Monday, 18 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   ජානක පුෂ්පකුමාර මහතා 
පාඩම        -  අම්ල භස්ම
පන්ති පැවැත්වූ දිනය -  2020.05.18
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
                   
.....................................................................


සුභ උදෑසනක් වේවා දරුවන් සියලුම දෙනාට...🙏🙏🙏

 අද ඔඔයාලගෙ විද්‍යාව පාඩම. අද අපි ගිය සතියේ සාකච්ඡා කළ පාඩමේ ඉතිරි කොටස පිළිබඳව සාකච්ඡා කරමු

අද පාඩමට අදාළව ඔයාලට මම වීඩියෝ පටයක් ලබාදෙන අතර එම වීඩියෝ පටය නරඹා මම ඔයාලට එවන සටහන ඔයාලගේ සටහන් පොතේ සටහන් කර ගන්න. අද අපි හත්වන ඒකකයට අදාළ සියළුම සටහන් සටහන් පොතේ ලියා ගමු. 






































සටහන සම්පූර්ණ කරගත් දරුවන් පාඩමෙහි ඉතිරි අභ්‍යාස කොටස කරන්න පටන් ගන්න. අභ්‍යාසයේ එක් කොටසක් ගිය සතියේ අපි කරපු නිසා ඉතිරි කොටස පමණක් අද කරන්න.



මේ තියෙන්නෙ දරුවනේ හත්වන පාඩමේ අභ්‍යාස සඳහා පිලිතුරු එම පිළිතුරු ඔබගේ පිළිතුරු සමග සංසන්දනය කරන්න.

එහෙමනම් දරුවනේ අද උදෑසන විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා.

 සවස් වරුවේ ව්ද්‍යාව පාඩම සිදු කිරීම සඳහා නදින් සර් ඔබව හමුවේවි.

දරුවන් හැමෝටම සුභ දවසක්...🙏🙏🙏








Sunday, 17 May 2020

චිත්‍ර


විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.17
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


.................................................................

ආයුබෝවන් දරුවනේ 


පටන්ගමු අපේ චිත‍්‍ර පාඩම
අද ඔයාලට ඉතාම වැදගත් පාඩමක් පටන්ගන්නයි සුදානම.

පාඩම වර්ණ පිළිබඳවයි

වර්ණ






වර්ණ පිළිබඳ සටහන තවත් ආකාරයකින් දක්වන්න පුළුවන් ඔයාලා කැමති ආකාරයෙන් මතක තියාගන්න




නිල් කහ රතු මුලික වර්ණ ලෙස සලකනවා




නිල් කහ රතු යන මුලික වර්ණ වලින් දෙකක් එකිනෙකට මිශ‍්‍ර කිරීමෙන් ද්විතියීක වර්ණ සැදෙනවා

ඒ කියන්නේ දම්, තැඔිලි සහ කොළ ද්විතියීක වර්ණයි

මේ වර්ණ පාඩම ලියන පොතේ රූප සටහන් සහිතව ලියාගන්න





ඇසට සිසිලසක් ගෙන දෙන වර්ණ ශීත වර්ණ ලෙසද ඇසට උණුසුමක් දැනෙන වර්ණ උෂ්ණ වර්ණ ලෙසද සැලකේ






ඊලගට අපි බලමු විසංගත වර්ණ කියන්නේ මොනවද කියලා



පහත රූප සටහනෙන් මෙය ගවත් පැහැදිලි වේවි.



 ඔයාලා හොඳ අවබෝධයෙන් මේ වර්ණ පාඩම අධ්‍යනය කරන්න. 
ප‍්‍රායෝගික කොටසෙදි (මෝස්තර වලදි) ඔයාලට සමහර මෝස්තර වර්ණ කරන්න කියනවා විසංගත වර්ණ වලින් අන්න ඒ වගේ අවස්ථාවක දි වර්ණ පිළිබඳ පුළුල් අවබෝධයක් නැතිනම් අදාල කි‍්‍රයාකාරකමෙන් ලකුණු ගන්න ලැබෙන්නේ නෑ






මේ තියෙන්නේ එලෙස විසංගත වර්ණ වලින් කරපු නිර්මාණ කිහිපයක්. ඔයාලත් උත්සාහ කරලා බලන්න පුතේ. එවැනි නිර්මාණ මට බලන්න මගේ පුද්ගලික වට්ස්ඇප් එකට එවන්න.




කලින් මම ඔයාලට විස්තර කළා ශීත වර්ණ පිළිබඳව නමුත් පරිසරය දෙස බලලා ඔයාලා මේ පිළිබඳව විමරශනය කරලා නැතුව ඇති. ඉහත රූපසටහන දැක්කට පසුව ඔයාලට හිතෙයි මේ පිළිබඳව සොයාබලන්න.

උෂ්ණ වර්ණ පිළිබඳවත් මේ වගේ රූපස ටහනක් තියෙනවා දරුවෝ සියලුම දෙනා බලන්න.






වර්ණයක ලා පැහැයේ සිට තද පැහැය දක්වු වූ වර්ණ වර්ණයක ප‍්‍රභේද කියලා හඳුන්වන්න පුළුවන්. මෙයට අපි කියනවා වර්ණයක පැහැඅන්තරය කියලා. වර්ණයක ටෝන් එක කියලා කියන්නෙත් මේ දේටයි





හොඳයි පුතේ දැන් වර්ණ පිළිබඳ යම් අවබෝධයක් ඔයාලට ලැබෙන්නට ඇති. 
අපි මේ වර්ණ පාඩම ඇසුරෙන් පොඩි අභ්‍යාස කිහිපයකුත් කරමු නේද?




පුතාලා වර්ණ ගැන ඉගෙන ගත්තනේ. අපි වර්ණ ගැන ඉගෙන ගන්නේ පරිසරයෙන්. මේ අපි ඉන්න පරිසරයෙන් තමයි අපිට වර්ණ ලැබෙන්නේ. ඉතින් අපි අනාගත පරපුරටත් මේ වර්ණ දකින්න ඉතිරි කරන්න ඔ්නේ. අපි ජීවත්වන ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මේ වර්ණ නිසයි. අපි අනාගත පරපුර සඳහා මේ වර්ණ සුරකිමු.

තෙරුවන්සරණයි දරුවනේ. 
අපි තවත් චිත‍්‍ර පාඩමකින් යමුවෙමු.










සිංහල


විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.05.17
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00



..........................................................


Audio Track🔊






Audio Track🔊





පුරවැසි අධ්‍යාපනය


විෂය         -   පුරවැසි අධ්‍යාපනය
ගුරුභවතා -   මලිත් අතුකෝරාල
පන්ති පැවැත්වූ දිනය -  2020.05.16
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


...........................................................

AudioTrack🔊 









AudioTrack🔊 

AudioTrack🔊