Sunday, 17 May 2020

චිත්‍ර


විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.17
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


.................................................................

ආයුබෝවන් දරුවනේ 


පටන්ගමු අපේ චිත‍්‍ර පාඩම
අද ඔයාලට ඉතාම වැදගත් පාඩමක් පටන්ගන්නයි සුදානම.

පාඩම වර්ණ පිළිබඳවයි

වර්ණ






වර්ණ පිළිබඳ සටහන තවත් ආකාරයකින් දක්වන්න පුළුවන් ඔයාලා කැමති ආකාරයෙන් මතක තියාගන්න




නිල් කහ රතු මුලික වර්ණ ලෙස සලකනවා




නිල් කහ රතු යන මුලික වර්ණ වලින් දෙකක් එකිනෙකට මිශ‍්‍ර කිරීමෙන් ද්විතියීක වර්ණ සැදෙනවා

ඒ කියන්නේ දම්, තැඔිලි සහ කොළ ද්විතියීක වර්ණයි

මේ වර්ණ පාඩම ලියන පොතේ රූප සටහන් සහිතව ලියාගන්න





ඇසට සිසිලසක් ගෙන දෙන වර්ණ ශීත වර්ණ ලෙසද ඇසට උණුසුමක් දැනෙන වර්ණ උෂ්ණ වර්ණ ලෙසද සැලකේ






ඊලගට අපි බලමු විසංගත වර්ණ කියන්නේ මොනවද කියලා



පහත රූප සටහනෙන් මෙය ගවත් පැහැදිලි වේවි.



 ඔයාලා හොඳ අවබෝධයෙන් මේ වර්ණ පාඩම අධ්‍යනය කරන්න. 
ප‍්‍රායෝගික කොටසෙදි (මෝස්තර වලදි) ඔයාලට සමහර මෝස්තර වර්ණ කරන්න කියනවා විසංගත වර්ණ වලින් අන්න ඒ වගේ අවස්ථාවක දි වර්ණ පිළිබඳ පුළුල් අවබෝධයක් නැතිනම් අදාල කි‍්‍රයාකාරකමෙන් ලකුණු ගන්න ලැබෙන්නේ නෑ






මේ තියෙන්නේ එලෙස විසංගත වර්ණ වලින් කරපු නිර්මාණ කිහිපයක්. ඔයාලත් උත්සාහ කරලා බලන්න පුතේ. එවැනි නිර්මාණ මට බලන්න මගේ පුද්ගලික වට්ස්ඇප් එකට එවන්න.




කලින් මම ඔයාලට විස්තර කළා ශීත වර්ණ පිළිබඳව නමුත් පරිසරය දෙස බලලා ඔයාලා මේ පිළිබඳව විමරශනය කරලා නැතුව ඇති. ඉහත රූපසටහන දැක්කට පසුව ඔයාලට හිතෙයි මේ පිළිබඳව සොයාබලන්න.

උෂ්ණ වර්ණ පිළිබඳවත් මේ වගේ රූපස ටහනක් තියෙනවා දරුවෝ සියලුම දෙනා බලන්න.






වර්ණයක ලා පැහැයේ සිට තද පැහැය දක්වු වූ වර්ණ වර්ණයක ප‍්‍රභේද කියලා හඳුන්වන්න පුළුවන්. මෙයට අපි කියනවා වර්ණයක පැහැඅන්තරය කියලා. වර්ණයක ටෝන් එක කියලා කියන්නෙත් මේ දේටයි





හොඳයි පුතේ දැන් වර්ණ පිළිබඳ යම් අවබෝධයක් ඔයාලට ලැබෙන්නට ඇති. 
අපි මේ වර්ණ පාඩම ඇසුරෙන් පොඩි අභ්‍යාස කිහිපයකුත් කරමු නේද?




පුතාලා වර්ණ ගැන ඉගෙන ගත්තනේ. අපි වර්ණ ගැන ඉගෙන ගන්නේ පරිසරයෙන්. මේ අපි ඉන්න පරිසරයෙන් තමයි අපිට වර්ණ ලැබෙන්නේ. ඉතින් අපි අනාගත පරපුරටත් මේ වර්ණ දකින්න ඉතිරි කරන්න ඔ්නේ. අපි ජීවත්වන ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මේ වර්ණ නිසයි. අපි අනාගත පරපුර සඳහා මේ වර්ණ සුරකිමු.

තෙරුවන්සරණයි දරුවනේ. 
අපි තවත් චිත‍්‍ර පාඩමකින් යමුවෙමු.










සිංහල


විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.05.17
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00



..........................................................


Audio Track🔊






Audio Track🔊





පුරවැසි අධ්‍යාපනය


විෂය         -   පුරවැසි අධ්‍යාපනය
ගුරුභවතා -   මලිත් අතුකෝරාල
පන්ති පැවැත්වූ දිනය -  2020.05.16
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


...........................................................

AudioTrack🔊 









AudioTrack🔊 

AudioTrack🔊









Saturday, 16 May 2020

බුද්ධ ධර්මය


විෂය         -     බුද්ධ ධර්මය
ගුරුභවතා -   කුමාරගම විමලරංසි හිමි
පාඩම       -   බෞද්ධ අනන්‍යතාව සුරකිමින්                          සහජීවනයෙන් ක්‍රියා කරමු
පන්ති පැවැත්වූ දිනය -  2020.05.16
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00

.........................................................

ආයූබෝවන් දරුවනේ

අද බුද්ධ ධර්මය පාඩමට සූදානම් වෙමු


 බෞද්ධ අනන්‍යතාව සුරකිමින් සහජීවනයෙන් 
ක්‍රියා කරමු.

පිටුව 10 වන පාඩම 74 පිටුව
දරුවනේ මහාචාර්ය දේවාලේගම මෙධානන්ද හිමියන් විසින් රචිත මෙ ලිපිය කියවමු.
උපුටා ගැනීමකී..


බුදු සිරිත බුදුදහම හා ආගමික සහජීවනය

" මිසුන්ගේ අධ්‍යාත්මික ගතිලක්ෂණ, සිතුම් පැතුම්, ගතිගුණ, අභිරුචිය, රසිකත්වය ඔවුන්ගේ අනේකවිධ චර්යාවන්, ජීවිකා වෘත්ති, අත්දැකීම්, මිනිසුන් වටා ඇති පරිසරය මේ ආදී බොහෝ දෑ ඇසුරුකොටගෙන බිහිවී, වැඩී, විකාශයට ලක්ව ඇති ආගම වූ කලී ශිෂ්ටාචාරය, සභ්‍යත්වය මෙන්ම සංස්කෘතිය සමඟ ද නොයෙක් අයුරින් බැඳී පවතින්නකි. "

ඉතිහාසය තුළ, ඈත මෑත සෑම යුගයක ම මිනිසාට සහ සමාජයට ද විශිෂ්ට මාර්ගෝපදේශකයෙකු වූ ආගම ජීවිතයේ භෞතික උවමනාවන්ගෙන් ඔබ්බට මිනිස් නෙත් යොමු කරවයි. මානව සිතුම් පැතුම් මෙන්ම අත්දැකීම් හා පරිසරය ද සැබැවින්ම විවිධාකාර ය. විචිත්‍ර ය. එබැවින් ම ලෝකයේ ආගම්ද විවිධාකාර වේ. අරමුණ, ස්වභාවය, චර්යාධර්ම, වත් පිළිවෙත් ආදී කරුණු අරබයා සපුරා සමතාවයක් දක්නා නොලැබෙන බව සැබෑවක් වන නමුදු ශරීර වර්ණය, භාෂාව, ජාතිය, කුලය, ගෝත්‍රය ආදී කරුණුවල දී මෙන්ම මෙහිදී ද කිවයුත්තේ මිනිසුන් වශයෙන් සියලු ආගම් අදහන සියල්ලන් සමාන වන බව ය. එබැවින් ම විවිධ වූ ආගම් අදහන්නවුන්, පිළිපදින්නවුන් සහජීවනයෙන් එකමුතුව විවිධත්වය තුළ ඒකත්වයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. සාමකාමී බව, සහෝදරත්වය හා මිනිස්කම නිසැකව ම සමාජය තුළ පැවතිය යුතු බැවිනි.

බුදුදහම වූ කලී එක් අතෙකින් මධ්‍යම දේශනාවකි. ශාස්වතවාදයට හෝ එය පාදක කොටගෙන උපන් කවර වාදාන්තරයකට හෝ නොවැටුණු බුදුරජාණන් වහන්සේ ඒ කිසිවකට පක්ෂ ද නොවූහ. විපක්ෂ ද නොවූහ. එබැවින් ම ඒ කිසිදු වාදයක්, දෘෂ්ටියක් සමඟ නොගැටුණෝ ය. අශාස්වතවාදයට හෝ එය පාදකකොටගෙන උපන් කවර වාදාන්තරයකට හෝ නොවැටුණු උන්වහන්සේ ඒ කිසිවකට පක්ෂ හෝ විපක්ෂ නොවූහ. එබැවින් ඒ කිසිදු වාදයක් දෘෂ්ටියක් සමඟ නොගැටුණෝ ය. නිබඳවම සිද්ධාන්තමය වශයෙන් දාර්ශනික මධ්‍යස්ථතාවයෙහි පිහිටා එය ද අන්තවාදයක් කොට නොගෙන හේතුඵල ධර්මය නම් වූ පටිච්ච සමුප්පාදය වදාළහ. අනෙක් අතින් බුදුදහම එකී මධ්‍යම දේශනාව මත පිහිටා ඊට අනුගත වූ මධ්‍යම ප්‍රතිපදාවක් උගන්වයි. ශාස්වත වාදයෙහි ප්‍රායෝගික පිළිවෙත වූ අත්තකිලමතානුයෝගය විවිධ දුෂ්කර ව්‍රත අනුගමනය කළ යුතු යැයි ද, එයින් ආත්ම විමුක්තිය ලද හැකි යැයි ද ඉගැන්වූ අන්තවාදයක් වූයේ ය. අශාස්වතවාදයෙහි ප්‍රායෝගික පිළිවෙත වූ කාමසුඛල්ලිකානුයෝගය කම් සුවය ම ඉගැන්වූ අන්තවාදයක් වූයේ ය. ශාස්වත, යන එකී අන්තවාදයන්ට නොවැටී මධ්‍යම දේශනාව වූ පටිච්ච සමුප්පාදය දේශනා කළ බුදුන්වහන්සේ එම අන්තවාදයන්ටම අනුගත වූ අත්තකිලමතානුයෝගය, කාමසුඛල්ලිකානුයෝගය යන අන්තවාදයන්ට ද නොවැටී මධ්‍යම ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන්හ.

මධ්‍යම දේශනාවක් වූ ද, මධ්‍යම ප්‍රතිපදාවක් වූ ද, බුදුදහම අනුව, සිය දහමට ගරහන විට කිපීම ද, පසසන විට සතුටු වීම ද නොමනා ය. ඒ අවස්ථා දෙකේ දී ම කළ යුත්තේ ඉවසිලිමත්ව, බුද්ධිමත්ව ගරහන්නාට ද, පසසන්නාට ද, කන් දී ඇති තතු වටහාගැන්ම ය. ඒ බුද්ධානුශාසනයයි. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත් එතන්හි දී ඔබ විසින් කෝප නොඉපදවිය යුතු ය. නොසතුට, සිත්හි අමනාප බව නොඉපදවිය යුතු ය. එසේම, අනුන් මගේ හෝ ධර්මයෙහි හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එහි දී ද ඔබ විසින් පී‍්‍රතය නොඉපදවිය යුතු ය. සොම්නස නොඉපදවිය යුතු ය. සිතෙහි පී‍්‍රතියෙන් ඉල්පුණු බව නොකළ යුතු ය. එසේ කෝපවීම මෙන් ම, පී‍්‍රති වීම ද ශ්‍රාවකයාට ම අහිත පිණිස වන බවත්, අනුන් කියන දෙයෙහි ඇත්ත නැත්ත දැන දැක ගැනීමට බාධක වන බවත් බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් වදාළහ. මෙම බුද්ධවචනය අනුව යන බෞද්ධයා සිය දහම අරබයා වුව ද උපේක්ෂා සහගත වන්නෙකි. ඔහුට සෙසු ආගමිකයන් සමඟ සුහදව සිටීමට හැකිබව අමුතුවෙන් කිවයුතු නොවේ.

බෞද්ධ ප්‍රතිපදාව නිබඳව ම සර්ව සාධාරණ ය. එහිලා ආගමික සීමාවන්ගෙන් තොරව ම පිළිපැදිය යුතු සාරධර්ම ද, අත්හළයුතු අසාර ධර්ම ද උගන්වනු ලැබේ. ගෙහසික ශීලය නොවේ නම් ගිහි බෞද්ධයෙකුගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. එහි දී පරපණ නොනැසිය යුතු ය. පරපණට ගරු කළ යුතු ය. එය සුරැකිය යුතු ය. හිංසනයෙන්, බිය වැද්දීමෙන් වැළකිය යුතු යැයි කියැවෙයි. දයා පරවශවැ සියලු පණ ඇත්තවුන්ට හිතවත්ව, සානුකම්පිතව ක්‍රියා කිරීමටම ඉගැන්වෙයි. එහිලා ආගමික සීමාවන් නැත. කවර ආගමිකයෙකු වුව ද ඔහු සප්‍රාණ මනුෂ්‍යයෙකි. සිය ජීවිතය පි‍්‍රය කරන්නෙකි. තමා වැනිම දඬුවමට නොකැමැති, නිදහස කැමැති අයෙකැයි සැලකිය යුතු ය. සියලු සත්ත්වයන්ට ජීවිත දානය දීම බෞද්ධ පිළිවෙතයි. එහිලා ආගමික හෝ වෙනත් කුමන හෝ විශේෂත්වයක් සලකනු නොලැබේ. මේ අයුරින් ම නුදුන් දේ ගැනීම, දුන් දේ කැමැති වීම, අසම්මත වූ අශිෂ්ට වූ කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, ශිෂ්ට සම්මත අඹුසැමි සබඳතා පැවැත්වීම, රැවටීමෙන් මුසාවෙන් වැළකීම, සත්‍යවාදී වීම, අහිතකර වූ මදයට ප්‍රමාදයට හේතු වන උත්තේජන භාවිතයෙන් වැළකීම, සිහියෙන් යුක්ත වීම යන පඤ්චශීලයෙහි එන සියලු චර්යාවෝ ආගමික සීමාවන්ගෙන් තොරවෙති. පංච දුෂ්චරිතයෙහි එන සමාජ විරෝධී ක්‍රියාවන් හුදෙක් බෞද්ධ සීමාව තුළ පමණක් සාවද්‍ය යැයි නොසැලකේ. එම ක්‍රියාවන්ගෙන් වැලකී පඤ්ච සත්චරිතයෙහි යෙදීමේ දී ද එබඳු සීමාවෙක් නැත. මෙබදු පිළිවෙත් රකින්නෙකුට සාමයික සහජීවනයෙන් විසීමට අමුතුවෙන් ඉගැන්වීම අනවශ්‍ය ය. ඔහු ජාතිය, ආගම, භාෂාව, කුලය, ගෝත්‍රය, ශරීරවර්ණය හෝ මිනිස් නොමිනිස්බව පවා සැලකිල්ලට නොගන්නා, ඒ සියලු විශේෂත්වයන් පසෙකලා මානව දයාවෙන් පමණක් නොව සකළ ජීව හිතවාදී බවින් යුතු තැනැත්තෙකු වන බැවිනි.

බුදුදහමෙහි ඉගැන්වෙන සිව් බඹ විහරණය ද මෙහි දී නිදසුන් කොට දැක්විය හැකි ය. කේන්ද්‍රීය බෞද්ධ සාරධර්ම ලෙස සලකාගත යුතු එම පිළිවෙත් තුළ ද ආගමික සීමාවක් හෝ වෙනත් සීමාවක් නොපැණෙයි. ‘මෙත්තාව‘ එනම් සියලු සත්ත්වයන්ගේ සෙත, යහපත, සුවය, සැපත අපේක්ෂා කිරීම, කරුණාව එනම් දුකටපත් කවරෙකුට වුව ද සානුකම්පිත වීම මුදිතාව එනම් කවරෙකුගේ වුව ද යහපත, දියුණුව දැක අව්‍යාජව ම සතුටුවීම, උපේක්ෂාව එනම් මැදිහත් චින්තනය යන බ්‍රහ්ම විහරයන් සියලු ජාතීන්ට, ආගම්, කුල, ගෝත්‍රාදියට අයත් මිනිස් නොමිනිස් සියල්ලන් වෙත පතුරුවා කි‍්‍රයා කරන බෞද්ධයාට ආගමික සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතු නැත.” එසේම දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව සමානාත්මතාව සමාජ වර්ගීකරණයන් නොසලකා සැමට සම ව සැලකීම ද බෞද්ධ පිළිවෙත ය.” ඒ අනුව ක්‍රියා කරන බෞද්ධයා නිසැකව ම සහජීවනයෙන් යුක්ත වූවෙකි. ආගම හෝ වෙනත් විශේෂතාවයක් සලකා පරෝපකාරයෙහි යෙදීමට, පි‍්‍රය වචනයෙන් කතා කිරීමට, අර්ථචර්යාවෙහි නියැළීමට බුදුසමය උගන්වා නැති බැවිනි. මෙසේ මෙකී නොකී සියලු බෞද්ධ සාරධර්මයන් සමාජ විෂමතා සැලකිල්ලට නොගෙන ක්‍රියාවට නැගිය යුතු අතර, එය සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වීමට අනුබල දෙයි.

බුදුරජාණන් වහන්සේගේ සාමයික සහජීවන ආදර්ශය ද සිත්ගන්නා සුළු වෙයි. මෙත්තා කරුණා දී උතුම් ගුණ ධර්මයන්ගෙන් හා අද්විතීය ප්‍රඥා මහිමයෙන් ද පිරිපුන් අසම සම ශාස්තෘවරයෙකු වූ බුදුන්වහන්සේ ඉතා ප්‍රසන්න වූ සෞම්‍ය පැවැත්මෙන් යුක්ත වූහ. එබැවින් ම ඉතා සුහදව සියලු ආගමිකයන් හා සබඳකම් පැවැත්වූහ. සහජීවනයෙන් විසූහ. විවේකී අවස්ථාවල අන්‍යාගමිකයන්ගේ ආරාමවලට වැඩමකොට ඉතා හිතවත්ව ඔවුන් ඇසුරු කළ අවස්ථා, ඔවුන්ට දැනමුතුකම් දුන් අවස්ථා සහ පිළිසඳර පැවැත් වූ තැන් ද සුත්‍රාන්තයන්හි දක්නා ලැබෙයි. එයින් උරුවෙල කාශ්‍යප නම් වූ පන්සියයක් ජටිලයනට නායක වූ මහා ජටිලයන්ගේ අසපුවට බුදුරදුන් වැඩම කළ පුවතත්, ඔහුගේ කැමැත්ත ද විමසා එම අසපුවෙහි ගිණිහල්ගෙයි වැඩ සිටි පුවතත් ඉතා ප්‍රකට ය. එම ජටිල නායකයා සහ බුදුරදුන් අතර ඇති වූ සුහද කතාබස් ද පෙළ දහම වාර්තා කරයි. එසේම ඔහුගේ අසපුවෙහි මහ යාගයක් එළඹ සිටි අවස්ථාවෙහි බුදුරදුන් එහි වැඩ නොසිටින්නේ නම් මැනවැ’ යි උරුවෙල කාශ්‍යපයන් තුළ පැවති අදහස දැනගත් පසු එතැනින් බැහැරට වැඩම කළ බවක් ද සඳහන් වෙයි. ඔහුගේ ආගමික කටයුතුවලට බාධා නොවන පිණිසත්, ඔහුගේ ශ්‍රාවකයන් තමන් වහන්සේ වෙතට යොමුවීමෙන් ඔහුට සිදුවිය හැකි අවාසිය මග හරවනු පිණිසත් එසේ බැහැරට වැඩම කිරීමෙන්ද පෙනී යන්නේ නිබඳවම අන්‍ය සාමයික උතුමන් සමග සුහදත්වයෙන් යුතුව, ඔවුනට කරදර නොවන පරිදි කටයුතු කිරීමට බුදුරදුන් ක්‍රියා කළ බව එම යාගය අවසන් වූ පසු නැවතත් බුදුහිමියෝ උරුවෙල කසුප්ගේ අරම වෙත වැඩම කළහ.

මෙලෙසින් ම, වච්ඡගොත්ත පිරිවැජියාගේ අරමට බුදුරදුන් වැඩම කළ පුවත ද පෙළ දහමෙහි වාර්තා වී තිබේ. එවකට බුදුරදුන් වැඩ සිටියේ විශාලා නුවර කූටාගාර ශාලාවෙහි ය. වච්ඡගොත්තයෝ ඉතා සුහදව උන්වහන්සේ පිළිගත්හ. ස්වාමිනි වඩිනු මැනවි. වඩිනු මැනවි. ඔබ වහන්සේ මෙහි වැඩම වූයේ බොහෝ කලෙකිනි. ඔබ වහන්සේගේ පැමිණීම ඉතා අගනේ ය . වැඩ හිඳිනු මැනවි. අසුන් පනවා තිබේ. මෙසේ පැවසූ වච්චගොත්ත තෙමේ ද මිටි අස්නක් ගෙන එකත්පසෙක හුන්නේ ය. බුදුරදුන් පොට්ඨපාද පිරිවැජියාගේ අරමට වැඩම කළ පුවත ද, මෙබඳුම නිදසුනකි. පොට්ඨපාද තෙමේ බුදුරදුන් සිය අරමට වඩිනු දුරදීම දැක උස්හඩ, මහා හඬ ඇතිව ඝෝෂා කරමින් සිටි සිය පිරිස නිහඬ කළේ ය. ‘පින්වත්නි, නිහඬවන්න, නිහඬවන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වැඩමවති. නිහඬ බවෙහි ගුණ කියන, එයට කැමැති උන්වහන්සේ අප නිහඬබව දැක මෙහි වැඩම කළහොත් එය අපට මහා ලාභයකි’යි සිය සව්වන් දැනුවත් කළේ ය. පිරිස නිහඬ විය. බුදුරදුන් එහි වැඩම කළ අතර ඉහත කී වච්ඡගොත්ත මෙන්ම පොට්ඨපාද ද ඉතා සුහදව බුදුරදුන් පිළිගත් බව සඳහන් වෙයි.’ විටින් විට වෙනත් ආගමිකයෝ ද බුදුරදුන් හමුවට ආහ. අභය රාජ කුමරු, උපාලි ගෘහපති, සේල බ්‍රාහ්මණාදීන් මීට නිදසුන් වේ. ඔවුන් සමඟ ද බුදුරදුන් ඉතා විවෘතව, දැහැමි පිළිසඳර බස් දෙසූ සැටි සූත්‍ර දේශනාවල වාර්තා වී තිබේ.


Audio Track🔊

Audio Track🔊

Audio Track🔊





ඉතින් සදහන් 10 11 වසර වලට අදාළව පාඩම් දෙක සදහා ම අභ්‍යාස වලට පිලිතුරු සපයන්න

11 වසරේ බුද්ධ ධර්මය පොතෙ 10 වන පාඩමේ ක්‍රියාකාරකම 1 ප්‍ර්ස්නය කරන්න