Wednesday, 13 May 2020

ගණිතය


විෂය         -   ගණිතය 
ගුරුභවතා -   චාමර අමරසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.13
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
                   ප.ව. 02.00 -   ප.ව. 04.00


.........................................................
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏

අදත් අපි සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ ඔබගේ අ.පො.ස. ( සා.පෙල ) විභාගය ඉලක්ක කරලා තවත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් කිරීමටයි.

එහෙනම් අද අපි 2008 O/L paper එකේ පළමු කොටස කරමු .

කාලය පැය 02 යි. පෙ.ව. 8 - 10
















දැන් වෙලාව ඉවරයි පුතාලා .

ඊට පස්සේ අපි හැමෝම 2 - 4 වෙනකල් online සිට පැන නැගුණු ගැටලු සම්බන්ධයෙන්   සාකච්ඡා කරමු.

එහෙනම් මම ගණනින් ගණන හදන විදිහත්,   පිළිතුරු ටිකත්, එවනවා .





ඔබට මතක ඇති අපි  මෙම පසුගිය ප්‍රශ්න පත්‍ර කිරීමට ආරම්භ කළේ ඉදිරියට මුහුණ දීමට තිබෙන සා.පෙල විභාගය ඉලක්ක කරගෙනයි. 

එතුළින් අපට 10 , 11 පන්ති දෙකෙන් මෙතෙක් ආවරණය කර ඇති පාඩම්වලින් ප්‍රශ්න සැකසී ඇති ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව  අවබෝධයක් ලබා දීම මාගේ මූලික අරමුණයි.
 ආවරණය වී ඇති පාඩම් සියල්ලගේ ම පුනරීක්ෂණ අවසන් කර ගත් පසු ඔබට ඉතිරි වන්නේ ඉදිරියේ දී කිරීමට ඇති පාඩම් කිහිපයට  අවධානය යොමු කිරීම පමණයි.

මෙවැනි අවස්ථාවක කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පුතාලා  මෙම ක්‍රම භාවිතා කළ යුතුයි.


තෙරුවන් සරණයි






Tuesday, 12 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   ජානක පුෂ්පකුමාර මහතා 
පාඩම        -  අම්ල භස්ම
පන්ති පැවැත්වූ දිනය -  2020.05.12
වේලාව -   ප.ව.02.00- ප.ව.04.00
                   
.....................................................................


සුභ සන්ධ්‍යාවක් දරුවන් හැමෝටම🙏🙏🙏.

 ගිය සතියේ අපි 8 වන ඒකකය  සහ එහි අභ්‍යාසය සම්පූර්ණයෙන් අවසන් කළ නිසා, අද අපි ඔයාලගේ විද්‍යාව පොතේ හත්වන පාඩම ඉගෙන ගමු. ඒ සඳහා මම පහළින් සඳහන් කර ඇති වීඩියෝ පටය නරඹන්න . පසුව ගිය සතියේ මම ඔබලාට ලබාදුන් දකුනු පලාත් ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලබාදීම සිදු කරන්නම්.



මම හිතනව දැන් දරුවන් හැමෝටම හත්වන පාඩමේ අම්ල භස්ම පිලිබදව අවබෝදයක් එන්න ඇති කියල.


ගිය සතියෙ මම ලබාදුන්න ප්‍රශ්න පත්‍රයට අදාල පිලිතුරු ඔයාල ලියන්න ඇති දැන් ඔයලගෙ පිලිතුරු හරිද බලන වෙලාව.











දකුණු පලාත් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු නිවැරදි කර ගත්තායින් පසුව අම්ල හා භස්ම වලට අදාල අභ්‍යාසය ඇති ප්‍රශ්ණ සඳහා  පිළිතුරු ලියන්න ආරම්භ කරන්න. ලවණ වලට අදාල කොටස අපි ලබන සතියේ කරමු.

ඔබ සිදුකල අභ්‍යසයට අදාල පිලිතුරු ලබන සතියේ පාඩම අවසන්කල පසු ලබාදෙන්නම්.

අද දවසේ විද්‍යාව පාඩම සඳහා දරුවන් බොහෝමයක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඉදිරි දින වලදීත් විද්‍යාලයේ කටයුතු සඳහා උනන්දුවෙන් සහභාගී වන්න. අද දිනට නියමිත විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතැනින් නිමාවන අතර ඔබ සැමට තෙරුවන් සරණයි.🙏🙏🙏







විද්‍යාව



විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  දේහ පද්ධති
පන්ති පැවැත්වූ දිනය -  2020.05.12
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
                   
.....................................................................


ආයුබෝවන් සියලුම දරුවන්ට .අද උදෙ වරුවෙ දේහ පද්ධති පාඩමෙ සමායෝජනය පාඩම අවසන් කරමු. එ පෝස්ටරය ඇන්දෙ නැති අය ඇද ගන්ඩ. හවස් වරුවෙ ජනක සර් තාප රසායනය පාඩමෙ ප්‍රස්න හා අම්ල භෂ්ම පාඩම කරයි.



















































ඉහත පෝස්ටරයේ සියලු කරුනු එ ආකාරයටම ඊතල,ඉලක්කම් ,යොදා ඇද ගන්ඩ.මම 9 පාඩම විස්තර කරනවා.

ඉහත පෝස්ටරය හදලා ඉවර කරපු අය නැවත සියලු පාඩම් නැවත බලන්ඩ.මොකද අපි ඊලගට පද්ධති වල රෝග ගැන ඉගෙන ගන්නයි යන්නෙ.




Audio Track🔊























Audio Track🔊

Audio Track🔊





Audio Track🔊


















































Audio Track🔊




Audio Track🔊





Audio Track🔊

දැන් පද්ධති වල රෝග පිලිබද පහත වගු ඇද ගන්ඩ.







මෙම වගු කොල වල ලියලා පාඩම් කරන්ඩ.


නැවත නැවත පෝස්ටර් කියවන්ඩ.මොකද oL විභාගයෙන් ලකුනු 8 විතර ගන්ඩ පුලුවන් කරුනු මේවගෙ තියෙනවා. අදට අපි පාඩම අවසන් කරමු. 
ආයුබෝවන්.






Monday, 11 May 2020

නැටුම්


විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.11
වේලාව -   ප.ව. 04.00 - ප.ව. 06.00


.........................................................................





කෝලම් පාඩමට කලින් 10 වසරේදී ඔයගොල්ලො ඉගෙනගත්තු සොකරි පාඩම පිළිබද මතකය ආවර්ජනය කිරීමට අද දින මම බලාපොරොත්තු වෙනවා.නැවත අපි හමුවන දිනයේදී කෝලම් පාඩමට පිවිසෙනවා.



ඔන්න සොකරි කතා පුවත අහගන්නකෝ

Audio Track🔊

ඔන්න දැන් කතා පුවත  පිළිබද  සටහනක්




සොකරි නාටකය පැවැත්වීමේ අරමුණු  මොනවද කියල ඔයාල දන්නවද? පොඩි සටහනක් දෙන්නම්.



මේකත අහල බලන්නකෝ

Audio Track🔊

එහෙනම් පැවැත්වීමේ අරමුණු  ගැන ගැටලුවක් නෑනේ.දැන් බලමු මෙමෙ නටකයේ වාදනය පිළිබද





ඉහත සටහන බලනකොට ඔයාලට පේනව ඇති  ප්‍රදේශීය වශයෙන් වාදන භාන්ඩ වෙනස් වෙන බව එය හොදින් මතක තියා ගන්න

අතීතයදී සොකරි සදහා හොරණෑවද භාවිතයට ගෙන තිබුණත් වර්තමානයේදී හොරණෑ වාදකයෙකු දකින්නට නැත

අපි දැන් බලමු සොකරි වල ගායනය පිළිබද

මේක අහන්නකෝ

Audio Track🔊

Audio Track🔊

මම ගායනා පිළිබද පුංච් සටහනක් දෙන්නම්




දැන් ඔයාලට මහන්සිද එහෙනම් සොකරි නාටකය ඇසුරින් බිහි  වුන වේදිකා නාට්‍යක් තියනව අපි ඒක බලලා ඉමු



රංග වස්ත්‍රාභරණ  හා රංග භාණ්ඩ භාවිතය දැන් අපි කතා කරමු

Audio Track🔊

Audio Track🔊

අපි දැන් බලමු සොකරිගේ හැඩ ගැන්වීම ගැන

Audio Track🔊

පරයා ඔයාලට නෙමේ කිව්වෙ හරිද ඒ මේකෙ එන චරිතයක් 😄😄එයාගෙ හැඩහුරුවත් බලන්නකෝ



දැන් බලමු අපි වෙදරාළ ගැන 🐓🐓

Audio Track🔊

දැන් බලමු සොත්තානා ගැන 👶

Audio Track🔊

සොකරි නාටකයේ චරිත නිරූපණය පිළිබද විචාරය

Audio Track🔊

Audio Track🔊

අපි සොකරිගේ චරිතය ගැන බලමු

Audio Track🔊

අපි දැන් පරයා ගැනත් බලමු

Audio Track🔊

Audio Track🔊

අපි දැන් බලමු වෙදරාළ ගැන

Audio Track🔊

Audio Track🔊

අපි මේ නාටකය රැක ගන්නෙ කොහොමද කියල බලමු




දැන් ඔයාලට මම සොකරි පිළිබද මතක් කරල දුන්නා මම පොඩි  වැඩ ටිකක් දෙන්නම් මතකද බලන්න මේ වැඩ ටික කරන්න.





අපි අනිත් දිනයේදී කෝලම් පාඩමට පිවිසෙනවා.බොහොම අපූරු පාඩමක් එතකම් කෝලම්  නොකර පරිස්සමින් ඉන්න ඕනෙ 😁😁 .


පුතාල ඔක්කොටම සුභ සැන්දෑවක් 

ආයුබෝවන් 🙏