Tuesday, 5 May 2020

ගණිතය

විෂය         -   ගණිතය 
ගුරුභවතා -   චාමර අමරසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.05
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
                   ප.ව. 02.00 -   ප.ව. 04.00


.........................................................

සුභ උදෑසනක් පුතේ..

ඔබ සැමටම 🙏
ඔබට මතක ඇති අපි පසුගිය සතියේ 2010 O/L pass  paper 1 ක සාකච්ඡා කරා .

අද අපි 2018 O/L paper එක සාකච්ඡා කරමු .


මෙි සදහා 8 - 10 දක්වා කාලය යොදා ගන්න .














පිළිතුරු  පත්‍රය



















































පිළිතුරු  පත්‍රය
















Monday, 4 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   ජානක පුෂ්පකුමාර මහතා 
පාඩම        -  රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප                                  විපර්යාස
පන්ති පැවැත්වූ දිනය -  2020.05.04
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
                   ප.ව.02.00- ප.ව.04.00
.....................................................................





සුභ උදෑසනක් දරුවනේ...

අද ඔයාලගේ විද්‍යාව පාඩම. නදිත් සර් ඔයාලට හය වෙනි පාඩම ඉවර කරා නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ රසායන විද්‍යාවට අදාල පාඩම් කිහිපයක් නිසා ඒ පාඩම් ටික මම තමයි ඔයාලට උගන්වන්නේ. අද මම ඔයාලට ඔයාලගේ පෙළ පොතේ 8 වෙනි පාඩම වන රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස කියන පාඩම ඔයාලට කියලා දෙනවා. ඒ සඳහා මම ඔයාලට වීඩියෝ පටයක් ලබාදෙන අතර එය නරඹා සියලුම දරුවන් එමගින් මම ඔයාලට ලබාදෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. 

වීඩියෝ පටය නැරඹූ දරුවන් සියලුම දෙනා දැන් ඔයාලගේ පෙළ පොතේ ඇති අටවන පාඩමට අදාල 211 පිටුවෙන් පටන් ගන්නා අභ්‍යාස මාලාව සඳහා පිළිතුරු ලියන්න පටන් ගන්න.

ඔන්න දරුවනේ අභ්‍යාසය සදහා පිලිතුරු ටික බලන්න ඔයාලගේ උත්තර හරිද කියල.





අද අපි පලමු වාරයට අදාල ‍ ප්‍රශ්න පත්‍රයක් සඳහා පිළිතුරු ලිවීමට සූදානම් වෙමු.
සුභ සන්ධ්‍යාවක් දරුවනේ. අපි සවස 2- 4 කාලය තුළ 2019 වර්ෂයේ දකුණු පළාතේ ලබාදුන් පලමු වාරයට අදාල ප්‍රශ්න පත්‍රය කරමු. එය ඔබට පළමු වාරය තුළ ඉගෙන ගත් විෂය කරුණු නැවත මතක් කර ගැනීමට පිටුවහලක් වේවි.




































Sunday, 3 May 2020

සංගීත





විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................
සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම. 2 වාරයට නියමිත 5 වන පාඩමට අපි සූදානම් වෙමු.මෙම පාඩම් සටහන ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කරගන්න.

නූර්ති නාට්‍ය කලාව ක්‍රි.ව. 1880 දී කේ.එම්.බලිවාලා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් මෙරටට හදුන්වා දෙන ලදී.නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය ක්‍රි.ව.1750 දී "අලඝනායිදු" දකුණු ඉන්දියානු සංගීතවේදියා විසින් මෙරටට හදුන්වා දෙන ලදී.නූර්ති නාට්‍ය සංගීතය සදහා උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතයේ ආභාසය ලැබී ඇත.නාඩගම් නාට්‍ය සංගීතය සදහා දකුණු ඉන්දීය කර්ණාටක සංගීතයේ ආභාසය ලැබී ඇත.නෘර්ති නාට්‍ය සංගීතයට හින්දුස්ථානී රාග තාල පාදක වී ඇති අතර නාඩගම් නාට්‍ය සංගීතයට කර්ණාටක සංගීතයෙහි රාග හා තාල පාදක වී ඇත.හින්දුස්ථානී සංගීතයෙහි කාෆි,භෛරවී,ආශාවරී,ජෞනපුරි,කමාජ් හා යෙමන් යන රාග හා දාදරා,කෙහෙර්වා, පන්ජාබ්,දීප්චන්දි,කෙම්ටො යන හින්දුස්ථානී තාල මත නෘර්ති ගී නිර්මාණය වී ඇත.දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයෙහි හනුමන්තෝඩි, ධීරශන්කරාභරනම්, කරහරප්‍රිය,හරිකාම්බෝජ,නටභෛරවී යන රාග හා පසම්,තිර්ලානා,වඩිමුඩි,තංගපාට,චාපු යන කර්ණාටක තාල මත නාඩගම් ගී නිර්මාණය වී ඇත.නූර්ති නාට්‍ය අංග සම්පූර්ණ වේදිකාවක් මත රග දැක්වූ අතර නාඩගම් නාට්‍ය රග දක්වන ලද්දේ පොළව මට්ටමේ සිට උස්ව සාදන ලද "කරළිය" නම් ස්ථානයෙහිය.

නූර්ති නාට්‍ය සංගීතයෙහි ප්‍රධාන ස්වර වාද්‍ය භාණ්ඩය ලෙස "හාර්මෝනි‍යම්

(සර්පිනාව) ද ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාව යොදා ගන්නා ලදී.නාඩගම් නාට්‍ය සංගීතයේ දී ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය ලෙස මද්දලය යොදා ගත් අතර ස්වර වාද්‍ය භාණ්ඩ ලෙස හොරණෑව,සර්පිනාව යොදා ගන්නා ලදී.

නූර්ති නාට්‍ය ගීත වල අනන්‍ය වූ සංගීතාංගයක් ලෙස "දොහොරාව"(Adlib) යෙදෙන අතර නාඩගම් නාට්‍ය ගීත වල අනන්‍ය සංගීතාංගයක් ලෙස "උරුට්ටුව"යෙදෙනු ඇත.දොහොරාව යනු තාලයක්‍ රහිතව ගැයෙන ගීත කණ්ඩයකි.උරුට්ටුව යනු නාඩගම් වලදී ගීතයේ වේගවත්ව ගයනු ලබන ගීත කණඩයකි.

නාඩගම් නාට්‍ය ගීත වල පොතේඉන්නිසය,තෝඩායම,පොතේවිරිදුව හා ගද්‍ය පාඨ ද යන සුවිශේෂී අංග ඇතුලත් වන අතර නූර්ති නාට්‍ය ගීත වල වැඩි වශයෙන් දක්නට ඇත්තේ නාට්‍යයේ තේමාවට අනුව නිර්මාණය වූ ගීතයන් වේ.

නාඩගම් නාට්‍ය බොහොමයක් ක්‍රිස්තියානි ආගමික කතා පුවත් අතර නූර්ති නාට්‍ය බෞද්ධ හා ඓතිහාසික කතා පුවත් හා විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.හින්දුස්ථානී ස්ථායී අන්තරා ගී ආකෘතියක් නූර්ති නාට්‍ය ගීත වල පැහැදිලිව දැක ගත හැකි වන අතර නාඩගම් නාට්‍ය ගීත වල එවැනි ආකෘතිමය ස්වරූපයක් නොමැත.නාඩගම් නාට්‍ය කොටසේ වශයෙන් රාත්‍රී 7ක් පමණ එක දිගට නැරඹිය යුතු අතර නූර්ති නාට්‍ය එකම දින පැය 2 පමණ කාලයක් තුළ රග දක්වනු ලබයි.නූර්ති නාට්‍ය ගීත කර්ණ රසායන මධුරතා ගුණයෙන් යුක්ත වූ අතර නාඩගම නාට්‍ය ගීත එළිමහන් වේදිකාවක මද්දලයේ ධ්වනිය ශුතිය ලෙස ගෙන උස් හඩින් ගායනා කල බැවින් ගීත වල කඨෝර,රළු ස්වභාවයකින් යුක්ත විය.

නාඩගම් නාට්‍ය වල ප්‍රධාන චරිතාංග ලෙස "පොතේගුරු" (සූත්‍රධාරී) ,බහුභූතයා,සෙල්ලම් ළමා යන චරිත දැක්විය හැක.නූර්ති නාට්‍ය වල විවිධ නාට්‍යයන්හි තේමාවට අනුව චරිතාංගයන් යෙදේ.නූර්ති නාට්‍ය සංගීතවේදීන් ලෙස විශ්වනාත් ලව්ජි,අබ්දුල් සතාර්,ජඨා ශංකර් යන අය නූර්ති නාට්‍ය ගීත වලට තනු නිර්මාණය කර ඇත.නාඩගම් නාට්‍ය සංගීතවේදීයෙකු ලෙස " අලඝනායිදු" දැක්විය හැක.සිංහල නූර්ති නාට්‍ය කලාවේ පියා ලෙස "සී.දොන් බස්තියන්" කලාකරුවා ගෞරවයට පාත්‍ර වේ.ඔහු විසින් රචිත ප්‍රථම සිංහල නූර්තිය "රොලීනා" වේ. නාඩගම් නාට්‍ය කලාවේ පියා ලෙස පිලිප්පු සිංඣෝ මහතා ඉතිහාසයට එක්වනු ඇත. ඔහු විසින් රචිත ප්‍රථම සිංහල නාඩගම " ඇහැලේපොළ" නාට්‍ය වේ.

ප්‍රචලිත නූර්ති නාට්‍ය කෘති ලෙස, සිරිසගබෝ,වෙස්සන්තර,ශ්‍රී වික්‍රම රාජසිංහ,දුටුගැමුණු,
හේමමාලි,රාමායණය,
විදුර,පද්මාවතී,ඔතෙලෝ,උත්තරරාම,සකුන්තලා,රොලීනා යනාදී නාට්‍ය කෘති ලෙස දැක්විය හැක .ප්‍රචලිත නාඩගම් නාට්‍ය කෘති ලෙස,ඇහැලේපොළ,

ඉයුජින්,බ්‍රම්පොඩ්,බැලසන්ත,සිංහවල්ලි,රජ තුන් කට්ටුව,සදකිදුරු ආදී නාට්‍ය කෘති දැක්විය හැක.

* නූර්ති හා නාඩගම් සංගීතයෙහි වෙනස පහත වගුව ඇසුරෙන් සංසන්දනාත්මකව ඔබට අධ්‍යයනය කල හැක.



ඉහත දක්වා ඇති පාඩම නිවැරැදි සටහන් කරගනිමින් අධ්‍යයනය කරන්න.




















































සියලුදෙනාටම තෙරුවන් සරණයි.

ආයුබෝවන් 🙏








නැටුම්



විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පාඩම       -   නර්තන කලා‌වේ නුතන ප්‍රවණතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00

.........................................................................













කලින් වීඩියෝ එක ඇහැ කණ ඇරගෙන බලන්න ඇති නේද

අපේ නැටුම් ලෝකෙ නැටුම් සම්ප්‍රදායන් එක්ක ගණුදෙනු   කරන හැටි  බලන්න




ඒවගේම අපේ සංස්කෘතියට  හානි නොවෙන අකාරයෙන් විනයානුකූලව නැටුම වේදිකාවට ගෙන ඇති අයුරු  බලන්නකෝ....








බලන්න බොහොම අපූරුවට ගායනය,වාදනය  ඇතුළුව සියලුම තාක්ෂණික ක්‍රම භාවිතා වෙලා තියන ආකාරය

අපේ සම්ප්‍රදායික දේවල් වලට නව මුහුණුවරක් දීල වේදිකාවට ගෙනත් තියන ආකරයත්  බලන්නකෝ....



ඉහත නිර්මාණය චන්න විජේවර්ධන සර් කරේ අපේ සම්ප්‍රදායික නාග ගුරුළු නැටුම පාදක කරගෙන. මේක නේද විය යුක්තේ

අපේ නැටුම් අදවෙන විට සමහර ආයතනය තුළ මේ තත්ත්වයෙන් පැවතුණත් මුලු රට පුරාම මේ තත්ත්වයට තියනවද කියන එක ප්‍රශ්නයක් . ඒවලි වැඩක් නෑ පඩමට එමුකො.

ඔයගොල්ලන්ට විෂය නිර්දේශයට අදාළ ව තිබෙන    සටහන මම එවන්නම්.මම ඉහත කතා කරපු කරුණුත් මදක්  හිතන්න. විභාගයට අදාළ වෙන්නෙ මම දාන මෙමෙ සටහන.










































ඉහත සටහන පිළිබද සොයන් අධ්‍යනයක යෙදී පොතේ සටහන් කර ගන්න



නැවත හමුවෙමු 

🙏ආයුබෝවන්



සිංහල




විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.05.03
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00

..........................................................


Audio Track🔊






Audio Track🔊









Audio Track🔊

Audio Track🔊

Audio Track🔊

Audio Track🔊



තෙරුවන් සරණයි