිබෙන සටහන පළමුව යොමු කරනවා.............
ඉන්පසුව අමතර තොරතුරු සහ ඡායාරූප සමූහයක් ඔබට යොමු කරනවා.....
මේ තොරතුර ඉතා වැදගත්......
පහළින් එවන තොරතුරුත් සටහන් වලට එකතු කරගන්න....
මේ සියලු සටහන්,ඡායාරූප......
ඉතා හොඳින් අධ්‍යයනය කරන්න.........
දෙවතාවක් තුන්වතාවක් ඉතා අවබෝධයෙන් යුතුව කියවන්න........
මෙහි එන තොරතුරු එකකට එකක් ගැලපෙන පරිදි මතකයේ රඳවාගෙන පහතින් අසා තිබෙන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.....
1..මනිපුරි නර්තන සම්ප්‍රදායේ උපත් කතා දෙකක් සඳහන් කරන්න..
2..මණිපුරි නර්තන සම්ප්‍රදාය තුළ වන්දනාවට පාත්‍රවන ප්‍රධාන දෙවියන් කවුද?
3..මෙහි එන නර්තනාංග මොනවාද?
4..පංච රාස් නම් කරන්න
5.රාස් ලීලා නර්තනය කෙටියෙන් හඳුන්වන්න
6.කර්තාල් චොලම් යනු මොනවාද?
7.බෙර වලින් දක්වන අංගයේ නම කුමක්ද?
8.මණිපුරි සම්ප්‍රදාය ලෝකයට හඳුන්වා දුන් පුද්ගලයා කවුද?
9.ඒ කිනම් ආයතනයක් හරහාද?
10.මණිපුරි රංග වස්ත්‍රාභරණ පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න....
11.මණිපුරි සංගීතය හා වාද්‍ය භාණ්ඩ පිළිබඳ කෙටියෙන් හඳුන්වන්න.....
ප්‍රශ්ණ සහ පිළිතුරු ඔබ ළඟ සුරැකිව තබාගන්න.....
හොඳයි.......අදට පාඩම අවසන්......ඔබට තෙරුවන් සරණයි.....
🙏🙏🙏
චිත්‍ර
විෂය - චිත්‍ර
ගුරුභවතා - භාරත කුමාර රූපසිංහ මහතා
පාඩම - පොලොන්නරුව යුගයේ ශෛලමය . ප්‍රතිමා
පන්ති පැවැත්වූ දිනය - 2020.04.21
වේලාව - ප.ව. 02.00 - ප.ව. 03.00
.....................................................................................................
11 වසර චිත‍්‍ර කරන දරුවන් පහත පාඩම හොඳින් අධ්‍යනය කරන්න. පසුව දී ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
අනතුරුව පහත ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සපයන්න. සියලූම දෙනාට සුබ දවසක්.
Subscribe to:
Posts (Atom)
-
විෂය - බුද්ධ ධර්මය ගුරුභවතා - කුමාරගම විමලරංසි හිමි පාඩම - පුද්ගල විසමතා සහ කර්මය පන්ති පැවැත්වූ දිනය - 2020.05....
-
විෂය - චිත්‍ර ගුරුභවතා - භාරත කුමාර රූපසිංහ මහතා පන්ති පැවැත්වූ දිනය - 2020.05.17 වේලාව - ප.ව. 02.00 - ප.ව. 04.00 .......
-
විෂය - සංගීත ගුරුභවතා - රංග ගුණවර්ධන මහතා පාඩම - නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස පන්ති පැවැත්වූ දිනය - 2020.05.0...
































































